Sunday, September 12, 2010

දහ අට සන්නිය



නවය නපුරුය.
9 x 2 = දහ අටය.
ඒ නිසා දහ අට දෙගුණයක් නපුරුය.
දහ අට සන්නිය නටන්නේ  නපුරු යක්කුන්ව එළවන්නටය.
එළවපු පමණින් යකා නිකංම යන්නේ නැත.
යන යකා යන්නේ කොරහත් බිඳගෙනය.
කොරහ බිඳුනාම වෙන්නේ බරපතල පාඩුවකි.
එවිට හදිස්සියට අත දමන්නට එකක් නැතිවන්නේය. 
හදිස්සියට කොරහේ අත දාන්න වෙන්නේ අඬුව තියෙද්දී අත පුච්චා ගත්තාමය.
අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ මකබාස්ලාය.
මකබාස්ලා ඉන්නේ යකාගේ කම්මලේය.
කම්මල යකාගේ නිසා කොච්චර එලෙවුවත් යකා ආපහු එන්නේ කම්මලටමය.

අන්තිමට නටපු නැටුමකුත් නැත 
බෙරේ පලුවකුත් නැත. 
හදිස්සියකට අත දමන්නට තිබුණු කොරහේ කෑලිත් නැත
යකා කියපු  තරම් කළුත් නැත.
යකාට ආවඩ අයුබෝ වේවා !!!

( H2N2 උණ විකාරයෙන් ලියන ලද්දකි )

[ 12 - Sep - 2010 ]

34 comments:

තීර්ථ යාත්‍රිකයා said...

මකර හරිම නිර්මාණශීලී නෙව. අපේ සාහිත්‍යට එකතු කරමුද අලුත් අංගයක් “මකර කවි“ කියලා......

Chanaka Aruna Munasinghe said...

@ තීර්ථ යාත්‍රිකයා

මේක කවියක් නෙවෙයි ආයුබොවන්ඩ. මේක ඇවිල්ලා මොකක්දෝ එකක් :D

තීර්ථ යාත්‍රිකයා said...

ඒ මොකද්ද එකේ ශෛලියට මම නං ඕං හෙනට මනාපයි

හා පැටික්කි (MS) said...

මං බැලුව ඒත් අයියා යකා ගැන කියන්න අරන් ‍කොරහ ගැන කියනවද කියලා.......

උණ විකාර එව්ව ‍හොඳ සිහි ඒවට වඩා හොඳයි ව‍ගේ...... :P :P

Abeetha Edirisinghe said...

පාර්ලිමේන්තුවේදි අහන ප්‍රශ්න වලට මර්වින් සිල්වා දුන්න උත්තරයක් වගේ.... අහගෙන ඉන්න එකාට පටන් ගද්දි හිතෙන එක නෙමෙයි අන්තිමට හිතෙන්නෙ... උඹ මචන් උණ විකාරෙන්ම ඉදපන්..... එලකිරිz...හිකිස්....

දුකා said...

මේක නම් නියමයි කියන්නේ කොල්ලෝ උපරිමයි . . . . මේ වගේ අපූරු නිර්මාණ එලියට එන්න උඹට හැමදාම H2N2 උණ හැදින්න කියලා ප්‍රාර්ථනා කරන්න හිතෙනවා බන් . .. hiks

Anonymous said...

යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ ද නැත, කියල ඔන්න මාත් දැම්මා කොමෙන්ටුවක්.

මටත් බැරිද දන්නෑ අර උණ විකාරය ටිකක් ඉල්ල ගන්න.

Buddhi said...

හරියට ''මේ මොකද්ද එක'' වතුර නැතුව මිනිස්සු මැරෙන්නෙ කිම!? කියලා අහපුවාම දුන්නු උත්තරේ වගේ නොවැ.

වතුර නැතුව මිනිස්සු මැරෙන්නෙ කිම?
වතුර නැතිව ගිය කල මිනිස්සු පිහිනන්නේ කෙසේද?
පිහිනනු බැරිව ගිය කල ගීලි මියයන්නේ නොවේදැ!

(මකරාට පමණක් පෙනෙන්ට මේ මකරා මේකට සෙයා බටන් කෑල්ලක් දානවා හලෝ. සෙයා කරන්ඩ ඔට්ටුවෙන්ඩ එපැයි)

දුමී said...

මකරට හදිස්සියේ සම්බෝලයක් හරි අනාගන්න තිබ්බ කොරහත් නැතිවෙලා වගේ. දැන් ඉතින් වෙන විදිහකට තමා අනාගන්න තියෙන්නෙ.

වන්නි said...

ඒක නෙමේ බොල මොකද්ද අර H2N2 උණ?

චේජනා said...

මටත් තියෙන්නෙ කුෂාන්ගෙ ප්‍රශ්නෙ, මේ වගෙ මකර කතාවක් ලියවෙන උණ මොකද්ද කියල

තිස්ස දොඩන්ගොඩ said...

අර දුක් මහන්සියෙන් කතන්දරකාර මහත්තයා රැකගත්ත පවුලේ පෝස්ට් එකට පස්සේ මගේ සිත් ගත්තු එලම පෝස්ට් එක...
මොන විකාරෙන් හරි නියමටම ගලපලා තියනවා බන්...!
මැක්සාම තමා...
ඔබේ නිර්මාණශීලිත්වයට මගේ අචාරය...

ස්වප්නා said...

හිහ්. නියමයි :)

Buddhi said...

කුෂාණයා H2N2 කියන්නෙ ඌරු උනේ හොඳම එක. මකරට ඌරු උණ හැදිලා :D

Anonymous said...

ඕන්න මමත් maxa කිව්වා.. මේ වගේ නිර්මාණ හදන්න H2N2 හොද නොවේවා....

Anonymous said...

මකරට උණ ද...

උණ සන්නිපාතය...

18 තව දවස් දෙකකින් අමතකයි කාටත්....

මෙ පිං බලෙන් මකරාට නිදුක් නිරෝගී සුව අත්වේවා....

priyantha said...

මකරාට හැමදාම උණ තියෙනම් හොඳයි. එතකොට උණ විකාරෙන් ලියන මෙවගේ ඒවා අපට කියවන්න ලැබෙනවානේ. ඇත්තට H2N2 උණ හැදෙන්නේ මකරුන්ට විතරද. ඒ හැදුන ඔක්කොම මේ වගේ ඒවා ලියනවද? 18 සන්නියත් බලන් ගියාම මාරයිනේ.

මාරයාගේ හෝරාව said...

මකරාගේ හිත යකාගේ කම්මල වී ඇති සෙයකි.
මට දුක එක කරුණකටය..
යන යකා කොරහා බිඳ නොනැවතී මකරාගේ අඩුවද රැගෙන ගිය එකටය...
කරන්නට දෙයක් තිඛෙ...
අර ඉතිරි වූ ඛෙර පළුවට වතුර පුරවා අත බැරිනම් වෙන එකක් හරි එහි දැමීමය...
හැබැයි පුතෝ එකක්..
හරි දේ හරි තැනට නොදැම්මොත් මක බාස්ට කියාවත් නැවත එය සෑදිය නොහැක...

``` Outsider``` said...

ඇත්තටම බලන් ගියාම ඒ තොවිලෙ වගේම හැම තොවිලෙම කොරහත් නැති කරල ඒකත් අමතක කරනව.
18 ත් ඒ වගේ තමයි අද වෙද්දි..

Anonymous said...

hiks...!

පිස්සා පලාමල්ල said...

මකර හැමදාමත් උන විකාරෙන්ම ඉන්න ඕනි... මේක උපරිමයි නොවැ.

malee_msg said...

මේක නම් මරු මකරයියේ...!

Chanaka Aruna Munasinghe said...

@ තීර්ථ යාත්‍රිකයා

මගේ මොකක්දෝ එකට මනාපය දුන්නට ස්තූතියි
==========
@ හා තඩියා

අහු වෙද්දෙන්කො කන් කෙටි දෙක තව ටිකක් දික් කරන්න, ග් ර් ර් ර්
===========
@ අභීත

පාර්ලිමේන්තුව ??? මර්වින් සිල්වා ඉන්නේ ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් වල නෙවෙයිද

Chanaka Aruna Munasinghe said...

@ දුකා

අනේ මන්දා. දුකාටත් උණක් හෙම්බිරිස්සාවක් හැදුනම තේරෙයි ඒකෙ රඟේ. ස්තූතියි
==============
@ sameerausa

ටිකක් නෙවෙයි ඔක්කොම හරි ගනියෝ. මට මේ එපා වෙලා ඉන්නෙ
==============
@ බුද්ධි

වතුර නැතුව ගිලෙන කතාව මරේ මරු. ඊලඟ දවසෙ මොනව හරි ලියද්දි සෙයා බටන් එකක් දාඤ්ඤං ඈ

Chanaka Aruna Munasinghe said...

@ දුමී

හෆොයි ඒ අස්සෙ සම්බෝල මතක් කරලා. සම්බෝලයක්වත් තිබ්බනම් මක්කා හරි කන්න තිබ්බා. දැන් කට තිත්ත හින්දා කන්නෙම චොකලට්
==========
@ කුෂාන් ඇස්. වන්නිආරච්චි , චේජනා

H2N2 කියන්නෙ මකර උණට
===========
@ තිස්ස දොඩන්ගොඩ

ස්තූතියි. ඔන්න අද තමයි මකර රජදහනට ආවා කියල ආගමන විගමන සටහනක් දාල ගිහින් තියෙන්නෙ. මීට කලින් ඇවිත් තියෙන්නෙ හොරෙන් හොරෙන් නෙ

Chanaka Aruna Munasinghe said...

@ ස්වප්නා

ස්තූතියි
==========
@ බුද්ධි

ඌරු උණ == H1N1, මේක ඇවිල්ලා H2N2
=========
@ Anonymous

හෆොයි , මේ කවුරුවත් උණ හොඳ වෙන්න කියන්නෙ නෑනෙ. තවම මට උණ

Chanaka Aruna Munasinghe said...

@ wath

අන්න හොඳ අක්කෙක්. මේ අනිත් ඔක්කොමලා කියන්නෙ දිගටම උණ තිබියන් කියලනෙ. ඒක නෙවෙයි 18 කියන්නෙ මොකක්ද ? මටත් මතක නෑනෙ
==========
@ priyantha.ඒබී

හෆොයි. උණ හොඳ වෙනකම් ආයෙ මොකවත් ලියන්නෙ නැතෝ
===========
@ මාරයාගේ හෝරාව

කොරහ බයිපාස් කරලා කෙලින්ම ටැප් එකට අත අල්ලන්න පුළුවන්නෙ.

Chanaka Aruna Munasinghe said...

@ ``` Outsider```

ඒකනෙ. යකාට ආවඩ ආයුබෝ වේවා !!!
=============
@ nethara.

:D . Tnx
=============
@ පිස්සා පලාමල්ල

හෆොයි , මේ යක්කු එකෙක්වත් උණ හොඳ වෙයන් කියන්නෙ නැත්තෙ මොකදෝ ???
=============
@ malee_msg

ස්තූතියි මලී නඟෝ

Buddhi said...

@ බුද්ධි
ඌරු උණ == H1N1, මේක ඇවිල්ලා H2N2

ඒක තමා බලහං මම මොකද්ද කියලා තියෙන්නෙ. මම කියලා තියෙන්නේ ඌරු උන එකේ හොදම එක කියලා. H1N1 ඌරු උණ H2N2 හොඳම එක.

විකී said...

මකරා කියංනේ ජනශ්‍රැතිය අගේට පූට්ටු කරන්ට පුළුවන් හාදයෙක්. සුභපැතුම්.

Chanaka Aruna Munasinghe said...

@ විකී

ස්තූතියි ගැමියෝ
============
@ බුද්ධි

උණ වල මොන හොඳක්ද ? හැදුනනම් තේරෙයි

Rachintha Jayawardhana said...

නියමම නියමයි මචන්!

අලුත් කොල්ලා | The New Guy said...

කම්මල ලඟ සිට.......

කම්මලේ බල්ලාට හෙන ගෑහුවත් ගානක් නෑත.....
බලු වලිගය උණ පුරුකේ දෑම්මත් කෙලින් කරන්නට බෑරිය...
උණ ගහකින් පුරුක් අයින් කර වතුර බිව්වේ නලපාන ජාතකේ වඳුරාය...
වඳුරා හෑට පෑන්නත් බිමින් යන්නේද නෑත...

http://aluthkolla.blogspot.com/

Anonymous said...

A gamana meyaa makara sanniya nataxda hadhanawa wage!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D