Friday, October 1, 2010

ගම රට එපා වෙන්නෙ ඇයි ???




අද ළමා දිනේ දවසෙ ළමයි ගැන කතා දෙකක් මතක් වුණා. 

ඔන්න එකමත් එක කාලෙක රුසියාවෙ හිටපු ඒකා-අධිපති පාලක ස්ටාලින්ට පොඩි මාධ්‍ය සන්දර්ශනයක් පවත්වන්න හිතුනාලු .මේකට සහභාගි කරව ගත්තේ තෝරාගත් ජනමාධ්‍යවේදීන් සහ ඉස්කෝල වල ළමයි පිරිසක්ලු.


මේ සන්දර්ශනයට පෙරපුහුණුවක් එහෙමත් තිබ්බලු (එහෙම නැතුව බෑනෙ) . තිර පිටපතේ හැටියට ස්ටාලින් අහම්බෙන් යනවා වගේ ළමයි අතරට ගිහිල්ලා එක ළමයෙක්ගෙන් ප්‍රශ්න 2ක් අහනවලු. ඉතින් ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හොඳ හුරුබුහුටි කොලු පොඩ්ඩෙක්ව හොඳට කටපාඩම් කරවල පුහුණු කෙරෙවුවලු.

ඔන්න මාධ්‍ය සන්දර්ශනය දවසෙ තිර පිටපතේ හැටියට වැඩේ හොඳට නැහල ගියාලු. ස්ටාලින්ගෙ කතාවෙන් පස්සෙලු අර ළමයෙක්ගෙන් ප්‍රශ්න අහන අංගෙ තිබ්බෙ. ඔන්න ඉතින් ස්ටාලින්ගෙ ආරක්ෂකයො ස්ටාලින්ව අර ළමයා ගාවට එක්කන් ගියාලු  .  ඔන්න ජවනිකාව පටන් ගත්තලු


ස්ටාලින් :  පුතාගෙ අම්මා කවුද ?
ළමයා    :  ( මහා හයියෙන් ) , මගේ අම්මා තමයි සෝවියට් දේශය


ස්ටාලින් :  එතකොට පුතාගෙ තාත්තා කවුද ?
ළමයා    :  ( මහා හයියෙන් ) ජෝශප් ස්ටාලින්

ස්ටාලින්ට හරි සතුටුයිලු. ළමයා හිතුවටත් වඩා හොඳට ජවනිකාව රඟපාපු හින්දා. ඉතින් සතුට වැඩි කමට මේ ළමයට මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල හිතපු ස්ටාලින් ළමයගෙන් තව ප්‍රශ්නයක් ඇහුවලු


ස්ටාලින් :  පුතා කැමත්තෙන් බලාපොරොත්තු වෙන මොනව හරි දෙයක් තියෙනවද ?

ඔය ප්‍රශ්නෙට කලින් උත්තරයක් කටපාඩම් කරවල තිබ්බෙ නැහැලු.ඉතින් ඒ ළමයා තමන්ගේ හෘදසාක්ෂියට එකඟව මහා හයියෙන් බෙරිහන් දුන්නලු


ළමයා : මට අම්මයි තාත්තයි දෙන්නම නැති අනාථයෙන් වෙන්න ඕනියෝ.....
======================

ස්ටාලින් ගැන කතාවනම් කවුරු හරි දේශ ද්‍රෝහියෙක් සෝවියට් සමූහාණ්ඩුවේ රජය අපහසුතාවයට පත් කරන්න හදපු බොරු කතාවක් වෙන්න ඇති, ඒත් මේ දෙවෙනි කතාවනම් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ එකමත් එක පිටිසර ගමක පුංචි පාසලක ඇත්තටම වෙච්ච සිද්ධියක් කියලා අවුරුදු ගාණකට කලින් පත්තරේක තිබ්බා.

ඔන්න ඒ චූටි පන්තියෙ චූටි ටීචර් චූටි ළමයින්ට මගේ රට ගැන කියල දෙනවලු. ලංකාව තමයි ලෝකෙ උතුම්ම රට, සෞම්‍ය දේශගුණයක් තියෙනවා, ස්වභාවික විපත් නෑ. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ. පළතුරුද, කිරිද, බත්ද, පොල්ද..  ඔය හැම ජාතියකින්ම ලංකාවට කිසිම අඩුපාඩුවක් නෑ.

ඔහොම උගන්නනකොට එක චූටි ළමයෙක් අඬන්න පටන් ගත්තලු. "ටීචර් මම ඊයෙ රෑට කෑවෙත් නෑ, අද උදේට කෑවෙත් නෑ , තේ එකක් විතරයි බිවුවෙ, අනේ ටීචර් මටත් ලංකාවට යන්න ඕනෙ " කියලා
======================

හැබෑටම සමහර අයට මේ විදිහට ගම රට එපා වෙන්නෙ ඇයි. කේන්දරේ එපා කරපු අනං මනං ග්‍රහ යෝග තිබ්බමත් එහෙම වෙනවලු. හැබැයි ඒ මනුස්සයගෙ කේන්දරේද රටේ කෙන්දරේද කියලනම් හරියටම දන්නෙ නෑ. 

පලි:
----
කේන්දර ගැන යමක් කමක් දන්න මාරයා වගේ කෙනෙක්වත් ලංකාවෙ තත්කාල කේන්දරේ පොඩ්ඩක් බැලුවනම් මොකද?

[ 01 - Oct - 2010 ]

19 comments:

h said...

ගම රට එපා වෙන්නෙ ඉතිං උංගෙම තම තමන්ගෙම අවුල් නිසා මිස රටේ පුරස්ණ නිසා නෙවෙයිනේ... ;-) ලංකාවෙ කේන්දරේ තියෙන්නෙනම් අනාගතේ අහස්චර්යයන් වෙනව කියල වෙන්න ඇති...

Buddhi said...

දෙවැනි කතාව මරු. අපිත් ඉන්න තිබ්බේ ලංකාවේ. හැබැයි ඔය හැමදේම ලංකාවේ තියන හින්දා එහෙ උං හෙන කම්මැලියොලු... ඈත්තද ඒක මකරෝ?

malee_msg said...

සුභ ලෝක ළමාදිනයක් වේවා මකරයියේ...!

BLOG ගඩොල් said...

මටත් ලංකාවට යන්න ඕනියෝ!

Anonymous said...

මටත් නම් ලන්කාවට යන්න ඔනා වගේ... සුබ ලමා දිනයක් වෙවා..

හරී - පිණිපළස said...

ඉතින් මේ ලංකාව දාලා ආයෙ වෙන කොහේ යන්නද අපි?

ස්වප්නා said...

මොන ප්‍රශ්න තිබුණත් මම නං මගේ රටට කැමතියි.

charmi said...

මාත් පඩි ගත්තේ 24. අද පර්ස් එතේ ඉතුරු රු. 85 යි. අනේ මකරො මටත් ඉතුරු දවස් විසිපහ ජීවත් වෙන්ඩ ලංකාවට ගිහින් දාපං..!

``` Outsider``` said...

මෙහේ හිටියොත් බඩගින්නේ මැරෙන්න වෙනව ලංකාවට හොරෙන් යන බෝට්ටුවක්වත් සෙට් කරල දීපන්කො....

Hasitha Gunasinghe said...

සිරාම කතා 2 ක්. ගම රට එපා වුණාම හිස හැරුණු අතේ යන්න හිතෙනවාලු නේද ?

Anonymous said...

මට නම් මේ රට එපා....

පබලු said...

රටින් විතරක් නෙවෙයි ජීවිතෙනුත් යන්නත් හිතෙනවා සමහර වෙලාවලට......

Bunny said...

අපායට ප්ලේන් එකක් නැද්ද මකරෝ ?

Hasitha ජයසූරිය said...

මම ලංකාවට ඇත්තටම ආදරෙයි.. ඒත් දැන් ලංකාවෙ වෙන දේවල් වල හැටියට ලංකාවම එපා වෙලා තියෙන්නෙ.........අපෝ දැන්නන් මේ රටින් ඉක්මනටම වෙන කොහෙට හරි යන්න තියෙනවනන් වෙන මොකුත් ඕන් නෑ

Chanaka Aruna Munasinghe said...

@ h

අනාගත ආශ්චර්යයන් කියලා ආතර් සී ක්ලාක් මහත්තයගෙ පොතක්නම් තියෙනවා.
===============
@ බුද්ධි

දෙවෙනි කතාව ඇත්ත කතාවක්ලු.( ජාතික පුවත්පත් වල බොරු පල කරන්නෙ නෑ කියලා උපකල්පනය කරලා ). ම්ම් හැමදේම තියෙන හින්දා කම්මැලි වෙලා ඇති. මම හරියටම දන්නෙ නෑ. ඒක ගැන ඇත්ත නැත්ත හොයල බලන්න කම්මැලියි
===============
@ malee_msg

මලී නඟාටත් එසේම වේවා !!!

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

එහෙම ලේසියෙන් ලංකාවට යන්න බෑ. කොහොමටත් ලංකාවෙ පූසන්ට වේකන්සීස් නෑ
===============
@ නිම්ශා

මෙන්න හැමෝටම ලංකාවට යන්න ඕනෙ වෙලා ඒ පාර. ඔයාටත් සතුටුදායක ළමා දිනයක් වේවා !!!
================
@ හරී

මෙන්නෝ ලංකාවෙ ඉන්න වාසනාවන්තියෙකුත් කොමෙන්ට් කරලෝ. මේ ඔය ලංකාව තියෙන්නෙ මැද පෙරදිග පැත්තෙද ඈ. ඔයා ඉන්නෙ ඩුබායි කිට්ටුව කියල මම දන්නවෝ. ඒත් ඒ ලංකාවෙ කියල දැනන් හිටියෙ නැතෝ

Chanaka Aruna Munasinghe said...

@ ස්වප්නා

අන්න හොඳ ළමයෙක්. මොකක්ද ඔයාගෙ රට ?
============
@ charmi

පඩි සල්ලි වලින් ටොෆී කෑවද ?
============
@ ``` Outsider```

මොකටද බෝට්ටු. නැවකට ගොඩ වෙලා හම්බන්තොට වරායෙන් ගොඩ බැස්සනම් හරි

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ස්තූතියි. ඔව් එහෙම වෙනවලු
============
@ wath

මේ රට හැර වෙනත් රටවල් තිබේද ?
============
@ පබලු

හෆෝයි , එහෙම හිතෙන හිතෙන විදිහට යන්න හදන්න එපා

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

අපායට යන්න හිතෙනවනම් මේකත් කියවන්න

http://status-chanaka.blogspot.com/2010/03/blog-post_21.html

=============
@ Hasitha

ඔය කිවුවට වෙන රටකට ගියාම තේරෙයි .

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D