Friday, April 1, 2011

සිංගප්පූරුවේ මෝඩ දිනය අද නෙවෙයි හෙට





ලොව පුරාම ජනතාව ජාති ආගම් භේදයකින් තොරව මහත් සොම්නසින් සමරන ජාත්‍යන්තර මෝඩ දිනය අදයි. හැබැයි මම ඉන්න සිංගප්පූරුවේදිනම් මේ වැදගත් දිනයට පොඩි වෙනසක් වෙලා.  

කාර්යාල දිනයක් වෙන අද දිනයේ මෝඩ දින ක්‍රියාකාරකම් වල යෙදීම තහනම් බවත් ඒ වෙනුවට ආසන්නතම සති අන්ත දිනය වන අප්‍රේල් 2වෙනිදා පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෝඩ දිනය සැමරීමට යොදා ගත හැකි බවත් රජය නිවේදනය කරලා තියෙනවා.  පසුගිය වසරවල් වල කාර්යාල වේලාවන් තුලදී මෝඩ දින සැමරුම් නිසා සිදුවූ යම් යම් සිද්ධීන් නිසා මේ තීරණය ගත් බවයි කියවෙන්නේ. 

ඔබ සැමට සාමය සතුට පිරි 
මෝඩම මෝඩ දිනයක් වේවා !!!

[ 01 - Apr - 2011 ]

17 comments:

පූසා said...

අද දවසේ කියන දේවල් විශ්වාස කරන්නත් බෑ හැබැයි :D

Podi Kumarihami said...

සිංගප්පූරුවේ ඉන්න මිනිස්සුන්ට මෝඩවෙන්න හරියට දන්නෙත් නෑ. එච්චරම මෝඩයි. ඒකයි එයාලා පහුවෙලා මෝඩ දිනේ සමරන්නේ.

priyantha said...

මොන මෝඩ වැඩක්ද ඒක...:D :D :D

``` Outsider``` said...

මෙහෙත් හෙට තමයි සමරන්නෙ

සංකල්ප said...

මහම මහා මෝඩ රැලක් නේ සිංගප්පූරුවේ ඉන්නේ.

සසීන්ද්‍ර වීරසිංහ said...

සිංගප්පූරුවෙ ආණ්ඩුව තමයි ඔක්කොමලව මෝඩයො කරල තියෙන්නෙ!
නැත්තං නිවාඩු දවස්වල විතරද මෝඩයො වෙන්න පුළුවන් :/

හා පැටික්කි (MS) said...

කවද දැන් ඕක ඔහොමයි කියලා ප්‍රචාරය කරන මෝඩයා???? :D :D

Anonymous said...

අම්මට සිරි ඒ කියන්නේ උඹ සිංගප්පූරු ගියාට පස්සේ උඹේ උපන් දිනේ වෙනස් වෙලා.. හරි හරි අවුලක් නෑ... අප්‍රේල් දෙවැනිදාට... සුභ උපන් දියනක් මචං....

රත්ගමයා said...

අඩේ...ඒක හෙන කැත වැඩේ හොදේ.. දෙවෙනිදා මගේ උපන්දිනේ නේ..

කතන්දර Kathandara said...

ලඟඳිම දවසක සිංගප්පුරුවේ මෝඩ දිනය ඉවර වෙලා පේරාදෙනිය පැත්තේ ඒක පටන් ගනීද?

චමියා said...

හ්මි..

pavithra weerapperuma said...

ලොල්ය.. ඕකත් එක්තරා ගනයේ මෝඩ කතාවක් ද දන්නෙ න..

තාරක Dilsh@n said...

කවුද මෙතන මොඩයා...

මකුළුවා..... said...

කව්ද දැන් ඕක ඔය දෙවෙනිදට කල් දාපු මෝඩයා.........?
මොකද කියන්නේ මකරයියේ....අළු වෙන්න එක හුස්මක් පිඹලා දාන්නකෝ.........

Chanaka Aruna Munasinghe said...

@ Everyone

රැවටුණු නොරැවටුණු සියළු දෙනාටම ස්තූතියි. :D

jhothishalanka said...

ලබන්නාවූ සුභ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා.

Hasitha Gunasinghe said...

මේකත් නිකම් මෝඩ චූන් එකක් වගේ :))

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D