Tuesday, September 11, 2012

ශ්‍රීමත් නයිට් වරයෙකු වූ වීර සෙබළාගේ කතාව !


ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක්   නිසා  කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු. 


ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ඉතුරු වෙලා හිටියෙ රජතුමයි එකම එක සෙබළෙකුයි විතරලු.


ඔන්න ඔහොම අසරණ වෙලා ඉන්න වෙලාවෙ සුදු රටේ නුවණක්කාර රජ්ජුරුවන්ට එක පාරටම නුවණක්කාර  අදහසක් පහළ වෙලා අර සෙබළාගෙන් අසිපත ඉල්ලා ගත්තලු. ඊට පස්සෙ ඒ සෙබළාට අඩ දණින් වැටෙන්න නියෝග කරල ඒ සෙබළාගේ උරහිසට අසිපත තිබ්බලු. සාමාන්‍ය සෙබළෙක් විදිහට අඩ දණින් වැටුණු ඒ සෙබළා නැගී සිටියේ ශ්‍රීමත් නයිට් වරයෙක් විදිහට උසස්වීමක් ලබලලු.

සෙබළා නයිට්වරයෙක් විදිහට උසස්වීමත් එක්කම මහා පුදුමාකාර සිද්ධියක් වුණාලු. අන්ත පරාජයට පත් වෙලා හිටපු සුදුම සුදු රට එක ක්ෂණයකින්ම යුද්ධෙ දිනල තිබ්බලූඌඌඌඌඌඌ.

හරි දැන් කතාව ඉවරයි. කතාව තේරිච්ච නැති අය පහළ පින්තූරෙ බලන්නකෝ (පින්තූරෙ පොඩි වැඩිනම් පින්තූරෙ උඩ ඔබන්න)


1. චෙස් දන්න අයටනම් දැන් කතාව තේරිලා ඇති (සෙබළෙක්ව නයිට් වරයෙක් හරි වෙනත් විදිහකට හරි උසස් කරන්නනම් සෙබළා 8 වෙනි පේලියට යන්න ඕනෙ බවත්, මෙතනදි එහෙම වෙලා නැති බවත් චෙස් දන්න අයට පෙනිලා ඇති . ඒ වුණාට මේක සුරංගනා චෙස් කතාවක්නෙ.)

2. චෙස් නොදන්න අය "අපි නොදන්න චෙස්" කියන ජනවහර හැදිච්ච හැටි මෙන්න මේ ලිපියේ කමෙන්ට්ස් වලින් හොයා ගන්න.

3. මේ පුංචි කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශය මොකක්ද ?

[ 11 - Sep - 2012 ]

24 comments:

දුමී said...

මෙහෙම හිතිච්ච හිතිච්ච එකාව නයිට් කෙනෙක් හරි වෙන මොකෙක් හරි ඔය විදිහට කරන්න පුළුවන්නම් ඉතින් චෙස් ඇදිලි බොරු....!

සංකල්ප said...

මල කෙලියයි !

Buratino said...

ආදර්ශය තමා, "මකරා වගේ ලෝක හොරුත් එක්ක චෙස් අදින්න යන්න එපා!" කියන එක..

Anonymous said...

රජා වෙනුවට පාප්තුමා හිටියනං සෙබළව බිෂොප් කෙනෙක් කරන්න තිබුනා

Podi Kumarihami said...

ආදර්ශය: සුදු රටේ රජවරු නුවණක්කාරබව...
ඔවුන් සමග යුද්ධයට යෑම නුවණට හුරු නොවේ. :D

Anonymous said...

චෙස් දන්නේ නෑනේ... ඒක නිසා කතාව තේරුනේ නෑ හොඳේ...

♥ ළිහිණි ♥ said...

අපි නොදන්න " චෙස් " කිව්වට මම නම් චෙස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ

පැතුම් හර්ෂණ said...

“රජතුමාට හිතෙන හිතෙන ඇම්බැට්ටයොන්ට නයිට් පදවි දීලා බලතල දෙනකොට ජනතාවට හැමදාම චෙක් මේට් තමයි“

මේක නේද පුංචි අපට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය?

Unknown said...

අපොයි...චෙස් දන්නෙම නෑ.

Beetle said...

මේ පුංචි කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශය මොකක්ද ?

තමන්ගේ රජාව ගැලවෙන්න බැරි විදියට හිරකරගත්තොත් සාමාන්‍ය සෙබළෙක්ට උනත් එකපාරම ශ්‍රීමත් නයිට් වරයෙක් විදිහට උසස්වීමක් ලබාගන්න පුළුවන්... :)

අලුත් කොල්ලා | The New Guy said...

මේකෙන් අපිට හිතන්න පුළුවන් මකරා හීන ලෝකෙක ජීවත් වෙන බව :D

සුදීක said...

මම හිතුවේ නයිජීරියාවේ එවුන් පෝලිමේ සුදුරාජ ඉස්සරහ දණගහල නයිට් පදවිය ගන්නා ඇති කියලා.

මේකෙන් ගන්නා පුළුවන් ආදර්ශය තමයි තමන්ගේ ජය වෙනුවෙන් නීති පද්දති වුනත් වෙනස් කරන්න පසුබට නොවීම.

සාතන් said...

සුරංගනා කතාවක් හින්දම හොඳයි... :)

Hasitha Gunasinghe said...

පැතුම, සුදීක කිව්ව දේවල් තමා මටත් හිතුණේ...

Shenya de Silva said...

"Buratheno said...
ආදර්ශය තමා, "මකරා වගේ ලෝක හොරුත් එක්ක චෙස් අදින්න යන්න එපා!" කියන එක.."

මම හිතන්නෙත් මේක තමා ආදර්ශය :P

පූසා said...

අපේ රටේනං ඕවා සුරංගනා කතා නෙමෙයි! ;)

Anonymous said...

කියෙව්වා කතාව නම්..චෙස් නම් නොදනිමි..

Chanaka Aruna Munasinghe said...

@ දුමී

ඒකනෙ හොඳ වෙලාවට මේක සුරංගනා චෙස් කතාවක් වුනේ. නැත්තන් චෙස් ඇදල හමාරයි තමා
----------------
@ මධුරංග

කෝ මේකේ මලක් නෑනෙ
----------------
@ Buratheno

ඔය පහළින් කමෙන්ට් දාල තියෙන සුදු පූසගෙ නැට්ට පල්ලා මම චෙස් අදිද්දි ලෝක හොර කරලා නෑ

Chanaka Aruna Munasinghe said...

@ මිස්ටර් හයිඩ්

ඒකත් හැබෑව. පාප්තුමෙක් හිටියනම් සෙබළාව ටෙම්ප්ලර් නයිට් කෙනෙක් කරන්නත් පුළුවන්
------------------
@ Podi Kumarihami

පොඩ්ඩිත් සුදුයි. ඒක නිසා පොඩ්ඩි එක්ක තර්ක කරන්න යාම නුවණට හුරු නෑ
------------------
@ prasanna86k

චෙස් දන්නෙ නැති කට්ටියට කියවන්න වෙනම කතාවකට ලින්ක් එකක් තියෙනෝ

Chanaka Aruna Munasinghe said...

@ ළිහිණි

චෙස් දන්නෙ නැති වුණාට සෙල්ලම් බත් උයන්න දන්නවනෙ නේද ?
-----------------
@ පැතුම් හර්ෂණ

වෙන්න පුළුවන්
-----------------
@ නිසුපා

ඔයා ඉතින් නෙට්බෝල්වත් දන්නෙ නෑනෙ

Chanaka Aruna Munasinghe said...

@ Beetle

තමන්ගේ රජාව ගැලවෙන්න බැරි තත්වයට අසරණ කළාම කියල නිවැරදි වෙන්න ඕනෙ. හිර කරන්නෙ විරුද්ධ පක්ෂෙන්නෙ
------------------
@ අලුත් කොල්ලා

අහ් එහෙමත් හිතන්න පුලුවන් (හීනෙන් වෙන්ඩ ඇති )
------------------
@ සුදීක

නෑ නෑ නීති පද්ධතියේ වෙනසක් නෑ. එංගලන්තෙ රජතුමාට පුලුවන් ඕනෙම සෙබළෙක්ව නයිට් කෙනෙක් කරන්න. නයිට් කෙනෙක් කරන චාරිත්‍රය තමයි සෙබළාගෙ අසිපත උරහිස උඩින් තැබීම
------------------
@ සාතන්

ඇත්ත කතාවක් වුණත් ඉතින් මක් කරන්නද ?

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

හසිතටත් හිතෙන දේවල්. අලුත් යමක් හිතන්න පුරුදු වෙන්ඩ ඕනෙ. ඔහොම බෑ (අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී)
--------------
@ Shenya de Silva

හසිතට කියපු එකමයි
--------------
@ පූසා

අපේ රට කිවුවෙ ? පූස්ලන්තයද ?
--------------
@ හිරුහිමාවී

චෙස් නොදන්න කට්ටියට කියවන්න කතාවකට ලින්ක් එකක් දාල තියෙනෝ

Anonymous said...

මොන බොරුව හරි කරලා කොහොම හරි ඉතිං සුද්දව දිනවන්න තමා ඕනේ නේද? කමක් නෑ - ඔහෙට හොද නම් අපෙ මොකෝ.

Red Riding Hood said...

හිහි... මරු කතාව.. මමත් චෙස් සෙල්ලම් කලා ඉස්කෝලේ යන කාලේ..

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D