Friday, December 5, 2008

මල් මල් පූසා



ඇඟිලි තුඩට මල් පෙති වල ඇති ..........මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම............විටෙක
පාටක් කියා ගතියක් ඇත්නම්....................මලක
අයියෝ අත නොගෑවෙන එක තමයි.............දුක

( පූසො වර්ණ අන්ධයිලු. පවු .. )





[ 04 - Dec -2008 ]

7 comments:

සරත් ගුණතුංග said...

ඩැෆඩිල් මල් ගොඩකි ලස්සනටම පිපු න
පූසෙකි මල් පොකුර අත පත ගා බල න
මීයන් කුරුල්ලන් ගැන නිතරම සොය න
මලේ පාට මොකටද? මහතුනි අරු න

malee_msg said...

මොනවාද මෙයා මේ හොයන්නේ?? අනේ පව් පූසෝ විතරක් නෙවෙයි බල්ලොත් එහෙමයිලු නේද?

Aravinda said...

මම අහලා තියෙන හැටියට ගොඩක් සත්තු වර්ණ අන්ධයි

Chanaka Aruna Munasinghe said...

මනුස්ස සතාටත් එක එකකට යනකම් විතරලු පාට පෙනෙන්නෙ.අපිට පෙනෙන්නෙ නැති පාටවලුත් තියෙනවලු.

පිටස්තරයා said...

"අපිට පෙනෙන්නෙ නැති පාටවලුත් තියෙනවලු"

=D

පේන්නේ නැති පාටට වැඩිය පේන පාට විශ්වාස කරන එක හොඳයි නේද? වෙන විකල්පයක් නෑනේ

Anonymous said...

පාට පාට ලෝකේක අපි සැරිසරණ
පාට දැකල නෙත් අතරේ අන්ධ වන
පුසෝ උඹ හොදයි පාටක් නැත දකින
නෙක නෙක පාට මොකටද මේ ලොව තුලට

සංකල්ප said...

පූසන්ට මොකටෙයි මල් වල පාට. ඔන්න ඔහෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතුව

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D