Wednesday, December 10, 2008

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ


- අධිකරණයට අපහාස පිණිස නොවේ -


මගේ යාලුවෙකුට ටික කාලෙකට කලින් පොඩි (ලොකු ) අකරතැබ්බයක් වුනා. එයා යතුරු පැදිය පැදගෙන යනකොට දන්නෙම නැතුව නීතියක් උල්ලංඝනය කරල. එයාගෙ අතින් වෙලා තියෙන වැරැද්ද තමයි මෝටර් ර්ථයක් ඉස්සර කිරීම. ඉස්සර කිරීමමමත් නෙවෙයි වැරැද්ද. අවාසනාවකට වගේ මෝටර් ර්ථයේ ඉඳල තියෙන්නෙ මහාධිකරණ විනිසුරු තුමෙක්. ඒකයි වැරැද්ද . මෝටර් ර්ථයට ඉස්සරහින් පොලිස් පෙරගමන් යතුරු පැදියකුත් තිබිලා.

මහාධිකරණ විනිසුරු තුමෙක් එහෙම පාරෙ බැහැල වාහනේක යනකොට ඉස්සර කරන එක නීතියෙ හැටියට වැරැද්දක්ලු . මමනම් එහෙම නීතියක් තියෙනව කියල දැනගත්තෙත් එදා.( නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවෙයි කියලනම් දැනගෙන හිටියා ). යාලුවනම් නීතිය දැනගෙන හිටියලු. හැබැයි එයා පෙරගමන් යතුරු පැදිය දැකල නැහැලු.

ඉතින් ඊට පස්සෙ යාලුවයි පොලිස්කාර මහත්තයයි අතර මෙහෙම දෙබස්කුත් ඇති වෙලා.

පොලිස් : කොහෙද යන්නෙ?
යාලුවා : ගෙදර යනවා.
පොලිස් : මොකද පිටිපස්සෙන් ඇවිත් ඕවර්ටේක් කලේ ?
යාලුවා : නැතුව ඉස්සරහින් ඇවිත් ඕවර්ටේක් කරන්නයැයි ?
පොලිස් : තමුසෙ දන්නවද මේ කාර් එකේ ඉන්නෙ අපේ නඩුකාර හාමුදුරුවො කියල ?
යාලුවා : දන්නවනම් ඕවර්ටේක් කරනවයැයි ?
පොලිස් : දැක්කෙ නැද්ද මගෙ බයික් එකේ හෙඩ් ලයිට් දාල තියෙනවා
යාලුවා : පිටිපස්සෙන් එනකොට ඕව පේනවයැයි ?


පොලිස්කාර මහත්තයට හොඳටම තරහ ගිහින් යාලුවව උසාවියට ඉදිරිපත් කරලා.නඩුව අහල තියෙන්න කාර් එකේ ගිය විනිසුරු තුමාමයි. " නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ ".පස්සෙ වැරැද්ද පිළි අරගෙන නඩුව සමථයකට පත් කරගෙන.

(සත්‍ය කතාවක්)


ඔන්න මගෙන් පෞද්ගලික බස් වලට හොඳ අදහසක්.නිකං බොරුවට රේස් දුවන්න ඕනෙ නැහැ.නඩුකාර හාමුදුරු කෙනෙක්ව බස් එකට නග්ග ගන්න.කවුරුවත් ඕවර්ටේක් කරන එකක් නැහැ.කොහොමද ටිකිරි මොළේ.


[ 10 - Dec -2008 ]

17 comments:

Anonymous said...

පොදුජන අපිට වෙලා තියෙන්නෙ පාරෙදිත් මේ ඔක්කොම හාමුදුරුවරු උත්තමයො පිටිපස්සෙන් ගාටන්න තම‍යි. මේ උදවිය කොහෙවත් නොගිහින් තම තමන්ගෙ මන්දිර වලට වෙලා ඉන්නව නම් රට මීට වඩා දියුණුයි.

said...

මෙහෙම එකක් මන් අදයි ඇහුවෙ. ඉස්සර කරනගමන් අහන්න ඕනේ ඕකෙ ඉන්නෙ කවුද කියලා

නිලන්ත පියසිරි said...

මගේ අම්මෝ, අපත් ඔය එක එක්කෙනාවා ඉස්සර කරගෙන යනවා. කියපු එක හොඳයි පරිස්සම් වෙන්න.

Anonymous said...

මාත් අද තමයි මෙහෙම නීතියක් තියෙන බව ඇහුවෙ. කොහොම වුණත් අර දෙබස කියෙව්වට පස්සෙ බිම පෙරලි පෙරලි හිනාවුණා :D

malee_msg said...

මම නම් එහෙම එකක් ඇහුවමයි..! අර නඩුකාර හාමුදුරුවෝ කාර් එක පිටි පස්සේ ලොකු බොර්ඩ් එකක් එල්ලගෙන ගියා නම් ඔය කිසි අවුලක් නැහැ නේ...

Anonymous said...

අතල් එකටද මේ බොරුව ලියුවේ. එහෙමත් නැත්නම් මහින්ද චින්තනේට කඩේ යන්නද? මෙහෙම නිතියක් ලන්කාවේ නැත.

Chanaka Aruna Munasinghe said...


මේක බොරුවක් නෙවෙයි. පට්ටපල් ඇත්තක්.ප්‍රභූවරයෙක් රථ පෙළපාලියකින් රාජකාරි ගමනක් යනකොට අනිත් වාහන ඒකට ප්‍රමුඛතාවය දෙන්න ඕනෙලු. ඒකයි නීතිය.

මේ කියන වෙලාවෙ නඩුකාර හාමුදුරුවන්ගෙ කාර් එක පොඩි ට්‍රැෆික් එකකට අහු වෙලා නතර කරල තිබිල තියෙන්නෙ. පොලිස්කාර මහත්තය හිස ගිනි අරගෙන වගේ ට්‍රැෆික් ක්ලියර් කර කර ඉන්න කොටලු අපේ යාලුවා දැකල නැතුව වාහන අස්සෙන් දාල කාර් එකට ඉස්සර කරල තියෙන්නෙ.

මහින්ද චින්තනයෙ මේකට අදාලත්වයක් මටනම් තේරෙන්නෙ නැහැ ආයුබොවන්ඩ

Anonymous said...

හරියට හරි. ප්‍රභුවරයෙක් යනකොට ඊට ප්‍රමුකතාව දෙනු ලබේ. එහෙම නතිව නඩුකාර වරු පහු කරන්න බැ කියාලා වැනි නීතියක් නැත. ඇමති වරයෙක් යනකොට මේ දවස් වල සියලුම මිනිසුන් පරේන් අ‍යින් කෙරේ. එහෙම කියලා මිනිසුන්ට අමති වරු ඉදිරියට යන්න බෑ කියලා නිතියක් තියනවා කිව්වොත් එක කරුනු විකෘති කිරීමක්.

මහින්ද චින්තනේ මේ දවස් වල අඩිකරණයට පහර ගහනවනේ තමන්ට හිතුමතේට වැඩ කරන්න බැරි නිසා. සමාවන්න එම කතාවට.

මුහම්මද් හසන් ජුනෙයිඩීන් said...

අම්මට සිරි ගජ, අක්කට කජු මඳ...
මෙහෙම සංකර නීතිත් තියෙනවද අප්පා ලංකාවේ.. හික් හික්..

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්, මහජන මුදලින් ඒ තත්වෙට ඇවිල්ලා මෙහෙම නිතී දාන එක හරි නැහැ අනේ. :)

ආෆ්ටර් ඔෆිස් හවර්ස් මොන නඩුකාර හාමදුරුවරුකංද නේ. :) සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත්වෙන එක කොච්චර අගේද... :)

Anonymous said...

මම දන්න හාදයෙකුත් පස්වාන් දහසකට බුදු වෙන නඩුකාර හාමුදුරු උන්නාන්සෙ කෙනෙක් වඩිද්දි බස් නැවතුමක වාඩි වෙලා ඉඳලා අම්ම මෝ නැති වෙන්න බැණුම් අහගෙන තිබුනා. අනේ ....

නඩුකාර උත්තමයෙක් ගෑණු එක්ක පාරවල් ගානෙ ඉඳපු කතාවකුත් ඒ කාලෙ ජන-අප්‍රිය වෙච්ච කතන්දරෙත් මට ඒ එක්කම මතක් උනා. මේවට ඉතින් අපිට 4 හිනා. හොක් හොක් හොක් ...

Wininda said...

Wininda
මෙ කතාව ඇත්ත. මමයි ඔකෙ කතා නායකයා.
I had to spend 1000/= fine finally.

Chanaka Aruna Munasinghe said...

@winnie

අහා.. මම හිතුවෙ වැඩේ ගොඩින් බේරා ගත්තා කියලනෙ.
රුපියල් 1000/= ක් දුන්නෙ පොලිස් අංකල්ටද, එහෙම නැත්තන් ආණ්ඩුවටද ?
----------------

Anonymous said...

nadukarayo kiyanne samanya minissu nemaida????????????

Anonymous said...

mam dakala tiyenawa nuge goda patte edala ekkenek enawa bike dekakuth issara karan sadde dagena.uidde tibba davaswala.mama hituwema porath illgena kai kiyala show danna gihin

Chanaka Aruna Munasinghe said...

@ Anonymouse

ප්‍රභූවරුන්ට ඔය පහසුකම දෙන්නෙ හදිසි මාර්ග තදබදයකදි වගේ වෙලාවක පාවිච්චි කරන්න. මොකද එයාල වෙලාවට සේවයට පැමිණීම අත්‍යවශ්‍ය හින්දා.

හැබැයි සමහරුනම් ඒක ප්‍රදර්ශනාත්මක දෙයක් විදිහට පාවිච්චි කරන්නෙ. පවුලෙ අයත් එක්ක නෑදෑ ගෙවල් වල යනකොටත් අහල පහල අයට පෙනෙන්න හතර වටෙන් බයික් අරන් යනවලු

Buddhika Thambugala said...

මහේස්ත්‍රාත් උන්දැලට වෙනම නීති නෑ.. උන්ට තියෙන්නෙත් අපිට තියෙන නීතිම තමයි..

Aruni Shapiro said...

ඉස්සර වෙලා ම දාලා තියෙන gayankt කියන කතාවට තමයි මාත් කැමති.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D