Thursday, February 26, 2009

මැතිවරණ , විභාග සහ XXX


මේ දවස්වල විභාග තියෙන හින්ද මකර රජදහනෙ රාජ්‍ය පාලන කටයුතු වලට වැඩිපුර සහභාගි වෙන්නත් බැරි වුනා. ඒ අතරෙ ඔන්න ඉතින් අද තවත් මැතිවරණයකට දින නියම වුනා. ඉතින් මම මකර අධිරාජයා විදිහට ඒක ගැන මොකක් හරි ප්‍රකාශයක් නොකර හොඳ නැහැනෙ.

මෙන්න මගේ නිල ප්‍රකාශය

" හැමදාම මැතිවරණ තියන එක හරිම හොඳයි. ජනතාවට වැඩි වැඩියෙන් සහන හම්බු වෙච්චාවෙ."



ඉතින් ඔය මැතිවරණයි විභාගයි දෙකේම සමානකමුයි වෙනස්කමුයි තියෙනවා.

සමානකම් තමයි,
1. ඒ දෙකේදිම කතිර (xxx) පාවිච්චි වෙනවා.
2. දෙකටම කොමසාරිස්තුමාල ඉන්නවා
3. ඒ දෙකම නැවත පැවැත්වීම් කරන්නත් කොමසාරිස්තුමන්ලාට පුලුවන්

වෙනස්කම් තමයි,
1. මැතිවරණයකදි කතිර වැඩියෙන් එකතු කර ගත්තොත් තමයි දිනුම්. ඒත් විභාගෙකදි කතිර වැඩියෙන් එකතු කර ගත්තොත් සොරි.කොම්
(ගොඩාක් කාලෙක ඉඳන් අමතක වෙලා තිබ්බ දෙයක් මතක් වුනා.
ඇත්තටම sorry.com කියල Domain එකක් තියෙනවද බලන්න ඕනෙ කියල හිත හිත හිටියෙ. මතක් වෙච්ච වෙලාවෙ බැලුවා. තියෙනවා. හැබැයි redirect වෙනවා)

2. විභාගයකදි වංචාවක් කරල හරි නීතිරීති උල්ලංඝනය කරල හරි අහු වුනොත් අපේක්ෂකයාට ඉදිරි විභාග වලට ඉදිරිපත්වීම තහනම් කරන බලතල විභාග කොමසාරිස්තුමාට තියෙනවා. ඒ හා සමාන බලතල මැතිවරණ කොමසාරිස්තුමාටත් තිබ්බනම් කොච්චර හොඳද?

කතිර ගැන කියනවනම් කතිරත් එක එක විදිහට පාවිච්චි වෙනවා. මේ බලන්නකෝ




දියවන්නාව දෙවනත් කරන්නට
ඩෙංගු මදුරුවා මැතිසබයට!!!



අලි බෝවෙන ස්ථාන (කැලෑ ) විනාශ කරමු !


[ 26 - Feb - 2009 ]

7 comments:

Ramachandra said...

interesting:)

ශාකුන්තල | Shaakunthala said...

පට්ට! හන්තානටම ගැලපෙන ආතල් ඇදුරෙක්!! :D

Narada said...

පට්ට පට්ට, අපි නරියට, නරියා අපිට!

malee_msg said...

හික් හික් මටත් ඒක හිතිලා තියෙනවා...කතිරෙ ගහන්න කියන්නේ එපා කියන එකට වෙන්න ‍ඕනි..!

Anonymous said...

රජතුමා දෙන ආතල් නම් කියල වැඩක් නෑ. විභාග වලදි අනිත් කෙනාගෙ උත්තරේ හොරෙන් කොපි කරන්න පුළුවන් වගේ ඡන්ද වලදිත් වෙන අයගෙ ඡන්ද දාන්න පුළුවන්.

Chanaka Aruna Munasinghe said...


@Ramachandra
Thank you !

---------------------
@ ශාකුන්තල
ස්තුතියි !

--------------------
@ ෴බින්කු෴
කවුද නරියා ?

--------------------
@ malee_msg
කතිර ගහන්නෙ වැරදියි කියල ලකුණු කරන්නනෙ.
එපානම් කතිර ගහන්නෙ මොකෝ පොල්ලකින් ගහනව මිසක්.

-------------------
@ H
ඔව් ඔව්. රජවරු, සිටුවරු, ජනාධිපතිවරු, විපක්ෂනායකවරු ඔය ඔක්කොම ඉන්නෙ ජනතාවට ආතල්සපයන්නනෙ. ජනතාවට ආතල් එකේ ජීවත් වෙන්න කටයුතු සම්පාදනය කොරනව කියල පොරොන්දු වෙලානෙ ඡන්දෙ ඉල්ල ගන්නෙ.

හැබැයි ඔබතුමාට පොඩ්ඩක් වැරදිලා.මම නිකම් රජතුමා නෙවෙයි. මම ඉතින් මකර අධිරාජයනෙ
-----------------------------------------

Chrishi said...

bus amati thuma 80% fail !!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D