Friday, March 6, 2009

නුවර වීදි යටකරගෙන වැහිපිට වැහි වැස්සා


ඔන්න දැන් පේරාදෙණියට වහිනවා. මහනුවරටත් වහිනවා ඇති. සාමාන්‍යයෙන් මේ කාලෙට තමයි අන්තර් මෝසම් සක්‍රීය වෙලා වැස්ස පටන් ගන්නෙ. හැබැයි මෙච්චර දවසක් වහින්නෙ නැතුව තිබිලා අද දළදා ප්‍රදර්ශනය පටන් ගත්ත දවසෙම වහින්න පටන් ගත්ත එක පුදුමයි.



මේ වගේ දෙයක් මීට කලින් 2002 හරි 2001 දි හරි (අවුරුද්ද හරියටම මතක නැහැ ) ත් දැක්කා. ඒ අවුරුද්දෙ දළදා ප්‍රදර්ශනය පටන් ගන්න දවසෙ වහියිද නැද්ද කියලා යාලුවෙක් එක්ක ඔට්ටුවක් අල්ලපු හින්දා ඒ සිද්ධිය හොඳට මතකයි. හැබැයි එදා මම ඔට්ටුවනම් පැරදි.

[ 06 - Mar - 2009 ]

7 comments:

Anonymous said...

උතු නියාමය කියන්නේ මොකක්ද කියලා හොයලා බැලුවානම් හොදා

Anonymous said...

~~සාදු සාදු~~

Narada said...

එකත් එහෙමද? නමෝ විත්තාය!

නාමල් උඩලමත්ත said...

යටත් විජිත සමයේ මහ නියං සායක් කෙළවර වුණේ දළඳා ආශ්චර්යයෙන් මහ වැසි වැහැලා කියා මං අහලා තියෙනවා. ඒකට 'දළඳා වතුර' වගේ යෙදුමක් තමා යොදා තිබුණේ. අපේ ගම්වල ඈයොත් ලහි ලහියේ සුදානම් වෙනවා දළඳා වඳින්න නුවර එන්න. උඩරට ඈයෝ අපේ අය හොඳින් පිළිගනිවී නේද චානක?

මේවාරේ දළඳා වඳින ඇත්තන්ට උදේ සහ රාත්‍රි ආහාරයත් දළඳා මැඳුරෙන් ලැබෙනවා කියලා ආරංචියි. දුර බෑරින් එන අයට ඒක පිළිසරණක්. දළඳා හිමියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මනට අපේ රටට සාමයේ සමගියේ සොඳුරු වැසි වාසීවා! කියලා මමත් පතනවා.

මගේ රටට දළඳා හිමි සරණයි!
මගේ රටට දළඳා හිමි සෙවණයි!
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

Chanaka Aruna Munasinghe said...


@ දිසා

ඔව් ඔව් උතු නියාමය හරි.
මේ වැස්ස පටන් ගන්න කාලෙ තමයි.
මට කියන්න ඕනෙ වුනේ වැස්ස 6 වෙනිදාම පටන් ගත්ත එක ගැන. 5 හරි 7 හරි වුනත් වැස්ස පටන් ගන්න තිබුනනෙ.
අහඹු සිදුවීමක් වෙන්න පුලුවන්. හැබැයි මේ වගේ සිදුවීම් 2ක්ම මම දැකල තියෙනවා.
-----------------------------------
@෴බින්කු෴
එහෙමයි
-----------------------------------
@නාමල් උඩලමත්ත
එන්න එන්න දළඳා වඳින්න නුවර එන්න. සාදරයෙන් පිළිගන්නවා.

ඔය කියන සුද්දන්ගෙ කාලෙ කතාව මම අහල තියෙනවා. හෙට ලක්බිම පත්තරේ තිබිලත් ඒ කතාව ආපහු කියෙවුවා. ඒකට කියන්නෙ "දළඳා වතුර" තමයි.
-----------------------------------

malee_msg said...

ඊයේ ලාවට ලාවට පොද වැටිලා අද මෙහෙටත් හොදටෝම වැස්සා.. මං කිව්වේ කොළොම්පූර් වලට...

Sujeewa de Silva said...

‍‍‍ ‍දේවේ වස්සත‍ු කා‍ෙල්න‍‍‍!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D