Thursday, March 19, 2009

මකර රජදහනේ ප්‍රතිසංවිධානයක්


ගොඩාක් අය මේ දවස් වල තමන්ගෙ බ්ලොග් වල එක එක වෙනස්කම් කරනවනෙ. ඉතින් මමත් තීරණය කලා මකර රජදහනෙ ප්‍රතිසංවිධානයක් කරන්න.

කියවන අය තමයි බ්ලොග් එකක වැදගත්ම පාර්ශවකරුවො. කියවන්න අය නැත්තන් ටික කාලයක් යනකොට අපිට බ්ලොග් ලිවිල්ල එපා වෙනවනෙ. අනික බ්ලොග් එක කියවල විතරක් යන්නෙ නැතුව බොරුවට හරි comment එකක් දාල යනවනම් අපි ගොඩාක් කැමතියිනෙ.

මගේ බ්ලොග් එක කියවන අයට මෙච්චර කාලයක් ලොකු අසාධාරණයක් වෙලා තිබිල තියෙනවා , නොදැනුවත්වම වගේ. බ්ලොග් එකේ දකුණු පැත්තෙ තීරුවෙ ඉහළම තැන මගේ ෆොටෝ එකට දීල තියෙද්දි Followers ලට දීල තිබිල තියෙන්නෙ බ්ලොග් එකේ යටම තැන. හරිම අසාධාරණයි නේද ? මේ බලන්නකො.



ඉස්සර


මේක දැකපු ගමන්ම මම තීරණය කලා මකර රජදහනෙ ඉහළම ස්ථානයක් බ්ලොග් එක කියවන අයට ලබාදිය යුතුයි කියලා.ඔන්න දැන් ඉතින් මගේ විධායක බලතල පාවිච්චි කරල Followers ලට දෙන්න පුලුවන් ඉහළම තැන ( දකුණු පැත්තෙ තීරුවෙ උඩම ) ලබා දීලයි තියෙන්නෙ.

දැන් ඕනෙම කෙනෙකුට පුලුවන් Follower කෙනෙක් වෙලා මකර අධිරාජයාගෙ දෑත ශක්තිමත් කරන ගමන්ම මකර රජදහනෙ මකර අධිරාජයාටත් ඉහළින් පෙනී සිටින්න. මේ බලන්නකො.


දැන්

මකර රජදහනේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ මකර අධිරාජයාගේ දෑත ශක්තිමත් කිරීමට තවත් වැදගත් අදහස් හා යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරන්න.

[ 19 - Mar - 2009 ]

6 comments:

charithsriyan said...

අර මූනුපොතේ මොකද්ද කරන්න දන්නෙ නැහැ කියල දාල තියෙන්නෙ.ඒක කරන හැටි ගැන කාගෙන් හරි උපදේශයක් අහගන්න පුලුවන් වෙයි බ්ලොග් එකේ දැම්මොත්....:P

පිටස්තරයා said...

එළ එළ...

ඔන්න බොරුවට කමෙන්ට් එකක් දැම්මා ;)

පොතේ ගුරා said...

හික් හික්..ඔන්න අපි බොරුවට හිනා උනා!! :P :P

malee_msg said...

දැත ශක්තිමත් කර ගන්න ඕනි නම් ඉතිං හොද එක්සයිස් ටිකක් කලා නම් හරි!

නිලන්‍ත said...

දෑත ශක්තිමත් කිරීම හැක්..හැක්... ලොක්කගෙ වාක්‍යයයක් හොරකම් කරල...

Chanaka Aruna Munasinghe said...

@ Charith Weerakkody

KISS = Keep It Simple Stupid
I dont know how to KISS my room, Desktop etc ...
----------------------------------
@චමිල,පොතේ ගුරා

ස්තුතියි, ස්තුතියි. බොරුවට නෙවෙයි, ඇත්තටම.
---------------------------------
@malee_msg

අනුන්ට එක්සයිස් කරන්න උපදෙස් දෙන මලී නඟා කකුල කඩාගෙන ගෙදරලු නේද? අනේ පවු. දැන් කකුල හොඳද?
---------------------------------
@නිලන්‍ත

මමත් ඉතින් ලොක්කෙක් තමා
--------------------------------

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D