Thursday, November 19, 2009

අනේ මාව හෝදන්න


අපේ ශිෂ්‍ය විවේක කාමරයේ (Graduate Students Lounge) තියෙනවා සුදුපාට ලියන පුවරුවක් (White Board). සාමාන්‍ය සිරිත තමයි කවුරු හරි ඒක පාවිච්චි කළොත් , පාවිච්චි කරලා ඉවර වුනාම ඒකෙ ලියපු දේවල් මකලා යන එක.

ඔන්න පහුගිය දවසක උදේ යනකොට කවුදෝ මන්දා බෝඩ් එක පිරෙන්නම මොනවාදෝ ලියලා ගිහින් . මකලා යන්න අමතක වුනාද , එහෙමත් නැත්තන් කාට හරි ඕනෙ වෙන දෙයක් හින්දා මකන්නෙ නැතුව තිබ්බාද දන්නෙ නැති හින්දා මම ඒක මකන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා. හවස බලනකොට කවුදෝ ඒ ටික ඔක්කොම මකලා, බෝඩ් එකේ කොනකින් "Please Keep me Clean"කියලත් ලියල තිබ්බා. මටත් ඉතින් නිකං ඉන්න බැරුවට ඒකට යටින් සිංහලෙන් ලිවුවා "අනේ මාව හෝදන්න" කියලා.

මෙන්න බලන්න පහුවෙනිදා වෙනකොට වෙලා තිබ්බ වැඩේ..



[ 19 - Nov - 2009 ]

15 comments:

Narada said...

උඹේ කැම්පස් / ක්ලාස් ඒක පට්ටමමමමමම පට්ට නෙව! ඒක ඒක ජාතියේ වගේම තේරුම් ගැනිමේ ශක්තිය වැඩි අය ඉන්නවා නෙව! අනේ වාසනාවන්...!

Anu said...

බිපෙසි

budhajeewa said...

මරු මරු!

Kanishka said...

පට්ට සීන් එක :D

Thejan said...

කවුද බං උඹලාගේ කැම්පස් එකේ ඉන්න ෂඩ් භාෂා පරමේශ්වර ?

Chanaka Aruna Munasinghe said...

@ ~බිன்ku~

ඔව් ඔව් පට්ටමමමමමම පට්ට.
Keep Me Clean කියල මුලින්ම ලියපු කෙනාට මොනා හිතුනද දන්නෙ නැහැ ?? :D

--------------------
@ Anu, Supun Budhajeewa , Kanishka | කණියා

මේක දැකල මටත් බඩ අල්ලගෙන හිනා.
හැබැයි දෙවෙනියට ලියල තියෙන්නෙ සිංහලෙන් හින්දා කඩාකප්පල්කාරී ක්‍රියාවෙ ආරම්භකයා විදිහට මම අතේ මාට්ටු :D
--------------------
@ Thejan

මේක තනි කෙනෙක් ලියපුවා නෙවෙයි. එක එක්කෙනා තම තමන්ගෙ භාෂා වලින් ලියලා. අපි වැඩක් පටන් ගත්තොත් ඔහොමයි ඉතින් , පේනවනෙ.

ඔතන තියෙනවා භාෂා 10 කින්. හැබැයි ලියල තියෙන ඒවයෙ ඇත්ත තේරුම්නම් දන්නෙ නැහැ . දෙමළෙන්නම් තියෙන්න එකේ තේරුමනම් "බොරු කියන්න එපා" කියන එක. Keep Me Clean කියන එක නෙවෙයි

කතන්දර Kathandara said...

Deamalen thiyenne:

Poi Solla Vendaama kiyalayi

Chanaka Aruna Munasinghe said...

@කතන්දර කාරයා

පොයි සොල්ල වේන්ඩාම් කියන එකේ තේරුම "බොරු කියන්න එපා" කියන එක. Keep Me Clean කියන තේරුම නෙවෙයි

malee_msg said...

ඇත්තමට හොද ළමයි ටිකක්.. තම තමන්ගේ භාෂාව අමතක කරලා නැහැ නේ..

Chanaka Aruna Munasinghe said...

@ malee_msg

අපි ඉතින් හොඳ ළමයි තමයි. චුට්ටක්වත් නෝටි නෑ

pasindu said...

එලම තමා සහොඩරයා

බිඟූ said...

මේක උනේ "පේරා" එකේද?. අපිත් එහේ තමා...
/නිශාන්ත

Chanaka Aruna Munasinghe said...

@ නිශාන්ත අනුරුද්ධ

හී හී, මම දන්නව ඔයාව. ඔයගේ වයිෆ් මගේ Group Mate මම පේරා ඉන්නකොට.

මේක වුනේ @ National University of Singapore. !@ Pera

jelly said...

marrrrrre maru aiye.
mama asawen kiyawana deweni blog eke
owner, aiiya una eka gana mata harima sathutui.
best of luck!!!PLEASE KEEP ON WRITING.

Chanaka Aruna Munasinghe said...

@ samudrika

ස්තුතියි. මට වෙච්ච මොකටද ? අප්පේ ඔච්චර සතුටු ?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D