Sunday, March 21, 2010

අපායේ යමවරණ උණුසුම

 

මකර අධිරාජයා ඊයෙ හදිස්සියේම අපායට ගියා. ඒ එක්දින නිල සංචාරයක් සඳහා. ඒ වෙද්දි අපාය හොඳටම ගිනියම් වෙලා. ඒ ලෝදිය හින්දානම් නෙවෙයි , අපායටත් මැතිවරණ උණුසුම. වර්තමාන යම රජතුමා දැන් විශ්‍රාම යන වයසත් පහු කරලා හින්දා , අලුතින් යම රජතුමෙක් පත් කර ගන්නවද , එහෙමත් නැත්තන්  ඉදිරි වසර 6 සඳහාත් වර්තමාන යම රජතුමාවම තියා ගන්නවාද කියලා තීරණය කරන යමමත විචාරණයකට අපායෙ යමවරණ කොමසාරිස්තුමා විසින් ඒ වෙනකොට දින නියම කරලා.  

මේ යම රාජ පදවියේ සුවිශේෂත්වය තමයි යම රජතුමාට අධිකරණ හා විධායක යන බලතල දෙකම ලැබීම. අපායේ ව්‍යවස්ථාදායකයක් නෑ. අදිසි(පාතාල) යම නීතිය යටතේ පාලනය වෙන අපායෙ ව්‍යවස්ථාදායකයක් තිබිලා වැඩකුත් නෑ. අපායට මොන නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයද ? 

ඉතින් තමන්ගෙ නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඉක්මනින් ඉවර කරපු මකර අධිරාජයා වර්තමාන යමරජතුමාගේ ආරාධනයෙන් යමමත විචාරණ නිරීක්ෂණ චාරිකාවකටත් එකතු වුණා.

ඒ චාරිකාවෙදි අපිට දැකගන්න ලැබුණු දෙයක් තමයි යමපල්ලන් අති බහුතරයක් තමන්ගේ වර්තමාන යමරජතුමාට ඉතාම ආදරය කරන බව. වර්තමාන යමරජතුමාට තවදුරටත් යමරාජ පදවියේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් විසින් ප්‍රදර්ශනය කර තිබුණු බැනර්, කටවුට් හා පෝස්ටර් වලින් උපුටාගත් සංවේදී ආකර්ෂණීය වැකි කීපයක් මේ.

* අපායට සුභ අනාගතයක් ! - ආයුබෝ වේවා යම රජාණෙනි !
* අපාය පෙරට ! - අපි යම රජුට !
* අපායට නවෝදයක් ! - යමපල්ලන්ට හෙටක් !
* අපා වසන්තය ගෙන  ආ යම රජාණෙනි - යම පැටවුන්ගේ අපේක්ෂාව ඔබයි !

ඒ අතරෙ තවත් යමපල්ලො කොටසක් වර්තමාන යමරජතුමාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කරනවාට තදින්ම විරුද්ධත්වය දක්වන බව පෙනුනා. ඒ අය කියන්නෙ අපායට යමරාජ පදවියක් කියා එකක් සුදුසු නැති බවයි. ඔවුන් ඉල්ලා සිටිනේ  ඒකයමරාජ පදවිය අහෝසි කරලා යමයන් 225 දෙනෙකුගෙන් සමන්විත යමව්‍යවස්ථාදායකයකට බලය පවරන ක්‍රමයක් අපායේ ඇති කළ යුතුයි කියලයි. වර්තමාන යමරජුට විපක්ෂ යමපල්ලන් යමබළකාය නමින් සංවිධානයකුත් පිහිටුවාගෙන තිබ්බා.

කොහොම නමුත් යමරාජපාක්ෂිකයන්ගේ අදහසනම් යමරාජ පදවිය අහෝසි කරලා යමව්‍යවස්ථාදායකයකට බලය පවරන ක්‍රමයක් ඇති කළොත් අපාය දිව්‍යලෝකයක් වීමේ අනතුරක් පවතින බවයි.  වර්තමාන තත්වයන් යටතේ ඉල්ලුමට අනුව දඬුවම් සැපයීමට තරම් හැකියාවක් අපායට නැති බවත් මනුෂ්‍ය ලෝකයට දියුණුවට ගැළපෙන පරිදි  අපාය අමු අපායක තත්වයට දියුණු   කිරීමටනම් අත්දැකීම් බහුල වර්තමාන යමරජතුමා තව අවුරුදු 20ක් වත්  යමරාජ පදවියේ සිටිය යුතු බවත් යමරාජපාක්ෂිකයන්ගේ අදහසයි.  එහෙම තිබියදී යමරාජ පදවිය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින යමබළකායේ සිටින්නේ දිව්‍යලෝකයත් සමඟ එකතු වී කුමන්ත්‍රණ කරන කෙළෙහිගුණනැති යමපල්ලන් පිරිසක් කියලත් යමරාජපාක්ෂිකයන් චෝදනා කරනවා. ( මේ ගැන මකර අධිරාජයාගේ අදහස වුනේනම්, මොන ක්‍රමය ක්‍රමය යටතේ වුණත් බලයට පත්වෙන්නේ යමයෙක්නම් අපාය දිව්‍යලෝකයක් වීම වැනි විප්ලවයක් සිදුවිය නොහැකි බවයි  )

කොහොම නමුත් අපායෙ අදහස් පළ කිරීමෙ නිදහස උපරිමයි. ඒක නිසා යමබළකායෙ පෝස්ටර් වලටත් අතරින් පතර අහුමුළුවල ඉඩකඩ ලැබිලා තිබ්බා.  හැබැයි යම බළකායේ පෝස්ටර් එතරම් සංවේදී  සහ ආකර්ෂණීය බවක්නම් පෙනුනේ නැහැ. ඒවායේ සඳහන් වුනේ මෙවැනි අදහස් .

* විශ්වාසනීය වෙනසක් සමඟ අපායට යහපාලනයක්.
* යළි පුබුදමු අපාය.
* යමරාජ පදවිය මාස 6කින් අහෝසි කරනු.
* යමරාජ පවුල ගෙදර යවමු.
* යමරජ කටු ඉඹුලටත් කෙළියා නේද?


යමමතවරණ නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කරපු මකර අධිරාජායා අපායට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරලා ආපහු මකර රජදහනට පියාඹගෙන ආවා.

 - මකර අධිරාජයාගේ සමඟ අපායේ කළ නිලසංචාරයේ අත්දැකීම්  ඇසුරින්  මහේෂ් විජේසේකරගේ මාධ්‍ය දායකත්වයෙන් සම්පාදිතයි -

[ 22 - Mar - 2010 ]

25 comments:

Anonymous said...

මහේෂ් විජේසේකර ?????

Unknown said...

:)
අපායට උණත් ඉස්සල්ල යන්න ඕන කියල කතාවක් තියනවනෙ, ඊ අතින් ආසියාවේ අයිශ්චර්යා නම් සෑහෙන ඉස්සරහින් නෙව, මේක කියෙව්වම මට අපාය නිකං ඇස් ඉස්සරහ තියෙනව වගේ මැවිල පේනව ..

Arosha Uduwerella said...

Great Story and Idea .....

Excellent !!!!

Anonymous said...

"මොන ක්‍රමය ක්‍රමය යටතේ වුණත් බලයට පත්වෙන්නේ යමයෙක්නම් අපාය දිව්‍යලෝකයක් වීම වැනි විප්ලවයක් සිදුවිය නොහැකියි "

Excellent. Phrase of the day

චතුරංග රූපසිංහ said...

යමරජ කටු ඉඹුලටත් කෙළියා නේද?
මේක තමයි හොදම වක්‍ය
හී හී

Anonymous said...

"යමරජ කටු ඉඹුලටත් කෙළියා නේද?"

Lolz , I cannot stop laugh

Anonymous said...

උඹ ඡන්දේ දවස් වල ලංකාවට ඇවිල්ලා ගියාද? :-)

වැප් said...

මම නම් කලේ සියලු 'යම' කැලි ටික 'ලංකාව' කියලා රිප්ලේස් කරන් කියවපු එක ...

මනුශාන් said...

මකර මකර අධිරාජයට යම පව්ලේ උදවිය හම්බ උනෙ නැද්ද ?

``` Outsider``` said...

නියමයි එල

දුකා said...

fatta. . .. wena monaa hari kiwwoth aparaade . ..

said...

උඹව උස්සයිද දන්නේ නැහැ අපායට අපහාස කලා කියලා

Chanaka Aruna Munasinghe said...

@ Anonymous1

ආ ඒ මගේ අපාය සහායක
====================
@ upulpp

ඔව් ඔව් අයිශ්චර්යා දැන් අපාය කිට්ටුවටම ගිහින්. මම ආපහු එන අතරමගදි දැක්කා.
====================
@ Arosha Uduwerella

TnX
====================
@ Anonymous2

Tnx
====================
@ චතුරංග රූපසිංහ , Anonymous3

ඒ වාක්‍යය නිර්මාණය කිරීමේ සම්පූර්ණ ගෞරවය යමබළකායේ යමපල්ලන්ට
===================
@ Anonymous4

ඔවුනෙ. SBU Get එකටත් ආවා.
===================
@ වැප්

හෆොයි. එහෙමද ලාංකීය සිතුවිලි හැසිරෙන්නෙ.
===================
@ මනුශාන්

යම පවුලෙන්නම් හම්බ වුනේ යම රජතුමාව විතරයි. යම පවුලෙ අනිත් අය ඒ වෙද්දි දිව්‍යලෝකෙ සංචාරකට ගිහින්
===================
@ ``` Outsider```

ස්තූතියි
===================
@ දුකා

Tnx :D
===================
@ ම

මෙතන අපහාස කිරීමක් වෙලා නැහැනෙ. අපාය ගැන ඇත්ත ඇති සැටියෙන්ම වාර්තා කිරීමක් විතරනෙ වෙලා තියෙන්නෙ

ගල්මල්-Coral said...

සුපිරි අංක එක!

Chanaka Aruna Munasinghe said...

@ ගල්මල්-Coral

ස්තූති වේවා!

බිඟූ said...

අධිරාජායා අපායට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරලා kiyanne....

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!

ඔව් ඔව් අපායෙ අනාගතය සෑහෙන සුභයි

Anonymous said...

maxa machan.... :D

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

Tnx Machan

Gayan Tharaka said...

ඊලඟ ට්‍රිප් එක දිව්‍යලෝකෙ මැති‍වරණෙට දාගන්න හොදද මකරෝ

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

දිව්‍යලොකෙටනම් කොයි වෙලාවෙ යන්න බැරිද? අපායටනෙ කලින් යන්න කියන්නෙ

Anonymous said...

යම රජ්ජුරුවන්ට විමල් වීරවන්ශ වගේ යම පාලන පුතෙක් /පන්චායුධයක් එහෙම නෑද්ද.....

Chanaka Aruna Munasinghe said...

@ Ayomi

නම වීරවංශ වුණාට වීරයෙක් වෙන්නෙ නෑ.
අපායෙ තියෙනවා යකාගෙ කම්මලේ හදන ආයුධ

Anonymous said...

ayeth giyoth narakada "Yama Lowata Nila Sawariyak"

සංකල්ප said...

කොයි කාලේ වගේද ඔය නිල සංචාරය යෙදිලා තිබ්බේ. කවුද ඔය චන්දෙන් දින්නේ ??

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D