Thursday, April 1, 2010

මහමැතිවරණය 2010- විද්‍යාත්මක ඇසින්



චාල්ස් ඩාවින් ඉදිරපත් කරපු පරිණාමවාදයේ  ස්‌වාභාවිකවරණය පිළිබඳ සංකල්පය අනුව පරිසරයට වඩාත්ම හොඳින් අනුවර්තනය විය හැකි ශක්තිමත් අය ඉතුරු වෙද්දී දුර්වලයන් විනාශ විය යුතුයි. ඒ වුනාට  අද ලෝකයේ සැළකිය යුතු පිරිසක් පිළිගන්න  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය  ස්‌වාභාවිකවරණය පිළිබඳ සංකල්පයට පරස්පර විරෝධීයි. ප්‍රජාතන්ත්‍රවාදය මගින් දුර්වලයන් මෙන්ම ශක්තිවන්තයන්ද සමාන තත්වයේ ලා සැළකීම මගින් දුර්වලයන්ටත් නොනැසී සිටීමට අවස්ථාව ලබා දෙනවා. මෙය පරිණාමවාදයට අනුව ආපස්සට ගමන් කිරීමක්.

ලෝකයේ අනිත් රටවල් පටිසෝතගාමීව ගියාට කමක් නෑ. අපි අනුසෝතගාමී විය යුතුයි. ඒක නිසා වේගයෙන් පරිණාමය වෙන ශ්‍රී ලංකාවක් උදෙසා ඔබේ වටිනා චන්දයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය ප්‍රජාතන්ත්‍රවිරෝධී කණ්ඩායමට ලබා දෙන්න.

- මෝඩයන්ගේ  දිනය වෙනුවෙන් මකර අධිරාජයාගෙන් පණිවිඩයක් -
 
[ 01 - Apr - 2010 ]

10 comments:

බිඟූ said...

එල කිරි මෙන්න දුන්නා මගෙනුත් එකක්...


/බිඟුවා...!

චමිදේවා said...

අපේ මනාපෙත් ඉතිං ඕනැමනම්, ඔන්න දෙන්නම්.

දුකා said...

අද ඉතිං ලෝකෙන්ම උතුම් රට වෙච්චි අපේ රටේ දවස නේ බං . . අර W3 කාරයා යෝජනා කරලා ත් තිබුනේ රටේ ජීවත් වන ජනයා ගැන සලකලා අද දවස රටේ ජාතික දිනය කල යුතුයි කියලා . .

ඒක මමත් 100% පිලිගන්නවා . . .

අහ් ඔව් ඔව් 2/3ක් මොකෝ අද ට විතරක් 3/3ම උනත් දෙන්න මම කැමතියි . .

ඔන්න බලපන්කෝ මැතිවරණෙන් පස්සේ අර දිනේ ජාතික දිනේ කරන යෝජනාව සම්මත වෙන විදිහට නෙමෙයිද වැඩේ වෙන්නේ කියලා . . හික් හික්

දුකා said...

මේ දාල තියෙන පින්තූරේ අයින් කරලා බූරුවෙක්ගේ පිතූරේ දාන්න බැරිද . .

Hasitha Gunasinghe said...

ඇයි 2/3, දෙන්නම්කෝ 3/3 ම කියලා දීලා දැම්මා නම් ඉවරයි. එතකොට බලාගන්න පුළුවන් නේ මොකද වෙන්නේ කියලා.........

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!,චමිදේවා

මනාපයට ස්තූති වේවා
=================
@ දුකා

ජාතික දිනේ කරන යෝජනාව සම්මත කරන්න වුනත් පාර්ලිමේන්තුව රැස් වෙයිද මන්දා. දැන් මතක ඇති කාලෙක ඉඳන් පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ මාසෙකට සැරයක් දවස් 1/2ක් හදිසි නීතිය සම්මත කරන්න විතරනෙ

ෆොටෝ එකට දාන්න හොඳවයින් බූරුවෙක් හම්බ වුනේ නෑ ආයුබොවන්ඩ
===============
@ Hasitha

මේ අප්‍රේල් 1 වෙනිදා කියන කතානෙ. වැඩිය සීරියස් ගන්න එපා.

Hasitha Gunasinghe said...

අපෝ නෑ අයියා ඕව්වා සිරා ගන්නවා නම් බැරියැ..............

Anonymous said...

ප්‍රජාතන්ත්‍ර වාදය ,
පර්ණාම වාදය
මේ දෙනම වාද...
ඒ නිසා වාද පිළිබඳව වාද බේද නොවී අපි කට්ටියවත් සමගියෙන් ඉමු.
නැත්තම් අපිත් බොහොම ඉක්මනටම තුරන් වෙලා යාවි...........

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

අපොයි මම විහිලුවට වගේ කියපු කතාව කට්ටිය සෑහෙන සීරියස් අරගෙන . 2/3 මිස් වෙලා තියෙන්නෙ නූලෙන්. ඒත් ඉතින් වෙවුලන දෑත් ශක්තිමත් කරන්න පනින රිළවුන්ගෙන් ලෙසියෙන්ම අඩුව සම්පූර්ණ කරගන්න පුළුවන්වෙයි.
============================
@ wath

ඇයි ත්‍රස්තවාදය, සමාජවාදය, ඒවත් වාදනෙ ?
ඇයි එතකොට පානදුරාවාදය ?

Hasitha Gunasinghe said...

මකර අධිරාජ්‍යයා කියපු දේවල් මිනිස්සු එහෙම අහක දාලා නැහැ හොඳට පිලි අරගෙන. :) :) :) මකර අධිරාජ්‍යයාට ජය වේවා !!!

ඒ වගේම පනින රිළවුන්ට ඉනි මං තියන අයත් ඉන්නවා. ඒත් සමහර රිලව් ඉනි මං තියෙනකම් බලන් ඉන්නේ නැහැ පනිනවා :) :) :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D