Tuesday, August 24, 2010

වෙළඳ දැන්වීම් - ඔබන්න පෙර සිතා බලනු



මෑතකදී මම දැක්කා කිහිප දෙනෙක්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගැන බ්ලොග් සටහන් ලියලා තියෙනවා. මෙයින් ජනප්‍රියම ක්‍රමයක් තමයි වෙළඳ දැන්වීම් එබීම (Bux Sites) . සමහර අයනම් තමන්ට ඩොලර් කීපයක් (සමහර විට ඩොලර් ශත ගණනක් ) හම්බ වුණා කියලා payment proof පවා දාලා තිබ්බා. මේ ක්‍රමයට මුදල් හොයන්න හිතන අය මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නානම්.

1. ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් කීයද ? 
2. මාසයකට උපයාගත හැකි මුදල රුපියල් වලින් කීයද?
3. වෙළඳ දැන්වීම් එබීමට මාසයකට ගතකරන විනාඩි ගණන?
4. මාසයකට අන්තර්ජාලය භාවිතා කරන කාලය ?

මෙන්න වැදගත්ම ප්‍රශ්නෙ

5. වෙළඳ දැන්වීම් එබීම සඳහා භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ මාසික ගාස්තුව?

තව බෝනස් ප්‍රශ්නයක් විදිහට කැමතිනම් ලාභ අලාභ ගිණුමකුත් හදන්න.

ඔයිට වඩා හොඳ නැද්ද ඔය Mouse එක විකිණුවානම්. අහල ඇතිනෙ මී කුණක් විකුණලා පොහොසත් වෙච්ච සිටුතුමාගෙ කතාව


[ 24 - Aug - 2010 ]

40 comments:

Jay said...

හ්හ්ම්ම්..
මමත් ඔය කියන බ්ලොග් සටහන් නම් දැක්කා තමයි.

Anonymous said...

අයියාගේ කතාව හරියම හරි. අන්තර්ජාල මුදල් කියලා රැවිටිලා කාලේ කා ගන්නවට වඩා හොදයි එකෙන් වෙන වැඩක් කරන එක. අයිගේ බ්ලොගයත් පිලිවෙලක් තියෙනවා අර ජරා සත දෙකට විකෙනෙන ඇඩ් නැති නිසා. මමත් ඔය එකක් වත් දන්නෙත් නැ විශ්වාස කරනෙත් නැ

Admin : Trix Hunter said...
This comment has been removed by the author.
හා පැටික්කි (MS) said...

මකරයියට තේරෙන්නැද්ද.......
සතේ උනත් ඩොලර්නේ...... ;)

ඔය අයියට පූස් ගතියට මීයොන්ට වැඩේ දෙන්නම තමා කම්පනාව නේ........

෴ හසියා ෴ said...

හෆ්ෆේ ඔය තියෙන්නේ මසුරන් දාන්න ඕනි කටවල්....හැබැයි මකරෙක්ගේ කටට මසුරන් දාලා වැඩක් නෑ.වතුර දාන්න තමයි ඕනි...
මටත් ඔය පෙන්නන්නම බැරි වැඩක් නොවැ අන්තර්ජාලයේ හිගා කෑම..ඊට වඩා හොදයි නුගේගොඩ බෝගහ ගාව හිඟාකෑවනම්...අම්මපා මීට වඩා ගානක් හොයාගන්න බලන්න.දවස් ගානක් කන්නේ බොන්නේ නැතිව ක්ල්ක් කොරල රුපියල් 10ක් විතරවත් නැති ගානක් හොයාන උඩ පනිනවා.ඇත්තනේ ඒ ගානත් හම්බවෙන්නේ පිටරටින්නේ....කොච්චර වටිනවද? හික්ස්...
මාගේ හද පිරි ස්තූතිය මකරෝ...අනේ මේක අපේ මේ අන්තර්ජාලයේන් හිගාකන එවුන්ට කියවන්න සැලැස්සුවනම්....

LankaeTeam said...

හොඳ ප්‍රශ්න ගොඩක්...
මුල ඉදලා උත්තර දෙන්නම්...
1) ලංකාවේ මුදලින් 1$=112.3596
2)15$=1685.394
3)විනාඩි 7යි දවසට
4)දවසකට පැය 5ක් පමණ
6)හොදම ප්‍රශ්නේ,ඒ නිසයි වැඩිය ඩෙටා යන්නේ නැති හොර වැඩ කියලා දෙන්නේ..
(My connection 2GB dialog vat සමඟ 909.00)

මචෝ ගොඩක් අය ඇඩ් කිල්ක් කරන්නේ ජෝබ් එකක් විධියට නෙවිනේ,හැමෝටම පොඩි පොඩි ආසාවල් තියෙනවා.මටත් තිබුනා ඩොමේන් පිස්සුවක් ඒ නිසයි මං කිල්ක් දැම්මේ.මාස 2න් මං ඕන කරන ගාන ගත්තා.තව අපේ සමහර අය ගොඩක් ආසයි Ebay වලින් භාණ්ඩ ගන්න,ඒත් ඕනනේ 3-4$ ක්,එකට තමයි ඇඩ් කිල්ක් කරන්නේ....

ජොබ් එකක් විධියට නම් අපේ හොර Dlbux අය නම් කරනවා..
මට කියන්නේ තියන්නේ නම් ජොබ් එකක් විධියට නෙවි කිල්ක් දාන්නේ හැමෝම...
මං FB එකේ පැය ගානක් වේලා කාපු කෙනෙක්,ඒත් දැන් නම් යන්නේ නෑ වැඩිය,ඒ නිසා මට හිතුනා ක්ලික් දාන්න.ඉතින් ඒක හොදයි නේද FB එකේ පැය ගානක් වේලාව කනවට වඩා????????

Tl lankaweb said...

අනේ මගේ කට ‍Dlbux.com එකේ ක්ලික් කරන්න ඔයාලා එ‍ක රාජයට සම්බන්ධ ආයතනයක් නිසා ගොඩක් විශ්වාසයි. :P

මේ වගේ පෝස්ට් දාන්න කලින් මීට පසු දෙවරක් සිතා බලනු මැනවි ඔබතුමා.

Anonymous said...

mamath Tl lankaweb ta ekagai... liyanna deyak aththema nadda ???

emaster said...

mulinma kiyanna oona mama me widihata ads dala satha gaanak hoyana kenek newi, ea wunata concept ekak widihata ekata wirudda naa.
mata therum ganna bari ai lankawe manussayek monawa hari karanna giyapuhama oya widihata balanne kiyala. mata hithenne lankawe apita thiyena prashnayak. wena ratawala business ekak karanakota wirudda wenne naa, godak welawata akul helanne naa. namuth lankawe mokadda prashnayak thiyenawa api danna adinana kenek business ekak patan gaththama maha jaraa widihata balana. habai api danne nathi kenek nam prashnayak naa, hariyata bill gatesla wage aya. hamotama loku ganan ayojanaya karanna amaarui. mama hithanne aarambayak widihata oayawage podi deyak karala ganna addakeem watinawa. hari noyanna puluwan!~
mata peena bari anik minissu meka diha katha widihata balana eka. (concept ekak widihata mekata wirudda wenaeka) . habai wibhaga karana lami mewa karala kaale naasthi karanawata nam mamath kamathi naa.

Tl lankaweb said...

අන්තර්ජාලය සැමට පොදුයි. එයට නිති රිති දැමිය නොහැක. මම අන්තර්ජාලයට එන්නේ මාගේ කාර් එකෙන්

මයි කාර් මයි පැට්ටල් :P

Anonymous said...

මල්ලි නා ගත්තා නේ ගු :P :P

ර්‍රලග පාරේදි පනින්ට පෙර සිතා බලනු. බ්ලොග් අවකාශයේ නවකයන් නපුරැ වැඩි. යමක් කියු සැනින් ඇගට කඩා පනි. කුනුහරැප කියති.

BLOG ගඩොල් said...

මවුස් එක විකුණනවනං අපිට කියන්න මකරෝ.පූසො කොහොමත් මීයන්ට කැමති නොවැ!:)

BLOG ගඩොල් said...

හපොයි! ඇනෝනිමස් වසංගතේ මෙහාටත් බෝවෙලා වගේ!!!!!

෴ හසියා ෴ said...

කෙනෙක් දෙයක් කීවිට...ඒකේ වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කිරීම මහත්මා ගුණයකි.නමුත් කුණුහරප කියා තමාගේ කාඩ්බෝඩ් වීරකම් පෙන්වීම අනුවණ ක්‍රියාවකි.දාන කුණුහරුපෙත් බය නැතිව ඇත්ත නමින් දාන්න ඕනි එක්කෝ...ඒකත් ඇනොනිමස්ය.සංතෝසයි.

Anonymous said...

කවුද දන්නේ මේ ඔක්කොම කොමෙන්ට් හසියා දැම්මද කියලා.

රන් said...

වෙළඳ දැන්වීම් ඔබන්ට යන කාලය වටිනව කියල හිතෙනව, සමහරු ෆේස් බූක් එකේ ඉන්න කාලය දැක්කාම, එහෙම නෙමේද??

තීර්ථ යාත්‍රිකයා said...

මකරත් එක්ක මාත් එකඟයි. පොර ටෝක් දෙන අය ඇත්ත නමින් ආවනම් මොකද?

තීර්ථ යාත්‍රිකයා said...

මකරයියේ ගුග්ල් අනලිටික්ස් දාල නේද තියෙන්නේ...මේ පොර ටෝක් දෙන අය කවුද කියල බලන්නකෝ පොඩ්ඩක්

෴ හසියා ෴ said...

@ 3rd Anonymous....
ඔව් ඒකනම් ඇත්ත...ළග ඉන්න එකා විශ්වාස කරන්න බැරි සමාජයක් නොවැ මේක...
හැබෑටම බං, දැන් උඹ ඒක පොර වගේ කිව්වට උඹේ ඇත්ත නමින් කියන්නත් බය වෙලානේ....

Anonymous said...

මකරයියේ කතාවනම් අනිව ඇත්ත....දැන් ගොඩ දෙනෙක් බ්ලොග් හදන්නෙත් ඔය ඇඩ් එකක් දා ගන්න හින්ද.......අනේ මන්ද

TL LANKA said...

ඔන්න මම මෙ කියමන් ට්ක දැකල මගෙ අදහස දාන්නේ.දැන් මගේ විකල්ප නාමයත් විකුනන්නද දන්නෙ නැහැ හදන්නේ.කමක් නැහැ.කොන්ද පනනැති බ්ලොග් ලියන්නෙක්ගෙ හෝ බලන්නෙකුගේ වැඩක්නේ.එයාට හොඳක් වෙනවනම් මට සතුටුයි.ඒත් එකම කාරණය නම් ඇයි මෙවැනි බාල වැඩ කරන්නෙ යන කාරණය.අන්තර්ජාලයේ මඩගහන එක ගැන මම කලබල වෙන්නෙ නැහැ.මොකද මේවගේ අපතයො ඉන්න අන්තර්ජාලය තවත් මඩ ගොහොරුවක් මිස පිට්ටනියක් වෙන්නෙ නැහැ.
ඔය ඉහත දමා ඇති අදහස් මාගේ නොවේ.අන්තර්ජාල අපතයෙකුගේ. මගේ නම දමා එයාල අදහස් දැම්මට එහි වගකීම මම බාර නොගනිමි.

TL LANKA said...

තවත් දෙයක් මම කවදාවත් මෙහෙම අදහස් දමා නැත.මගේ ලෝගෝ එක සමඟ මම අදහස් දමන්නේ.

පිස්සා පලාමල්ල said...

දෙකයි පනහෙ අඩවි හදන් තමන්ම ඇඩ් ක්ලික් කොරගෙන අන්තිමට අකවුන්ට් එකත් බෑන් කරන්... ආතරයිටිස් උත් හදා ගන්නවා අපෙ එව්වො.

පිලිවෙලකට කරාට නම් කමක් නැහ.

ඕනිම දේක දෙපැත්තක් තියෙනවා නේ..

TL LANKA said...

අන්තර්ජාලයේ ඉන්න ගොඩක් අය උඩවුවක් ඉල්ලුවම මග හරිනවා.ඒත් සමහරුන් ගොඩක් හොඳට වුදවු කරනවා.කොයිදේත් දෙපැත්තක් ටියෙන කතාවනම් ඇත්ත.....මට කවුරුවත් දෙයක් කිය නිදෙනවනම් එය අත්හදා බැලීමක් මම කරනවා.ඉන්පසු එය හොඳනම් ලංකරගන්නවා නරකයිනම් අයින් කරනවා.(වරදවා වටහා ගන්න එපා)
අපි මෙලොවට ආවේ සෑම දෙයක්ම ඉගෙන ගෙන නොවේ.

Anonymous said...

පල පල ගෝතයා TL LANKA WEB

priyantha said...

ඇත්ත මට නම් කොහොමත් ඔය ඇඩ් ක්ල්ක් කරන්න වෙලාව නාස්ති කරන්නේ නෑ. මුදලට වඩා වැඩක් කරන්න තියන වෙලාව මට ගොඩක් වටිනවා. රෑට නම් අනේ ඕව ක්ලික් කරනවාට වඩා හොඳයි සනිපෙට නිදා ගන්න එක. පහුවෙනිදාට හොඳ මනසකින් වැඩට එන්න පුළුවන් එතකොට. කොහොමත් මුදලට වඩා කාලය වටිනවා. ලොකේ අපිට ලැබිල තියෙන්නේ සීමිත කාලයක්. ඒකෙන් සමාජයට වැඩක් කරන්න අකමැති අය තමන්ට හරි වැඩත් කර ලන්න එක හොඳයි. ඩොලර් කීපයකට කාලය නාස්ති කරන්නනේ නැතිව. ඉතාම කාලෝචිත ලිපියක් මකරෝ.

Anne said...

You are 100 % correct, this type of fools dont know what the are doing....only the can do "Click" for $ cents............carry on.. carry.. on sri lankan fools........"meya adirajya wadi kumanthrana"

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay

හා හා , මම හිතුවෙ දකින්න නැතුව ඇති කියලා :-p
====================
@ Panhida

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැහැ කියන එක නෙවෙයි මම කිවුවෙ. නමුත් කරන්නන් වාලෙ නොකර ඒ සාඳහා යොදවන කාලය හා මුදලට සාපේක්ෂව ප්‍රතිලාභ හම්බ වෙනවද කියලා හිතලා බලලා කරන්න කියලයි මම කියන්නෙ. ඔය වෙළඳ දැන්වීම් ඔබ්බවා ගන්න එකනම් එක්තරා විදිහක හොර ජාවාරමක්. ඒ අය කරන්නේ එක පැත්තකින් වෙළඳ දැන්වීම් පළ කරන්න කියලා මුදල් ගන්නවා. අනිත් පැත්තෙන් සුළු ගානක් දීලා හරි (සමහර විට නොදීම හරී එක එක කට්ටියට කියලා දැන්වීම් ඔබ්බවාගෙන වෙළඳ දැන්වීම දාපු කෙනාට පෙන්නනවා අච්චරක්, මෙච්චරක් එයාගෙ දැන්වීම බැලුව කියලා. හැබැයි ඒ වෙළඳ දැන්වීම දාපු කෙනාටත් ඒකෙන් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. මොකද ඒ වෙළඳ දැන්වීම බලලා තියෙන්නෙ ඇත්තටම උවමනාවක් තියෙන කට්ටිය නොවන නිසා. මේකෙන් වැඩි වාසිය ලැබෙන්නෙ අතරමැද ඉන්න කෙනාට

මම අර මීකුණේ කතාව කිවුවේ උත්සාහය තියෙනවානම් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් කියන එක අදහස් කරගෙන. අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න බැරිකමක් නෑ.
==================
@ Admin : Trix Hunter

Since you have removed your contradictory comment I dont argue about it.

Chanaka Aruna Munasinghe said...

@ හා පැටික්කි (MS)

ඔව් ඔව්. ඩොලර් කියන්නෙ දෙයියන්ගේ මල්ලිගෙ අයියනෙ.

මම අර මීකුණේ කතාව කිවුවේ උත්සාහය තියෙනවානම් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් කියන එක අදහස් කරගෙන. අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න බැරිකමක් නෑ.මවුස් එක තමයි ඒ මීයගේ වර්තමාන කතාව.
===================
@ ෴ හසියා ෴

හෆොයි වතුර දැම්මොත් ගින්දර නිවෙනවනෙ.

Opportunity Cost කියලා දෙයක් ගැන අහල තියෙනවද ?

෴ හසියා ෴ said...

ඒකනේ වතුර දාන්නේ.....හික්ස්

ම්ම්ම්ම්ම් මීට පෙර අහලා නෑ...ඒත් මකර රජා දැන් කිව්වාම විකිය පැත්තේ රවුමක් ගහලා බැලුවා.ටිකක් විතර මීටර් වුනා වගේ...
ම්ම්මම් ඇයි එහෙම ඇහුවේ....?

Chanaka Aruna Munasinghe said...

@ LankaeTeam

ස්තූතියි උත්තර වලට.නොදන්න කෙනෙකුට ප්‍රයෝජනවත් විස්තර ටිකක්. මම මේ ලිපියෙන් අදහස් කලේ ඇඩ් ක්ලික් කරන්න එපා කියන එක නෙවෙයි. මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවද කියලා දැනගන්න උත්සාහ කිරීමක්. මෑතකදී ලිපි බොහොමයක අච්චර , මෙච්චර මුදල් හම්බ වුණා කියලා දාලා තිබ්බාට මේ මම අහලා තියෙන විස්තර සපයලා තියෙනවා දැක්කෙ නෑ

ඔබ මේ ගැන හොඳින් දන්න කෙනෙක් නිසා තව විස්තර ටිකක් කියන්න පුළුවන්ද ?

1. 15$ ක් ලබාගැනීමට වෙළඳ දැන්වීම් කීයක් ඔබන්න ඕනෙද ?

2. ඒ එක වෙළඳ දැන්වීමක් කොපමණ වෙලාවක් විවෘත කරලා තියාගෙන ඉන්න ඕනෙද ?

( මම දන්න විදිහටනම් වරකට එක දැන්වීම බැගින් තමයි ඔබන්න පුළුවන්. ඒ එක දැන්වීමක් නිශ්චිත අවම කාලයක් විවෘත්ත කරලා තියන්න ඕනෙ. මම වැරදිනම් නිවැරදි කරන්න )

3. 2GB වලින් මාසයකට පැය 150ක් අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී අඩු දත්ත ප්‍රමාණයක් වැයවීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රම ?

4. ඔබ ඇත්තටම මුදල් ලබාගත් තැන් මොනවාද? මොකද සමහර තැන්වල මුදල් නොගෙවා මඟහරිනවාලු කියලා අහලා තියෙනවා.

එකේ කාලෙ කනවාට වඩානම් හොඳයි තමයි. ඒත් ඇත්ත තත්වය දැනගෙන. උදාහරණයක් විදිහට ඔබ අර අඩු දත්ත වැයවීමට භාවිතා කරනවා කියන උපක්‍රම එහෙම නොදන්න අය ගොඩක් ඇතිනෙ.

Chanaka Aruna Munasinghe said...

@ Tl lankaweb (Duplicate)

හෆොයි ආණ්ඩුවෙන්ද ඒක කරන්නෙ? මාර ආණ්ඩුවක්නෙ. ඔය ඇත්තමද ? ආණ්ඩුවට මඩ ගැහිල්ලක් එහෙම නෙවෙයි නේද?

"අන්තර්ජාලය සැමට පොදුයි. එයට නිති රිති දැමිය නොහැක. මම අන්තර්ජාලයට එන්නේ මාගේ කාර් එකෙන්
මයි කාර් මයි පැට්ටල් "


කෝ කවුරුවත් මෙතන නීති රීති දැම්මද?

අපිනම් අන්තර්ජාලයට එන්නෙ පරිගණකයක් හරහා. ඔබතුමා අන්තර්ජාලයට එන්න පාවිච්චි කරන කාර් එකේ වර්ගෙ මොකක්ද ?
ඒකේ සීට් කීයක් තියෙනවද ? පෙට්‍රල් වැඩ කිරීම කොහොමද?
===============
@ Anonymous

ලියන්නනම් දේවල් තියෙනවා. හෙමීට හෙමීට නිවාඩු පාඩු වෙලාවල් වල ලියන්නම්කො වෙන වෙන දේවලුත්

Chanaka Aruna Munasinghe said...

@ emaster

මම කිවුවේ ඇඩ් දැමීම ගැන නෙවෙයි. Bux sites වල ඇඩ් ක්ලික් කිරීම ගැන

අනික මම මේ දේ කරන්න එපා කිවුවෙත් නෑ. අර මීයාගෙ කතාව දැම්මෙ උත්සාහය තියෙනවානම් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුලුවන් කියන එක අදහස් කරන්න. මම උත්සාහ කළේ මේක ඇත්තටම ඵළදායී දෙයක්ද කියලා දැනගන්න උත්සාහ කිරීම. මම අහලා තියෙන ප්‍රශ්න වලට ලැබෙන උත්තර හරහා කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මේක ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක. මෑතකදී ලිපි බොහොමයක අච්චර , මෙච්චර මුදල් හම්බ වුණා කියලා දාලා තිබ්බාට මේ මම අහලා තියෙන විස්තර සපයලා තියෙනවා දැක්කෙ නෑ

මේ වගේ දේවල් වලින් මුදල් උපයන්න ගොඩක්ම යොමු වෙන්නෙ පාසල් වයසේ අය. මොකද ඒ අයට අන්තර්ජාලය ඔස්සේ ගණුදෙනු කරන්න Credit Cards එහෙම නැති නිසා

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

අනේ අපිනම් නාන්නෙ වතුර. අනික හැමෝම නපුරු නෑ. මමත් බ්ලොග් අවකාශයේ ප්‍රවීණයෙක් නෙවෙයි. මමත් නවකයෙක්. මම නපුරුත් නෑ
================
@ blog gadol

අර කතාවෙ විකුණන්නෙ මැරිච්ච මීයෙක්නෙ. ඒ වගේ ඇඩ් ඔබලා ඔබලා මවුස් එක කැඩුනට පස්සෙ පූස්ලට දෙන්නම්කො ඒක.

වසංගත කියන්නෙ කාලෙන් කාලෙට ඇති වෙලා නැති වෙලා යන දේවල්නෙ
=================
@ ෴ හසියා ෴

අපෝ ඇත්ත නමින්වත් මෙතනනම් කුණුහරුප දාන්න එපා.

=================
@ Anonymous

"කවුද දන්නේ මේ ඔක්කොම කොමෙන්ට් හසියා දැම්මද කියලා."

කොමෙන්ට් දානවටත් සල්ලි හම්බ වෙනවද ?

Chanaka Aruna Munasinghe said...

@ රන්

වෙළඳ දැන්වීම් ඔබන්ට යන කාලය , ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයට ගෙවන මුදල අනුව මේක වටිනවාද කියලා දැනගන්න තමයි මමති උත්සාහ කරන්නෙ
=================
@ තීර්ථ යාත්‍රිකයා

ස්තූතියි. According to Google Analytics -- > පොර ටෝක් දෙන්න පොරවල්ලා
=================
@ Hasitha ජයසූරිය

මම මේ කියන්නෙ Adsence ගැන නෙවෙයි Bux ගැන

Chanaka Aruna Munasinghe said...

@ TL LANKA WEB

ස්තූතියි. කලින් අදහස් ඔබේ නොවන බව දුටුවා
============
@ පිස්සා පලාමල්ල

ඔව් ඒක ඇත්ත. විස්තර හොයලා බලලා පිළිවෙලකට කරන්න. දියුණු වෙන කෙනෙකුටනම් කැඩිච්ච මවුස් එකක් වුණත් ඇති
============
@ priyantha.ඒබී

කාලය රන් හා සමානයි කියලා තියෙනවානෙ.
============
@ priyantha

එහ් , මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද ඒ කියන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ ෴ හසියා ෴

ග් ර් ර්. සෙල්ලමට පිඹින්න තියෙන ගින්දර ටික නිවන්නද හදන්නෙ.

Opportunity Cost කියන්නෙ ගොඩක් දෙනා නොසළකා හරින දෙයක්. ඒක මීටර් වුණානම් එච්චරයි.

LankaeTeam said...

මේ දවස් වල අපි සොෆ්ට්වේයා එකක් හදනවා,සමාවෙන්න ඒ නිසයි පිළිතුරු දෙන්න පරක්කු වුනාට.ඒහෙනම් ආයිත් මතු කරපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්.....
1)දවසකට ඇඩ් 12ක් කිලික් කරනවා,අඩවි 3ක...
(ඒ කියන්නේ මාසේට 360 කිල්ක් දානවා)
2)තප්පර 30යි....
(ඒ කතාව ඇත්ත ඒක වරකට එක ඇඩ් එකයි බලන්න වෙන්නේ,එකටත් විසදුමක් හමු වුනා ඒක පාර ඇඩ් සේරම බලන්න,එත් හොදට ටෙස්ට් කරන්නේ නැතුව ඒ ගැන කියන්නේ බැනේ)
3)හොදම විධීය තමයි ඩේටා අඩු කර ගන්න,Load images automatically ටික් එක අයින් කරන් අන්තර්ජාලයේ සැරීසරීම..ඕන කරන ෆොටෝ එකක් තියේනම් රයිට් කිල්ක් කරලා view image බලන්න පුළුවන්නේ,ඇඩ් කිල්ක් අයට ඩේටා අඩු කරන හැටි පොස්ට් එකක දාන්නම් යාළුවා)

4)ඕව්,නේට් එකේ තියෙන ඇඩ් කිල්ක් අඩවි වලින් 95% බොරු,අපි දැන ගන්න හොඳ අඩවි හොයාගන්න,මං කිලික් දාන්නේ Neobux,onbux,cashium විතරයි,ඒ අඩවි 3න්ම මං මුදල් ගත්ත නිසා.
ඇත්ත කියන්න එපැයි මේ සයිට් වුනත් දවසක මුදල් නොගෙවාවී,මේවා පිටරට අඩවිනේ,මට ඉතින් කියන්න පුළුවන්ද හැමදාම ගෙවාවි කියලා..
ඒත් Neobux 90% සුවර්(අවුරුදු 2 මාරක් මුදල් ගෙවලා තියෙනවා)
cashium 50%ක් විතර
Onbux 20%ක් විතර

Onbux 20%ක් සුවර් නම් ඇයි ඒ ගැන කිව්වේ,හේතුව Onbux වලින් ඕන කෙනෙකුට මුදල් ගන්න ලේසි නිසා අනිත් අඩවි 2ට වඩා.(බදවා ගන්න පුළුවන් මුල් දවසේම 80ක් නිසා)

අනිවාර්යෙන්ම මේ එක අඩවියක් හරි මුදල් ගෙවන එක නැවත්තුවොත් ඒ ගැන හැමෝටම කියන්නම් ඒදාම...

වෙන ඕන දෙයක් දැන ගන්න තියේනම් මට මේල් එකක් දාන්න...ඒහෙනම් සහෝ මං ගියා........

Geeth Nuwan said...

මමත් Onbux ගැන විස්වාසයි.. මොකද මම Onbux වලින් සල්ලි ගත්තා. පේමන්ට් proof එක ඕනනම් Click Here

expresslanka said...

emoney gena denaganna www.expresslanka.tk wetha piwisenna

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D