Thursday, October 21, 2010

මනමේ නාට්‍යයේ ඇත්ත කතාව


\
හිටපු මනමේ කුමරු
ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි

කතන්දර කාරයා මනමේ නාට්‍යය ගැන එක එක කයි කතන්දර කිවුවට පස්සෙ මටත් හිතුණා මනමේ නාට්‍යය ගැන පොඩි රහසක් හෙළි කරන්න ඕනෙ කියලා. මනමේ නාට්‍යය උනන්දුවෙන් බලපු සමහර අයනම් මේ රහස සමහර විට දන්නවත් ඇති.

ඔන්න මනමේ කුමාරයයි මනමේ කුමාරියි තක්ෂිලා නුවරින් පිටත් වෙලා වටපිට සිරි නරඹ නරඹ කැලේ මැදින් යනකොට හදිස්සියෙම වේදිකාව පිටිපස්සෙ ඉඳන් වැද්දො හතර දෙනෙක් කඩා පනිනවනෙ . දන්නවද ඒ වැද්දො ආවෙ කොහේ ඉඳන්ද  කියලා? ඒ අය ආවෙත් තක්ෂිලා නුවර ඉඳන්මයි. මනමේ කුමාරයයි කුමාරියි දෙන්න තක්ෂිලා නුවරින් පිටත් වෙනකොටම ඒ වැද්දෝ හතර දෙනත් ඒ පිටිපස්සෙන්ම එන්න පිටත් වුණා.

මතකද මනමේ කුමාරයට කුමාරිව විවාහ කරල දෙන දර්ශනය? අතපැන් වත් කරලා විවාහය කරවන්නෙ දිසාපාමොක් ඇදුරු තුමා. එතන ඉන්නවා නේද මුට්ටි, පැන් කෙණ්ඩි එහෙම අල්ලගෙන දිසාපාමොක්ගේ අතවැසි ශිෂ්‍යයෝ 4 දෙනෙක්. අන්න ඒ හතර දෙනා තමයි වැද්දන් වගේ වෙස්වලාගෙන හදිස්සියෙම කඩා පනින්නෙ. ඒ වැද්දො හතර දෙනා ගිහින් ඔත්තුව දීලා නායක වැද්දෙක්ව එක්කගෙන එනවනෙ. ඒ නායක වැද්දා වෙන කවුරුවත් නෙවෙයි ,ඒ තමයි තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාර්ය තුමා.

මේ කතාව විශ්වාස කරන්න අමාරුනම් ආයෙ මනමේ නාට්‍යය බලනකොට අමතක නොකර සැලකිල්ලෙන් බලන්නකො. නාට්‍යය ඉවර වෙලා නළු නිළියෝ ඔක්කොම වරකට දෙන්න තුන්දෙනා බැගින් වේදිකාව මැදට ඇවිල්ලා ආචාර කරලා පෝලිමක් හදනවනෙ. එතනට දිසාපාමොක් ආචර්යතුමායි මුට්ටි අල්ලපු ගෝලයෝ 4 දෙනයි එන්නෙ නෑ. මොකද ඒ අය දැන් ඉන්නෙ වැදි වේශයෙන් . 

දිසාපාමොක් ආචාර්ය තුමාවයි, ගෝලයෝ 4 දෙනයි , වැද්දෝ 5 දෙනෙකුයි ඔක්කොම 10 දෙනෙක්ව නඩත්තු කරන එක නාට්‍ය කණ්ඩායමේ අය වැයට බලපාන හින්දා වෙන්න ඇති මේ ජිල්මාට් එක දාල තියෙන්නෙ. ද්විත්ව චරිත නිරූපණය කියන්නෙත් මේකම තමයි. ටෙලිනාට්‍ය වල , චිත්‍රපටි වල එහෙම කැමරා ප්‍රයෝග යොදාගෙන ද්විත්ව චරිත නිරූපණය කරන අයව එකම දර්ශන තලයකට ගෙනෙන්න පුළුවන් වුණත් නාට්‍ය වල එහෙම බෑනේ. ඒක හින්දා දිසාපාමොක්ටයි ගෝලයෝ 4 දෙනාටයි විශ්ව විද්‍යාල වෙලාවෙන් පස්සේ පාට් ටයිම් වැද්දෝ වෙන්න ඉඩකඩ ලැබෙන විදිහට තමයි නාට්‍ය පිටපතේ ජවනිකා ලියවිලා තියෙන්නේ.

ඔන්න ඕකයි මනමේ නාට්‍යයේ ඇත්ත කතාව.

ප.ලි
===
සිංහබාහු නාට්‍යයේ රඟපාන්නෙත් ඔය කට්ටියම තමයි. සිංහයා තමයි වැදි රජතුමා. මනමේ කුමාරයා ඔළමොළ ගති ඇති සොහෝයුරා වෙනවා


[ 21 - Oct - 2010 ]

25 comments:

Bunny said...

මම නම් හිතන්නැ...මම බලපු එකේ නම් ඔය හැම කෙනාම උන්නා...

අනික වැදි මෙක් අප් එක කරන්න පුලුවන්ද ඔය වෙලාව තුල ?

Anonymous said...

එහෙනම් එහෙමයි ආහ්... සමහර විට මනමේ කුමරිය ආදරේ කරන්න ඇත්තේ විශ්ව විද්‍යාලයේ හිටපු අර අතවැසි කොල්ලට වෙන්නෑ... ඉතින් ඒ වෙලාවේ මුට්ටි අල්ලන් හිටියට...කෙල්ල යන දුක දරා ගන්න බැරිව කට්ටියම පස්සෙන් යන්න ඇති...

ඒත් අන්තිමට වුන දේ තමයි දුක...

Anonymous said...

විශ්ව විද්‍යාල වෙලාවෙන් පස්සේ පාට් ටයිම් වැද්දෝ වෙන්න ඉඩකඩ ලැබෙන විදිහට/// ඔය තාම ඉඩකඩ තියෙන්නේ.

charithsriyan said...

"සිංහබාහු නාට්‍යයේ රඟපාන්නෙත් ඔය කට්ටියම තමයි. සිංහයා තමයි වැදි රජතුමා. මනමේ කුමාරයා ඔළමොළ ගති ඇති සොහෝයුරා වෙනවා"

මේක ටිකක් සංශෝධනය කරන්න ඕනෙ. දැන් සිංහයයි, මනමේ කුමාරයයි දෙන්නම එක් කෙනයි. සනත් විමලසිරි තමයි ඔය චරිත දෙකම මේ දවස්වල රඟ පාන්නෙ.

Buddhi said...

කතාව සම්පූර්ණ ඈත්ත මකරා.
උඔ තව හොඳට බැලුවනං පේනවා වැද්දෝ තබ්ලා බීට් එකට ඈඟේ රිදම් එක ගන්න වේදිකාව පිටිපස්සෙ ඉදලම පොඩි ඩාන්ස් එකක් දදාමයි ඉන්නෙ.....ඒවා ඉතිං පේන්නෙ සයිඩ් එකේ ඉන්න අයට විතරයි.

තව එකක්,
@චිත්‍රපටි වල එහෙම කැමරා ප්‍රයෝග යොදාගෙන ද්විත්ව චරිත නිරූපණය කරන අයව එකම දර්ශන තලයකට ගෙනෙන්න පුළුවන් වුණත් නාට්‍ය වල එහෙම බෑනේ.
මේ කතාව ඈත්ත උනත් "තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍යයේ ද්විත්ව චරිත තියෙනවා මතකද උඔට!
අන්තිම හරියෙදි ජැක්සන් වගේ තව පොරක් එනවා වේදිකාවට!

charithsriyan said...

@ බුද්ධි - "කතාව සම්පූර්ණ ඈත්ත මකරා.
උඔ තව හොඳට බැලුවනං පේනවා වැද්දෝ තබ්ලා බීට් එකට ඈඟේ රිදම් එක ගන්න වේදිකාව පිටිපස්සෙ ඉදලම පොඩි ඩාන්ස් එකක් දදාමයි ඉන්නෙ.....ඒවා ඉතිං පේන්නෙ සයිඩ් එකේ ඉන්න අයට විතරයි."

මනමේ නාඩගමක් නිසා එතන භාවිතා කරන්නෙ මද්දලයක්. තබ්ලාවක් මම දන්න විදිහට භාවිතා කරන්නෙ නෑ. මම දන්න තරමින් නාඩගම් සම්ප්‍රදායෙදි තබ්ලා භාවිතයක් වෙන්නෙත් නෑ.

මනමේ නාට්‍යය බිහි වීම ගැන දීර්ඝ විස්තරයක් මහාචාර්යය එදිරිවීර සරත්චන්ද්‍ර ලියපු "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කියන පොතේ තියෙනව. ඒ පොතෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන්.

Unknown said...

මකරෝ කතාව ඇත්ත..මනමේ වැදි රජා හැටියට අපේ පාසලේ විනයභාර ගුරුතුමා රඟපෑව කාලයක්.(පී. සමරවික්‍රම ගුරුතුමා)..අපි ආදරේට සර්ට කිව්වේ ගල් වැද්දා කියල..කොහොම හරි දවසක් අපේ ඉස්කෝලේ මනමේ පෙන්වද්දි මෙන්න අපේ ගල් වැද්දා දිසාපාමොක් වෙලා..පිස්සු එකයි..හැබැයි පස්සේ වැද්දා වේශයෙන්ම වෙලාවට වේදිකාවටත් ආවා...සර්ගෙන් ඇහුවම සර් කිව්වෙත් මීට සමාන කතාවක්..මනමේ ශාලාවක පළමු වරට පෙන්නල තියෙන්නෙත් අපේ පාසලේ (පළමු දර්ශනය පෙරාදෙණියේ වලේ කලා කියල තමයි අහල තියෙන්නේ.මේක දෙවෙනි දර්ශනය )

චරිත් ඔබ හරි සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යන්වල භාවිතා කරන්නේ මද්දලය...ඒවාට සුවිශේෂි වූ මද්දල පද පවා තිබෙනවා....

දුමී said...

ඇත්තම කතාව. ඔය ගොඩක් නාට්ටි වල එහෙමයි. මමත් ඉතින් ඔය නාට්ටි කර්මාන්තේ හිටියනේ සංගීතය පැත්තෙන් සම්භන්ධ වෙලා.

``` Outsider``` said...

වැද්දෙක් විදියට වෙස් මාරු කරගන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ ඕනිම මිනිහෙකුට..

ප්‍රාර්ථනා said...

ඇත්ත මකරෝ.. මම දැනට 6,7 සැරේට වඩා ඔය නාට්‍ය 2 බලලා තියනවා..ආවොත් අතහරින්නෑ බලනවාමයි.මට නම් හිතෙන්නේ වියදමටත් වඩා ඒ චරිත වලට දිසාපාමොක් හා නඩේ දක්ෂ නිසා එයාලම වැද්දෝ වෙනවා කියලා.. මනමේ ම සිංහබාහුට ගන්නෙයි,දිසාපාමොක්ම සිංහයාට ගන්නෙයිත් ඒ අයගේ දක්ෂ කම කියලයි මට හිතෙන්නේ...

charmi said...

මේකත් මරුනෙ. අර ශිෂ්‍යයො 4 දෙනා වැද්දො වෙලා වැදි රජා හැටියට කුමාරිට ට්‍රයි කරපු වෙන එකෙක් ආවනං මේක වෙනමම ප්ලොට් එකක් වෙනවා.

පසන් Sid said...

hehe apith isokle yana kale karapu natyaka maath kara charitha 2k ekath elama wade.. hehe wade kianne adum maaru karaganna thama hena gemak denna une :-d

අරවින්ද චන්ද්‍රපද්ම said...

වේදිනා නාට්‍යවල එකම නළුවා චරිත දෙක තුන නිරෑපණය කරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්.

malee_msg said...

ඔව්.. මමත් ඒක නෝටිස් කලා..!!

Hasitha Gunasinghe said...

ඒක හැමතිස්සේම වෙන්නේ නැහැ නේද ? මම බැලුව මනමේ නාට්‍යයේ රාජගුරුට හිටියේ ජයලත් මනෝරත්න, වැදි රජ්ජුරුවන්ට හිටියේ වෙන කවුරුහරි.

Dedunu Dhananjaya said...

මම මගේ බලාපොරොත්තුව ගොඩ දාගනිමින් ඉන්නේ visit www.ganithaya.org

__ said...

කතාව නම් ඇත්ත.. ඒත් ඉතින් කොයි වේදිකා නාට්‍යයෙත් ඔය ටික සිද්ද වෙනවා නොවෑ...

සංකල්ප said...

නියම කතාව අයියා. මෙදාපාර කැම්පස් එකේ "වල" සතියේදී අනිවාර්යයෙන් ඔය කියපු එක බලන්න ඕනේ.

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

වැදි මේක් අප් එකනම් කරන්න කල් ඇති. කුමාරයයි කුමාරියි කසාද බැන්දට පස්සෙ පොතේ ගුරාගෙ හෑල්ලකුයි, ඊට පස්සෙ කුමාරයයි කුමාරියි කියන සින්දුවකිනුයි පස්සෙනෙ වැද්දො එන්නෙ.

හැබැයි අර හසිත කිවුවා වගේ හැම වෙලාවෙම වෙන්නෙ නැතුව ඇති ඒක.
===============
@ wath ෴ වත් ෴

ඔන්න ඔයාට තේරුණා ඇත්ත කතාව
===============
@ sithuwilimandiya

මේ දවස් වල විශ්ව විද්‍යාල ගොඩාරියක් වහල නේද ?

Chanaka Aruna Munasinghe said...

@ Charith Weerakkody

ස්තූතියි, කණ්ඩායමේ ඒ ඒ කාලෙට ඉන්න අයගෙන් ඒ ඒ නාට්‍යයේ ඒ ඒ චරිත වලට ගැලපෙන කට්ටිය තෝරා ගනිද්දි කාලෙන් කාලෙට ඔය මම කියපු නාට්‍යයේ අභ්‍යන්තර කාරණා වෙනස් වෙනව ඇති. මම අන්තිමට මනමේ බැලුවෙ අවුරුදු 3කට විතර කලින්
===============
@ බුද්ධි


නාට්‍ය බලන්නෙ නැතුව සයිඩ් එකට වෙලා මොනවද කරන්නෙ ඈ. තාරාවෝ ඉගිලෙති එකේ ඇත්තටම දෙන්නෙක් ඉන්නවා මට මතක විදිහට. මුලින්ම හිතාගෙන හිටියට එකම එක්කෙනා තමයි වේදිකාව දෙපැත්තෙන්ම එන්නෙ කියල , අන්තිම හරියෙදි දෙන්නම ආවා.
=============
@ Charith Weerakkody


ස්තූතියි විස්තරේට, සංගීත භාණ්ඩ ගැන මගේ දැනුම 0.5% යි, ඉස්ස්කෝලෙ යන කාලෙ ඔය සංගීත භාණ්ඩ හරියට අඳුරන්නෙ නැති නිසා වෙච්ච අකරතැබ්බයක් මතක් වුනා. පස්සෙ වෙලා තියෙන වෙලාවක ඒ කතාවත් ලියන්න ඕනෙ

Chanaka Aruna Munasinghe said...

@ Ishara

ඒ ගුරුතුමා ගැන මමත් අහල තියෙනවා. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ නේද ?
==================
@ දුමී

ස්තූතියි, මට මේ කියන්න ඕනෙ වුණේ මේක මනමේ වල සුවිශේෂත්වයක් කියල නෙවෙයි. අර වත් හදා ගත්තා වගේ නාට්‍යයේ කතාවත් එක්කම අතුරු කතාවකුත් හදාගෙන නාට්‍ය බලනකොට වැඩියෙන් රසවිඳින්න.
=================
@ ``` Outsider```

ඔය ඉන්නෙ අත්දැකීමෙන්ම කියන කට්ටිය. ඔන්න බනියෝ අහ ගනියෝ

Chanaka Aruna Munasinghe said...

@ ප්‍රාර්ථනා

ඔව් චරිත දෙකක් පටලවගන්නෙ නැතුව කටපාඩමින්ම දෙබසුත් කිය කිය සජීවීව රඟපාන්න සෑහෙන දක්ෂකමක් තියෙන්න ඕනෙ තමයි. ටෙලි නාට්‍ය වල වගේ වැරදුනොත් කට් කරන්නත් බැහැනෙ
================
@ charmi

හී හී, ඒක තමයි, වැද්දට දිසාපාමොක්ව ගත්ත එක ගැලපෙන්නෙ නෑ
================
@ පසන් Sid

චරිත දෙකේ දෙබස් එහෙම පටලවා ගත්තෙ නැද්ද ?
================
@ අරවින්ද චන්ද්‍රපද්ම

ඔව් ඔව්. මට මේ කියන්න ඕනෙ වුණේ නාට්‍ය බලන ගමන් අතුරු කතාවකුත් හදාගෙන රසවින්දනය දෙගුණ කරගන්න හැටි

Chanaka Aruna Munasinghe said...

@ malee_msg

ඔව් ඉතින් ඔයාලනම් ඔය ඕපාදූප හොයන වැඩ වලට හරී ශූරයිනෙ :D
==============
@ Hasitha

ඔව් හැමතිස්සෙම වෙන්නෙත් නැතුව ඇති. ස්තූතියි
==============
@ දේදුනු ධනංජය

Good !!!

Chanaka Aruna Munasinghe said...

@ කැළණිතිස්ස

ඔව් ඔව්. මට මේ කියන්න ඕනෙ වුණේ නාට්‍ය බලන ගමන් අතුරු කතාවකුත් හදාගෙන රසවින්දනය දෙගුණ කරගන්න හැටි
=============
@ මධුරංග

හා හා, බොහොම හොඳා , මනමේ වලේ බලන එක වේදිකාවක බලනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. බලන්නකො

හරී said...

sithuwilimandiya said...
විශ්ව විද්‍යාල වෙලාවෙන් පස්සේ පාට් ටයිම් වැද්දෝ වෙන්න ඉඩකඩ ලැබෙන විදිහට/// ඔය තාම ඉඩකඩ තියෙන්නේ.

good comment.......

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D