Sunday, October 2, 2011

ජාතික කුකුළා


දිල් අක්කා අහුලන්නෙ අතීතයෙන්. අතීතයෙන් අහුල අහුල ඉද්දි එයාට රජ කාලෙ හිටපු රජ කුකුළෙක්ව ඇහිලිලා තිබ්බා . අතීතයේ විතරක් නෙවෙයි වර්තමානෙත් කුකුළන්ට අපේ රටේ හොඳ වැදගත් තැනක් තියෙනවා. අපේ රටේ ජාතික කුකුළා වලි කුකුළෙක් ( ජාතික කුකුළා නෙවෙයි ජාතික කුරුල්ලා තමයි. ඒ වුණාට එකමත් එක බබෙක් පොඩි කාලෙ හැම කුරුල්ලටම කීවෙ කුකුළා කියල . "පුතේ අර ඉන්නෙ මොකෙක්ද ? " කියල කපුටෙක් පෙන්නල ඇහුවත් "කුකූඌඌළා.." කියල තමයි උත්තර දුන්නෙ)

අපේ රටේ අය කුකුළත් අතින් අරන් නැගිටල කලට වෙලාවට වැඩ කරන  වලියට බර අය හින්දා වෙන්න ඇති ජාතික කුකුළාට වලි කුකුළෙක්ව තෝරා ගත්තෙ.

කුකුළා ජාතික පක්ෂියා හින්දා අපේ රටේ කුකුල් හොරකම් වෙන්නෙත් නෑ. මේ තියෙන්නෙ වෙන කොහෙදො මන්දා රටක වෙච්ච කුකුල් හොරකමක පින්තූරයක්.

ප.ලි
===
1. වලි කුකුළයි , පොර කුකුළයි කියන්නෙ වර්ග දෙකක්ද ?

[ 02 - Oct - 2011 ]

26 comments:

කතන්දර Kathandara said...

/* 1. වලි කුකුළයි , පොර කුකුළයි කියන්නෙ වර්ග දෙකක්ද ? */

ඕක නෙමෙයි ළමයා ප්‍රශ්ණය මෙන්න මේකයි!
"ඇටි කුකුළා, කුකුළෙක්ද?"

Charmi said...

ජාතික කුරුල්ලා කියනවට වඩා ජාතික කුකුලා කියද්දි පොඩි ගැම්මක් එනවා. නැද්ද?

Bindi said...

වලියට බර කුකුල්ලු නේ වැඩිය ඉන්නේ . කමකුත් නැහැ

Test Profile said...

මං දන්න තරමින් නම් දෙන්නෙක් බං. වලි කුකුලා කැලෑ ආශ්‍රිතව ඉන්නේ. පොර කුකුල කියන්නේ කුකුල් පොර සදහා හැඩ ගස්වපු මිනිසුන් එක්ක ජීවත් වෙන කුකුලෙක්.

Chanaka Aruna Munasinghe said...

@ කතන්දර Kathandara

සීයේ , මම දන්න ඇටි කුකුළෙක් නෑ. පොර කුකුළයි වලි කුකුළයි දෙකෙක්ද ? කියාපන්කො ? ගුරු මුෂ්ටි තිය ගන්නෙ නැතුව
==========
@ Charmi

හී හී, පොඩි නොවෙයි ලොකු ගැම්මක්
===========
@ Bindi

නෑ නෑ, ගොඩක්ක් කුකුල්ලු අහිංසකයි. වලි අය සුට්ටයි ඉන්නෙ.
===========
@ Prasanna

කැළෑ වලනම් කියන්න ඕනෙ වල් කුකුළා කියලනෙ.කැළේ අලින්ට වල් අලි කියන්නා වාගේ

හරී - පිණිපළස said...

වලි කුකුළා වලියට බර සතෙක් නොවේ!!!

ශ්‍රී said...

වලි කුකුළයි, පොර කුකුළයි කියන්නෙ දෙන්නෙක් තමා...

වලි කුකුළා කියන්නෙ කුකුළන් අතර වලියට බර එවුන්ට... පොර කුකුළා කියන්නෙ කුකුළන් අතර පොරක් නිසා... ලොල්

නෑ නෑ එහෙම නෙවෙයි... වලි කුකුළා ශ්‍රී ලංකාවට ආවේනික කැලෑ ආශ්‍රිතව වාසය කරන සතෙක්... පොර කුකුළා කියන්නෙ සාමාන්‍ය කුකුළන්ගේම විශේෂයක්. උන් වලියට බරයි... විශේෂ කෑම වර්ග එහෙම දීලා, සාත්තු කරලා ඇතිකරන්නේ පොර සඳහාමයි. මේ දෙන්නා ජීව විද්‍යාත්මකව වර්ග දෙකක්!

Anonymous said...

වළිකුකුලත් වලියට බර කුකුලෙක් තමා,
මුං ඉතින් ගහගන්නෙ ගෑනු කේස් වලට තමා,
මැරෙනකම්ම කෙලගන්නවා,
ඒ නිසා වලිකුකුලො දෙන්නෙක් එක තැන සාමකාමිව ඉන්නව කියන්නෙ හෙණ දුර්ලබ දෙයක්.
කොහොම වුනත මුං කොච්චරකෙල ගත්තත් ගෑනු මුට සාපේක්ශව පට්ට කැථයි.
මූ ලංකාවෙ ජාතික පක්ෂියා,
සෑම කලාපෙකම පාහේ විසිරිලා ඉන්නවා.

සංකල්ප said...

ලංකාවේ ජාතික කුරුල්ලා කුකුළා උනාට. ලංකාවේ ඈයෝ කුකුල්ලු මරන් කනවවේ. ඒකට මොකෑ අධිරාජයා කියන්නේ ?

සරත් ලංකාප්‍රිය said...

අයි.. නාකි ගැනියෙකුටවත් බස් එකක යන්න බැරි තරමට කුකුලෝ ඉන්නවනේ.. ඉතින් ඕක හොඳට ගැලපෙනවානේ..

ඉන්දික උපශාන්ත said...

වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්...අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං...

වළි කුකුලා යනු වලිග කුකුලා කෙටිවී වහරට ආ අයුරුයි.

පොත් ගුල්ලා said...

වලි කුකුලා ලංකාවට ආවේනික පක්ෂියෙක් නිසා තමයි ඌ ජාතික පක්ෂියා හැටියට නම් කරල තියෙන්නෙ. පුළුවන් තරං බලන්නෙ මිනිස්සුන්ව මග හරින්න. බොහොම කුලෑටි සතෙක්. අර ගොර්ඩෝනියා කිව්වා වගේ උන් උන් අතර වලි ඇති. ඒ ඉතින් වර්ගයා බෝ කිරීමට වැඩි අවස්ථා ලබා ගන්න නේ.

හිස් අහස said...

කුකුල් ගැන්සියේ ඉන්න කාටවත් බය නැති එලම කුකුලා තමයි ඒ ගැන්සියේ පොර ! ඉතින් ඌට කිකිලියන් විසින් "පොර කුකුලා" කියලා කියනු ලැබේ

වලි කුකුලා කියන්නේ කොච්චරවත් වලිදාගන්න වලියට බර එනමුත් වලියට බැස්සොත් ගුටි කාලා දුවලා කැලේ පයින එකෙක් ..

වලිකුකුලා පොරක් නෙවේ !

Buru Babe said...

මම ඉතින් ඔය කියන තරම් කුකුලෝ ගැන දන්නේ නෑ. ඒත් මතක විදියට වැලි කුකුලා කැලේ ඉන්නත් පොර කුකුලා කුඩු අස්සේ වහලා තීයනවත් තමයි දැකල තියෙන්නේ. අනික පොර කුකුලෝ මස් කන්නත් බෑ වෙන්න ඕනේ.
මෙහෙ මම කලින් වැඩ කල ෆාම් හොටෙල් එකක වලි කුකුලෝ වෙඩි තියෙනවා. වටුවන්ට හා වලි කුකුලන්ට වෙන්වෙච්ච දැල් ගහපු අක්කර පහක කැලෑවක්.
නියම වැඩෙ කියන්නේ ඒ කුරුල්ලෝ හැදුවේ වෙනම බිල්ඩින් එකක වහලා දාලා. අර දඩයමේ යන මිනිස්සු එන දවසට උදේ පාන්දරම ඒ කුරුල්ලෝ ටිකක් අල්ලල අර ඉහත කියපු කෑලේට දාලා එනවා. හවස් වෙනකොට දඩයක්කාරයෝ හෙන සතුටින් කුරුල්ලෝ වෙඩි තියාගෙන එනවා.
මම හිතන්නේ අද වෙනකොට ලංකාවෙත් වලි කුකුලා තියා ගම් කුකුලෙක් වත් නෑ. ඒ වෙනුවට අර වගේ ආටිෆිශල් කුකුලෝ ඉන්නේ.

Dinesh said...

මම දන්න තරමින්නම් වලි කුකුළයි , පොර කුකුළයි කියන්නේ දෙන්නෙක්...

Anonymous said...

මරක රජදහන අපේ ජාතියක් ගැන ඉස්සර හඬ නැගුව මතකයි...

සයුරි said...

කුකුළා නම් ජාතික පක්ෂියාට හොඳට ගැලපෙනවා තමයි...කුකුල්ලුමනේ ඉන්නේ :)

දිල් said...

වලි කුකුලා සහ පොර කුකුලා කියන්නෙ දෙන්නෙක් මම හිතන්නේ...

වෙනස නම් දන්නෙ නැත...

සාමාන්‍යයෙන් චානක " ජාතික කුරුල්ලා " කියනවට වඩා " ජාතික සත්වයා කියන එල ලේසියිනෙ...ඉතින් අපේ ජාතික සත්වයා වලි කුකුලා...ඒක නම් හැබෑවටම ගැලපෙනවා...ලංකාවේ වැඩි හරියක්ම ඉන්නෙ වලි කාරයෝනේ

Anonymous said...

dan wal ali na.inne wana ali.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මස් වලින් මම කන්නේ කුකුල් මස් විතරයි.......

Podi Kumarihami said...

තවත් හීනයක් නෙමේ වෙන්ට ඇති නේද? :D

මෙහෙම කීවොත් කොහොමද? වලි උනත්, පොර උනත් කුකුළ්ලු කුකුළ්ලුමයි...:)))

Unknown said...

අනේ අපි දන්නෙ නෑ ඕවා...

බිඟූ said...

මකරට ගිය කල. කුකුල්ලු ගැන හොයන්නේ නැතුව කිකිළියක් ගැන බැලුවොත් නරකද?

Anonymous said...

අද ලෝකය පුරා ඉන්නා කුකුලා ගේ (Gallus gallus domesticus) ආදී වාසීන් තමයි Red Junglefowl (Gallus gallus) නැත්නම් ලංකාවේ ඉන්න වලි කුකුලා කියන්නෙ. වලි කියන්නෙ පොර අල්ලන කැමැත්ත නිසා නොව වල් නොහොත් කැලෑවෙන් ආපු යන්න විය යුතුයි. සමහර විට 'වල් කුකුලා' කියන්න බැරි කමක් තියෙන්න ඇත්තේ ඒක වෙන අයට දාන නමක් නිසා!!!!

Red Junglefowl මූලාරම්භය ලංකාව පැත්තෙන්. වසර දහසකට එහා කාලයක. ලංකාවේ තාම ඉහත කුකුලන් දකින්න ඉන්නවා. මා ළඟ ලස්සන පින්තූරයකුත් තියනවා ලංකාවේ දී ගත්තු ජාතික පක්ෂියා වන රතු කරමලක් ඇති ආඩම්බර වලි කුකුලෙක්ගෙ!

Anonymous said...

වැලි කුකුල්ලු නම් අනුරාධපුරේ වගේ පැති වල ටවුන් එක හරියෙත් ඉන්නවා. උන්ව මරණ කට්ටිය අඩුයි.
මොකද එකක් දඩ වැඩි නිසා. අනිත් එක හරි හය්ය මසක්. ගම් කුකුල්ලු වගේ.ඒ වගේම මසුත් එච්චරම නෑ.
හැබැටම දැන් සත්තු මරණ කට්ටිය අඩුයි (අනුරාධපුරේ හරියේ නම්). ඇහුවහම සමහර අය කියන්නේ දැන් ළමයිනුත් ලොකු වෙලා හොද රස්සා කරද්දී ඔය වගේ ලජ්ජා වෙන වැඩ කරන්න බෑ කියලා.

මගේ කතාව

Chanaka Aruna Munasinghe said...

@ Eවෙර්යොනෙ

ප්‍රතිචාර වලට ස්තූතියි . ත්වත් කුකුල් කතා ගොඩකුත් දැන ගත්තා :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D