Friday, October 28, 2011

බලු රාලට සනීප නෑ



චූටි දෝණි පොඩි කාලෙ ඉඳන්ම දෝණිගෙ තනි නොතනියට හිටිය, චූටි දෝණි ගෙදර නැති වෙලාවට චූටි දෝණිගේ චූටි බෝලෙ පෙරල පෙරලා මිදුලෙ හිටිය පුංචි බලුරාලට සනීප නැති වෙලා.

පුංචි බලු රාලට ඇවිදගෙන යන්න සනීප මදි නිසා අම්මි අද බලු රාලව වඩාගෙන බලු දොස්තර මාමා ගාවට එක්ක යාවි.

චූටි දෝණි දැන් ටිකක් ලොකු නිසා අදට විතරක් අම්මිගේ අත අල්ලගෙන පයින් යන්න පුලුවන්.

දොස්තර මාමා බලු රාලට බෙහෙත් දෙන හැටි බලන් ඉඳලා චූටි දෝණිත් ලොකු වුණාම දොස්තර හොඳ හිත වගේ කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවනෙ.

[ 28 - Oct - 2011 ]

24 comments:

සරත් ලංකාප්‍රිය said...

මට නම් පෙනෙන්නේ වෙන විදිහට.. අර පුංචි කෙල්ල පුංචි කකුල් දෙක රිදී රිදී ඇවිදිනකොට අම්ම බල්ලව කරේ තියන් යනවා. හපොයි.. මාත් බල්ලන්ට ආදරෙයි හැබැයි දරුවන්ට පහලින්..

දිල් said...

අනේ දෙයියනේ බල්ලට ගිය කල...අර චූටි කෙල්ලෙ කකුල් රිදි රිදී පයින් ගාටද්දී මෝඩ අම්ම බලු තඩියව උස්සගෙන යන හැටි විතරක්..ඔව්වා තමා දිරවන්නෙ නැති වැඩ...

Dinesh said...

බල්ලට තියෙන ආදරේ....

Test Profile said...

පවුනෙ... අම්මි හිතන්න ඇති බලු රාලට සනීප නැතිවුනාම චඋටි දුවටත් පාළුයිනේ... ඉතිං ඒක නිසා දෙන්නවම දොස්තර ගාවට ගෙනියනවා කියලා....

කපීකේකි said...

අපේ ගෙදරත් සමහර වෙලාවට අපි කාල ඉවරයි කියල හිතල අම්ම ගෙදර ඉන්න පූසට බත් මාලු අනලා දානව මට මල පනිනව ඉතින්.ඇයි යකො! මිනිස්සුන්ට වඩා ඌට සැලකිලි.

සයුරි said...

බල්ලට ඇත්තටම සනීප නැතුව ඇති මම හිතන්නේ :))

උදාර said...

පේන විදිහට නම් බල්ලට කෙසේ වෙතත් අම්මට නම් හොඳටම අමාරුයි වගේ...

සංකල්ප said...

අර චූටි දෝණි පවු නේද ?

@කපි කේකි :
ඔයාට ඉතින් කන්න දීලා පිරිමහන්න බැරි හන්දා වෙන්ටෑ.

priyantha said...

ලෙඩ උනාම බවුවෝ වඩාන යන්න ඕනිනේ. නැතිනම් බවුවෝ බවුනේ...:DDD

බිඟූ said...

සරත් ලංකාප්‍රිය සමග එකඟයි.

Unknown said...

හප්පේ බල්ලට තියෙන සැලකිලි..
මේක දැක්කාම මට මතක් වුනේ අපි කැම්පස් ඉන්න කාලෙ පාඩම් කරලා රෑ බෝඩිමට යනකොට දැක්ක සිද්දියක්.කරුවලේ මිනිහෙක් එනවා ඉස්සරහින් අතක් උරහිස උඩ තියාගෙන.උරහිස උඩ පොට්ටනියක්. අපි බයත් වුනා හොරෙක්වත්ද කියලා.ලගට එද්දි මිනිහා හොදටම බීලා,සින්දු කියනවා. බලු තඩියෙක් කර උඩ හොදට ශපාන් එකේ යනවා...:))

හිස් අහස said...

කල්ල බරේ !!

මකුළු පැංචි (මංචි) said...

හනේ...
පින්තූරයක් දැක්ක ගමන්..ඒකේ උඩින් පේන දේට බනින්න නම් මට අදහසක් නෑ..මකරා කියලා තියෙනවත් වගේ සමහර බල්ලො ඉන්නවා ගෙදර මිනිස්සුන්ටත් වඩා පවුලට හිතවත්තිතින් එහෙම සතෙක්ව නම් අසරණ වුණු වෙලාවක කරේ තියාගෙන ගියා වුනත් ඒකේ වරදක් මමනම් දකින්නෙ නෑ...

කතන්දර Kathandara said...

ප්‍රායෝගිකව හිතන්න.
බල්ලට කර පටියක් දම්වැලක් නැතුව පාරේ ගෙනියන්ණ බෑ.
ළමයාව අතින් අල්ලන් යන පුළුවන්. බල්ලගේ නැට්ටෙන් ද අල්ළන්නේ.

Dude said...

Food for thought...
henryblogwalker the Dude

වසිලිස්සා said...

අනේ මමත් දවසක් ඉස්කෝලෙත් නොයා මගේ පුංචි බලු පැටියව රෙදි කැල්ලක ඔතාගෙන දොස්තර ගාවට අරන් ගියා, බස් එකෙන්ම .පිරිමි ළමෙක් ටක්ගාල නැගිටලා මට සීට් එකකුත් දුන්න.පස්සේ ඒ ළමය යාලුවෙක් එක්ක කියනවා,"අනේ බන් මේ බබාට ලොම් ගොඩක් එක්ක වලිගේකුත් තියෙනවා" කියල.අපේ තනි නොතනියට සමහර මිනිස්සුන්ටත් වඩා හොඳ ගතිගුණ තියෙන සුරතලෙක්ට අසනීප වුනාම සලකන එක අපේ යුතුකම කියලයි මන්නම් හිතන්නේ.

Podi Kumarihami said...

අර මම වගේ චූටි බව්වෙක් අරං හදාගත්තා නම් ඉවරනේ. කාරෙකේ දාගත්තා, බව්-සීට් බෙල්ට් දැම්මා. 'හොඳ - හිත ' දොස්තර නෝනා ලඟට ගියා. බැස්සා. වඩා ගත්තා. ගියා. බෙහෙත් ගත්තා.

එයාට එතන ඉන්න ඔක්කොමලාම ආදරෙයි. බව්-බිස්කටුත් දෙනවා..:-)

``` Outsider``` said...

නොදකින් දඩෝරියාගෙ කැත හිනාව...

malmi said...

පොඩි එකාගෙ තාත්තටවත් ඔහොම සලකනවද මන්දා

සරත් ලංකාප්‍රිය said...

මේ කුක්කට ඉහෙන් බහින රෝගයක් නැති බව එයාගේ හිනාවෙන්ම ඔප්පු වෙනවා නේද ?

Charmi said...

:)

ලොකු පුතා said...

බව්වා හොඳින් ඉඳිද්දී දෝනිව පයින් එක්කගෙන යනවනම්,
"අනේ මේ වගේ නොසන්ඩාල ගෑනියෙක්" කියල කියන්න කලිනුත් තව පොඩ්ඩක් හිතන්න වෙනවා.
මොකද "කකා" කියපු විදිහට බෙල්ට් එකකුත් නැති නිසා වෙන ගෙනියන්න විදිහකුත් නැති නිසා(තමන්ගේම කියල වහනයක් නැත්නම්) එහෙම කළා වෙන්නත් පුළුවන්.
හැබැයි ඉතින් බව්වා අසනීපෙන්නම් වෙන කරන්න දේකුත් නැහැ.

මමනම් පෞද්ගලිකව මේ වගේ අවස්ථා ඇති වන එක අවම කරගෙන තියෙනවා.
ඒ කියන්නේ මම බව්වෝ හදන්න කැමති නැහැ, එයාලගේ ඇඟේ තියෙන මවිල්, මැක්කෝ ගේ හැමතැනම යන නිසාත් අනවශ්‍ය කරදරයක් ඇති කර ගන්න අවශ්‍ය නැති නිසාත්.
ගොඩක් මිනිස්සු බව්වෝ වෙනුවෙන් වියදම් කරන මුදල් දුප්පත් ළමයෙක් වෙනුවෙන් වියදම් කරන්න කැමතිනම් මේ ලෝකෙට පලක් ප්‍රයෝජනයක් තියෙනවා කියල මම හිතනවා.

Rajitha Abeysinghe said...

වෙලාවකට හිතෙනවා මිනිහෙක් වෙලා උපන්නට වඩා හොදයි මේ වගේ බල්ලෙක් වෙලා ඉපදෙන්න තියෙනවා නම් කියලා :-)

Chanaka Aruna Munasinghe said...

@ Eවෙර්යොනෙ

ප්‍රතිචාර වලට ස්තූතියි . එකම පින්තූරෙ/එකම සිද්ධිය එක එක අය එක එක විදිහට දකිනවා :).

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D