Tuesday, November 15, 2011

අනපේක්ෂිත ප්‍රශ්නයක්



.


අදින් දවස් 2කට කලින් නොවැම්බර් 13 ඉරිදා. මහ කම්මැලි දවසක්. කරන්න කිසිම වැඩක් නෑ. උදේට කෑම කෑවා . රෙදි හේදුවා. පොඩ්ඩක් වෙලා ඇඳේ හාන්සි වෙලා හිටියා. නින්ද එන්නෙත් නැති තරමට කම්මැලියි. කරන්න දෙයක් හිතට එන්නෙම නෑ. පාරට බැහැලා ඉබාගාතෙ ඇවිදගෙන ගියා.

ඔහොම ඇවිදගෙන යනකොට යනකොට යනකොට .... මට දුටුවා මම යන පැත්තට විරුද්ධ දෙසට ඇවිදගෙන එන කාන්තාවන් දෙන්නෙක් . ඒ දෙන්නගෙ කියන්න තරම් විශේෂත්වයක්නම් මට මතක නෑ . ඒත් එකිනෙකා පහු කර යන ගමන් අපි අතරෙ පුංචි හිනාවක් හුවමාරු වුණා.

අපි එකිනෙකා පහු කරහෙන යද්දි ඒ දෙන්නා එක්වරම නතර වුණා . මාත් නතර වුණා. ඒ දෙන්නගේ මූණු වල තිබ්බේ උදවුවක් ඉල්ලන පෙනුමක්.

One lady said "Shall I ask a Question ?"

I said  "‍Yes,OK" . I was thinking they are trying to ask about a place or road or some thing.

But

.
.
.
.
.
.
She look at me with very serious face and  asked

.
.

"What is happiness ?"
.
.
I was in "mm,m,m,m,m,m,m" mode for few seconds , may be 15 seconds

I felt they need some  answer other than "I dont know"

.
.
.
I said  "Happiness is a state of mind"
.
.
The two ladies smiled at each other like they are thinking that I am an Idiot. I slightly embarrassed due due to the way they reacted for my answer :)
.
.
Then one lady took some book from her bag and opened it and
showed  me some paragraph and asked me to read it.

It was some bible kind of book I read it. I cant remember what was there
But there were some phrases about happiness. I was reading it without understanding it much. I was confused what they will do next .

Even after finished  reading it, I did not know what to tell next. I just gave a  little smile :).
..

.
.

Then they asked Do you like to learn more about happiness

I said "yes".

They gave me a leaflet and said "Our address is there"

Quickly I realized they are belonging to "Jehovah's Witnesses" group.

I said "Thank you" and exit from the scene.

This was a very small unexpected incident last long in few minutes.
But still I was thinking "What is happiness ?"

and now I remember  the answer for unexpected question.

 සංතුෂ්ටි පරමං ධනං !!!

[ 15 - Nov - 2011 ]

26 comments:

නලිනි චන්දිමා said...

මේක කියෙව්වම මට මතක් වුණා අජාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන් චතුරාර්ය සත්‍යය හඳුන්වන නම්: අපි කියන දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග වෙනුවට උන් වහන්සෙ කියනවා ප්‍රීතිය නැතිකම, ප්‍රීතියක් නැති වීමට හේතුව, ප්‍රීතිය, ප්‍රීතිය ඇති කරවන මාර්ගය කියලා. :D

තිස්ස දොඩන්ගොඩ said...

දැං කොයි එකද අනපේක්ෂිත ප්‍රස්නේ?

Chanaka Aruna Munasinghe said...

@ තිස්ස දොඩන්ගොඩ

"දැං කොයි එකද අනපේක්ෂිත ප්‍රස්නේ? "

ගගෙන් ගෙඩි එන්නා සේ පාරේ යන මිනිහෙකුගෙන් "What is happiness" කියා අහන එක අනපේක්ෂිත පරශ්නයක් නෙවේයිද ?

Podi Kumarihami said...

හොඳ වැඩේ ඉබාගාතේ ඇවිදින්ට ගියාට. රෙදි ටික හෝදලා, හොඳට කාලා, බීලා, නෑවානම් නිදිමත එනවා.

Happiness කියනකොට මට මතක් උනා මෙන්න මේ කියමන.

"Happiness is like a butterfly which, when pursued, is always beyond our grasp, but, if you will sit down quietly, may alight upon you. "

Chanaka Aruna Munasinghe said...

@ නලිනි චන්දිමා

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ දේවල් එක එක ආකාරයෙන් විවිධ තැන් වල විස්තර කර තිබෙන්නේ එක් එක් කෙනා අවබෝධ කරගන්නා ආකාරය වෙනස් නිසාලු.
============
@ Podi Kumarihami

රෙදි ටික හෝදලා, හොඳට කාලා, බීලා, නාලා ඊටත් පස්සෙයි මේ වුණේ . මට නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනවා අප්පා.
කවුරු හරි බෙහෙත් දීපියෝ

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

අප්පොච්චියේ මෙහෙත් ඉන්නවා ඔය කට්ටිය. කියලා වැඩක් නැහැ.

මමත් හිතන්නේ මුහුණ කියන්නේ හදවතේ කැටපතක්. මිනිසාගේ මුහුණෙන් හදවත කියවන්න පුළුවන්.

Chanaka Aruna Munasinghe said...

@ වෙද ගෙදර මහ වෙදනා

ම් ම් ? මගේ මූණෙන් මොනව හරි කියෙවුවවත්ද ?
නෑ එහෙම වෙන්න බෑ. මම ෆුල් ෆන් එකේ ඇවිද ඇවිද හිටියෙ :)

පැන්ඩා said...

අපොයි මේක දිහා මෙහෙම බලන එක කැත වුනත් මම දකින්නෙ ඕක කෙලින්ම මාකටින් ට්‍රික් එකක් විදිහට...
හොඳ approach එකක්..සන්තුෂ්ටි පරමං ධනං කියල මතක් නොවුන නම් මකර අයියට එහෙම මතක් වෙන්න පසු බිමක් නොතිබ්බ නම් ගෙදර ගිහින් තනියෙන් ඇඳකට වෙලා තමන්ගෙ ජිවිතේ දිහා බලල සතුට ගැන හිත හිත ඉන්නකොට ජිව්තේ මීට වඩා සතුටින් ගෙවන්න ඕනි කියන හැගීමත් එක්ක එකට ක්‍රමයක් හොයන්න ඕනි කියල හිතුනොත් ඒ පොර අනිව කොල් කරනව ඔය ලීෆ්ලට් එකට..
ඊටපස්සෙ ඉතින් ගැලවීමක් නැ..සමහරවිට එයාල එක අපිට ඇත්තටම සතුට ලඟා කර දීමෙ පවිතුරු චෙතනාවෙන් දෙන ට්‍රයි එකක් වෙන්නත් පුලුවන් නමුත් වෙන්නෙ ඕක නේද නොදැනුවත් නම් සීන් එක ගැන

Chanaka Aruna Munasinghe said...

@ පැන්ඩා

තම තමන්ගේ විශ්වාස ප්‍රකාශ කිරීම සහ ප්‍රචාරය කිරීම හැමෝම කරනවා.

1. සමහර විට අපිට ඇත්තටම සතුට ලඟා කර දීමෙ පවිතුරු චෙතනාවෙන් දෙන ට්‍රයි එකක් වෙන්නත් පුලුවන්

2. තමන්ගේ එදා වේල හොයා ගන්න දරන උත්සාහයක් වෙන්නත් පුලුවන්

Rajitha Abeysinghe said...

වෙනදා ගොඩක් වෙලාවට මේ පැත්තෙ නො එන මම මේ තකහනියක් ආවේ මොකක්ද මේ අනපේක්ශිත ප්‍රශ්නේ කියලා බලලා යන්න.බලන් ගියහම ප්‍රශ්නයක් නෑ වගේ.ප්‍රශ්නයක් නැති එකත් වෙලාවකට ප්‍රශ්නයක්.මුලින් අනපේක්ශිත ප්‍රශ්නයක් කියලා කිව්වේ බාග වෙලාවට මකරයියට අපේක්ශිත ප්‍රශ්න මොනවහරි තියෙනවද? :D

මම නම් කවදක්වත් එක එකාට සාක්ශි කියන්න යන්නේ නෑ.මොකදට උසාවි ගානේ යන්නේ.ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න තියෙනවනම් ඒ ඇති.රජසැප එපා!

ජීවිතේ මල් said...

හික්ස්....
මකරටත් තියන ප්‍රස්න ! ඒ මදිවටමග තොටෙ අයට තියන ප්‍රස්න ! වට් ඉස් හෑපිනස් ? කිව්වම,
හෑපිනස් ඉස් හෑපිනස් කියන්න තිබ්බෙ >>>>> :) හෑකිස්

Chanaka Aruna Munasinghe said...

@ Rajith

:) . හොයා බලන්න ආවට ස්තූතියි
============
@ ජීවිතේ මල්

හ්ම් එහෙම තමා කියන්න තිබ්බෙ.

වින්චැට් කිරිල්ලි. said...

මූන දැක්කාම ''හැපිනාස්'' එකක් දෙන්න හිතුනද දන්නෙ නැහැනෙ.......

Chanaka Aruna Munasinghe said...

@ වින්චැට් කිරිල්ලී.

ඔවු එහෙම හිතෙන්න ඇති :( :( :(

සංකල්ප said...

හරියටම හරි !!!
සතුට තමා වටින්නේ.

මකුළුවා..... said...

නියමයි මකරයියේ.....

Beetle said...

උඹට කියන්න තිබුණේ අනේ මම නම් මේ රටේ කෙනෙක් නෙමෙයි, මේ රටේ කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න කියලා :D

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

මෙන්න මෙහෙමයි සම්පූර්ණ ගාථාව තියෙන්නෙ.

ආරෝග්‍යා පරමා ලාභා - සංතුට්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති - නිබ්බානං පරමං සුඛං

උතුම් ම ලාභය නිරෝගී භාවයයි. උතුම් ම ධනය සතුටයි. උතුම් ම නෑයා විශ්වාසයයි. ඒ සැම අතරින් උතුම් ම සැපත නිර්වාණයයි.
==================
@ මකුළුවා.....

ස්තූතියි
==================
@ Beetle

හී හී, එහෙම කීවනම් ඒ අය unhappy වෙනවනෙ.
Now they were happy. I am also Happy :)

Bindi said...

They all lived happily ever after....

Chanaka Aruna Munasinghe said...

@ Bindi

:)

Unknown said...

හප්පේ මටත් අද උදේ බස් එකේදි ගෑණුකෙනෙක් පොඩි ලීෆ්ලට් එකක් දික් කරලා කිව්වානෙ මේක කියවන්න කියලා.මං ඩිම් වෙලා ගියා.කෝකටත් කියලා අර ගත්තා අතට.ඒකෙ නම "දුක් වේදනාවල නිමාව අත ළඟයි".

Chanaka Aruna Munasinghe said...

@ නිසුපා

දුක් වේදනාවල නිමාව අත ළඟ නම් කොච්චර ශෝක්ද

හිස් අහස said...

//අපි එකිනෙකා පහු කරහෙන යද්දි ඒ දෙන්නා එක්වරම නතර වුණා . මාත් නතර වුණා. ඒ දෙන්නගේ මූණු වල තිබ්බේ උදවුවක් ඉල්ලන පෙනුමක්.//

ඔතනින් පහලට තියන දේවල් කියවන්න කම්මැලියි අප්පා :)

Chanaka Aruna Munasinghe said...

@ හිස් අහස

අනේ සඳරුවෝ සොරි. මට ඒක ඒ ගතියම එන්න
සිංහලට පරිවර්තනයක් කරන්නත් තේරෙන්නෙ නෑ නොවැ.
සරලව මෙහෙමයි.

මම පාරෙ යද්දි කෙල්ලො දෙන්නෙක් ආවා.
උන් දෙන්නා නැවතිලා උදවුවක් කරන්න පුලුවන්ද ඇහුවා
මම හිතුවෙ පාරක්වත් අහනව ඇති කියල
මගෙන් ගහෙන් ගෙඩි එන්නා වගේ ඇහුවා "Waht is Hapiness?" කියලා.

එහේම ඇහුවම උත්තරයක් දෙන්න බෑනෙ.

:)

Buru Babe said...

මම ගොඩාක් වෙලාවට පාරේ යද්දි ටිකක් හයියෙන් ඇවිදින්නේ.
ඉතින් මේ වගේ එක පාරට මාව නතර කරලා සමා වෙන්න කියලා අහන ප්‍රශ්නෙට දැන් පුරුද්දටම නෑ ස්තුතියි කියනවා පුරුද්දට.
මේ ළඟදි දවසක මෙට්‍රෝ එකේ කාඩ් එක පන්ච් කරන්න එලියට ගන්නකොට මගේ අයි ඩී එක වැටිලා.
පිටිපස්සේ හිටපු මනුස්සයා ඒක දැකලා මැඩම් සමා වෙන්න කියනවා ඇහෙද්දිම මම නෑ එපා කිව්වා. පස්සේ ඒ මනුස්සයාට තේරිලා මම පස්සේ දුවගෙන ඇවිත් මම බයිබල් නෙමෙයි මේ ඔයාගේ අයි ඩී එක දෙන්නයි කතා කලේ කියද්දි අපි දෙන්නටම එක විදියට හිනා.

Chanaka Aruna Munasinghe said...

@ Il mondo di una povera pazza

හික්z, ඒ මනුස්සයට සිද්ධිය තේරුණු නිසා හොඳයි :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D