Friday, November 25, 2011

කවි හදන හැටි ?



මුල් පදය නුඹ කියන්
දෙවෙනි පද මම කියමි
එයින් පසු අනිත් අය
ගොඩක් පද  හැදුවාවෙ


Mini කවි වල නොපළ කවියකි.


[ 25 - Nov - 2011 ]

20 comments:

Podi Kumarihami said...

මුල් පදය නුඹ නොකීවත්,
දෙවන පද මම නොකීවත්,
ඉන්පසුව අනික් අය
ගොඩක් පද හදනවාමයි...:D

Test Profile said...

ඔව් බං මකරෝ. ඒක තමා නේන්නම් වෙන්නේ....!

Dinesh said...

මුල් පද දෙක කොහොම උනත් අනිත් අය හදන පදනේ අහන්න අමාරු..

පූසා said...

පොඩ්ඩි අක්කාට නම්
බොහෝ පද ඇති හැඩයි
මකර අයියාගේ දුටු
හොඳම පද වැල මෙයයි!

Hasitha Gunasinghe said...

පද හදන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි

Gimhani said...

සරල අර්ථවත් අදහසක්. ඇත්තම ඇත්ත මාත් ගොඩාක් උත්සාහ ගන්නේ මේ පද අහගන්නෙ නැතිව ඉන්න...තාමනම් නැ මම ඉන්න රටාව නිසා. ඒකෙන් මිදුනොත් අනිවාර්යෙන් පදයක් අහන්න වෙනව.

සංකල්ප said...

අනිත් අය තම ගොඩක් පද හදන්නේ.
මකරා අයියගේ කවිත් මරු නෙ

Kavindya said...

අනේ කවි
මෙහවි කවි
නිකං පද හදාගත්
මෙහෙව් කවි

Unknown said...

හප්පේ...වෙන අයටනම් පද හදන්න යන්න එපා..

තිස්ස දොඩන්ගොඩ said...

මේක ලස්සනයි මල්ලී...

Bindi said...

superb

ලොකු පුතා said...

බොහෝම ලස්සන පුංචි කවියක්...
පතරංග ජාතකේ වගේ කවි කියවන්න මටනම් කම්මැලියි :)

වින්චැට් කිරිල්ලි. said...

මාව එක දවසක් වත් දැක නැති,වචනයක් වත් කතා කර නැති,මා ගැන දන්නේම නැති,අන්තරජාලයේ උදවිය මට පද හදති.......අනේ සංසාරේ..!!

හිස් අහස said...

සුපර් එකයි බං ..

පද හදරෙන් පට්ට වැඩක්

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

කවුද කවුද අහිංසක පොඩ්ඩිට පද හදන්නෙ ?
===========
@ ගෝල්ඩ් ෆිෂ්

ඔව් ඔවු :) , ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නෙ
============
@ Dinesh

ඒ අනිත් අය හරියට පද හදන්න දන්නෙ නැති හින්දයි අහන්න අමාරු
===========
@ පූසා

ස්තූතියි පූෂ්,
පූෂුත් පොඩ්ඩි අක්කට පද හැදුව නේද ? ඉන්නකො කියන්න කේලම

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

මම මේ කියන්නෙ කවි පද ගැනනෙ.
කවි පද හදන්නත් හොඳ නෑද ?
===========
@ Gimhani

ගිම්හානි හොඳ ළමයෙක්නේ. කවුරුත් පද හදන එකක් නෑ
===========
@ මධුරංග

අනිත් අයට පද හදන්න ඉඩ දීලා අපි ඒවා රස විඳින එක තමා ලේසි වැඩේ.
===========
@ සුදු හංසි

:) , කවුද පද හදා ගත්තෙ ?
===========
@ නිසුපා

වෙන අයට පද හදා දෙන්න තියා මටවත් පදයක් තවම හදා ගත්තෙ නෑ

Chanaka Aruna Munasinghe said...

@ තිස්ස දොඩන්ගොඩ

ස්තූතියි තිස්ස අයියේ !
===========
@ Bindi

Thank you !
===========
@ ලොකු පුතා

පතරංග ජාතකේ වගේ කවිනම් මට ලියන්නත් බෑ
බලන්න මේක දිග වැඩිද කියල
http://status-chanaka.blogspot.com/2011/06/blog-post_23.html

Chanaka Aruna Munasinghe said...

@ වින්චැට් කිරිල්ලී.

කවුද කවුද කිරිල්ලිට පද හදන්නෙ?
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා ?
=============
@ හිස් අහස

ස්තූතියි සඳරුවෝ !

චතුර විජේකෝන් said...

අගේ ඇති අදහසක්..

Hishan de Silva said...

සුපිරි පේලි හතරක්.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D