Friday, April 24, 2009

ලෝකෙ වංචනිකම මැතිවරණය




ඉර බහින පැත්තෙ මැතිවරණයෙදි සමහර අයට තමන්ගෙ ඡන්දයත් සමඟ බෝනස් ඡන්දත් හම්බ වෙලාලු. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 5,4,3 ක් බැගින් ලැබිච්ච අයත් ඉන්නවලු. අලුත් අවුරුදු බෝනස් විදිහට අමතර ඡන්ද 150,000 - 200,000 ක් විතර ප්‍රමාණයක් බෙදල දීල කියලයි කියන්නෙ. හැබැයි මේ කියන්න යන්නෙ හෙට තියෙන බස්නාහිර පළාත්සභා මැතිවරණය ගැන නම් නෙවෙයි.

ගිනස් වාර්තා වල සඳහන් වෙන විදිහට 1927 ලයිබීරියාවෙ පවත්වපු ජනාධිපතිවරණය තමයි ලෝකෙ වංචනිකම මැතිවරණය. මේ මැතිවරණය ජයගත්තු චාල්ස් කිං ඡන්ද 234,000 ක් ලබා ගත්තලු. හැබැයි ඒ වෙනකොට ලයිබීරියාවෙ මුළු වලංගු ඡන්දදායකයන්ගෙ ගණන 15,000 යි ලු. ඒ කියන්නෙ 1560% ක අලිම අලි වංචාවක්.

අනේ ඒ අතින් බලනකොට ලංකාවෙ මැතිවරණ කොච්චර නිදහස් හා සාධාරණද, නේද ?


[ 24 - APR - 2009 ]




9 comments:

පොතේ ගුරා said...

හික් හික් හික්...උබ මැතිව‍රණ කොමාට ලෝකෙ හොදම කොමා කිව්ව දවසෙ ඉදන් පොර වැඩ ව‍රද්දගන්න එක වැඩි වෙලා..කොහොම උනත් අපේ කොමා තව කාලයක් හිටියොත් ඔය ගිනස් වාර්ථාව කැඩෙන්න බැරි නෑ..ජයවේවා!!

ගයන්ත said...

හික් හික්...
ලංකාවෙ උදවියත් මැතිවරණෙ සාධාරණත්වය සසඳන්න පාවිච්චි කරන‍්නෙ ඔය කියන මැතිවර‍ණෙ රිපෝට් එක වෙන්න ඕනෙ ;)

ශාකුන්තල | Shaakunthala said...

:D

Anonymous said...

අම්මෝ අපේ දේශපාලු මාමාල බ්ලොග් නොබලත්වා කියල හිතාගමු. නැත්තං ඔය රාත්‍රී වැඩසටහන් වල සංඛ්‍යා ලේඛණ කියවද්දි මේකත් කියවයි. ඊට පස්සෙ කියයි තාම ලංකාවෙ ඡන්ද වංචාව 1000%ක්වත් නෑ කියල :D

Narada said...

එව් කොච්චර හොදද මකරෝ!

said...

අපෙන් ගියාද දන්නේ නැහැ උදවුවට?

Chanaka Aruna Munasinghe said...

@පොතේ ගුරා

ඒකනෙ මම අත වරද්ද ගත්තනෙ බ්ලොග් එකක් ලියන්න ගිහින්.
මේ ලියපු එකත් වැරදිද මන්දා. මේ පෝස්ට් එක දැකල අපේ දේශපාලක මාමෙකුට හරි නැන්දෙකුට හරි ඒ වාර්තාව කඩන්න හිතක් පහළ වුනොත්වත් ?
------------------------------
@ගයන්ත,ech

ඔවු ඔවු , අපේ මැතිවරණ වල වංචා 100% ටත් අඩුයිනෙ. කොච්චර සාධාරණද මේකත් එක්ක බලනකොට
------------------------------
@ශාකුන්තල

:-p
------------------------------
@-බිNku-

ඒකනෙ, බලන්නකො නේද?
------------------------------
@ම

අපොයි නැහැ. අපේ අයියල කොච්චර සාධාරණද. නිදහස් හා සාධාරණ මැතිවරණ තියන හැටි ලෝකෙ අනිත් රටවල් දැන් ඉගෙන ගන්නෙ අපෙන්. යුද්ධ කරන හැටි ටියුෂන් දෙන්නෙත් අපිමනෙ
------------------------------

Sasika Nanayakkara said...

ලංකාවේ මැතිවරණ ඔච්චරටම හොර කරන්න ඔනේ නැහැ.බස්නාහිරත් එකම නමින් ඡන්ද කාඩ් දෙක තුන ප්‍රින්ට් කරලා තිබ්බට එවා එච්චරම ගනන් ගන්න ඔන්නැ හරිද.එවා ප්‍රින්ටින් මිස්ටෙක් හරිද.
චල්ස් කිං වගේ නෙමේ අපේ කිංලා ඔච්චර මහන්සි වෙන්න ඕනැයැ එකට මෙච්චර ලෙසියෙන් ඡන්දදායකයින් ගොනාට අන්දවන්න පුළුවන් කම තියෙද්දි.මෙක කොච්චර සිම්පල් පැලැන් එකක්ද?

Anonymous said...

අපේ රටේ වැඩත් නරක නෑ... ජනාධිපති අපේක්ෂකයෙකුගෙ ඡන්දෙත් හොරෙන් දාල තියෙනවලු...

- Asiri -

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D