Sunday, July 12, 2009

අනේ මෙහෙම හදිස්සියක්


හදිසි නීතිය තවත් මාසෙකින් දීර්ඝ කරලා කියලා කියනවා ඇහුනා. ඒකනම් ඉතින් අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒක ඉතින් මතක ඇති කාලෙ ඉඳන් හැම මාසෙකට වතාවක්ම ඇහෙන ප්‍රවෘත්තියක් බවට පත් වෙලානෙ.


අනේ මන්දා , මේ මැති සබයේ ඉන්න මාමල නැන්දලා හැම මාසෙකටම එක දවසක් නාස්ති කරනවනෙ ඔය වැඩේට. අනික පාරවල් එහෙමත් වහලා බොහොම හදිස්සියෙන් තමයි මැතිසබයට යන්නෙ. මෙහෙම හදිස්සියක් තියගෙන රට සංවර්ධනය කොරන්නෙ කොහොමද හැබෑට ?


හදිස්සියට කොරස් කටේවත් අත දාගන්න බැරිලුනෙ. ( කොරස් කටේ විතරක් නෙවෙයි හදිස්සියට මකර කටේ වුනත් අත දා ගන්න බැහැ. හුඹස් කටේ නම් පුළුවන්ද වෙයිද මන්දා )




මැටිසබය

[ 12 - JULY - 2009 ]



3 comments:

ඉ-නැණ පියස said...

එහෙම කියන්නත් එපා.ඔය හදිස්සියේ යනවා ඇත්තේ "දියවන්නා මොන්ටිසෝරියේ" තමන්ගේ පුටුව අල්ලගන්න වෙන්නැති.වෙන කවුරුහරි අල්ලගත්තොත් වැඩක්නෑනේ.පව්නේ ඉතින්, පොඩි එවුන්නේ තාම.

දිමුතු said...

පාර්ලිමේන්තු දවසට පාරවල් වහන එක නම් මීට පස්සෙ කරන්නෙ නැතිලු.

malee_msg said...

අනේ පව්නේ... දවස් ගා‍ණක් නොකා ඉදලා පාර්ලිමෙන්තුවේ කැන්ටිමෙන් බඩ පිරෙන්න කන්න නේ යනවා ඇත්තේ... මේ මකරා මකර වැඩක් බලාගෙන ඉන්නේ නැතුව මොනාට මොනටිසෝරි වැඩ හොයන්න යනවද මංදා...!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D