Thursday, August 20, 2009

Kaspersky තොග අවසන් කිරීමේ මහා දන්සැල


අද අපේ School එකේ තිබුනා Kaspersky Antivirus 2009 තොග අවසන් කිරීමෙ මහා දන්සැලක් තිබ්බා. 2010 ඒවා එන හින්දා ඒවා stock කරගන්න ඉඩකඩ හදා ගන්න එපැයි. බලන්න , ලංකාවෙ ජංගම දුරකථන සමාගම් SIM බෙදන දර්ශනයකට ටිකක් විතර සමානයි නේද ?







CD එක 2009 වුනාට ඒකත් එක්ක දීපු Activation Code එක නම් 2010 එක්කත් Valid . CD බෙදන ගමන් Kaspersky එකේ අයියලා අපිට උපදෙස් දුන්නා CD එකෙන් install කරන්න එපා 2010 installer එක Download කරලා ඒකෙන් install කරගන්න කියලා. CD එක ලස්සනට තියා ගන්නලු.

ඉතින් මමත් පෝලිමෙ ගිහින් එකක් ගත්තා. මම ඉතින් ගත්තෙ 1යි. ( වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපී... ) . එතන හිටපු අයියලාටනම් ඒ වෙලාවෙම තැන්කියූ කිවුවා. ඔන්න කැස්පර්ස්කි අංකල්ටත් බ්ලොග් එක හරහා තැන්කියූ කියනවා.

මම අදයි දැනගත්තෙ , කැස්පර්ස්කි අංකලුත් අපේ පුටින් අංකල් වගේම KGB එකේ කෙනෙක්ලු.



Eugene Kaspersky - Founder of Kaspersky Lab


[ 21 - Aug - 2009 ]



11 comments:

Indranama said...

මේ යක්කුන්ට ඔය ප්‍රමෝෂන් මේ සිරිලංකාවෙ කරන්න බැරි හැටි !
ඇයි අපි කලු නිසාද? :@

Narada said...

ඔය විදිහටමයි මාත් NOD32 ගත්තේ, හැබැයි ඔහොම නම් නෙමේ කඩේක ගිහිං පරණ එකක් ( Version 3 ) අරං ලියාපංදිචි වෙලා version 4.x භාගත කරලා පාවිච්චි කොරන්නේ.

Norton, Office 2007, Windows Vista (with se7en upgrade option for additional charge), Mcafee ඔය වගේ වැඩත් කරනවා මෙහේ.

ශාකුන්තල | Shaakunthala said...

මකර රජාට පුළුවන්නෙ මෙහෙ ගෙනත් බෙදන්න. :D

Thameera said...

මකර හින්දම හොඳයි, මෙහේ අයියලා නම් පහ හය අරගෙන එළියට ගිහිල්ල හොඳ හොඳ බිස්නස් කරාවි!

Anonymous said...

ane ban,warez forum eke weekly kaspersky keys 1000 withara watena kota mokatada kIS sali deela ganne

malee_msg said...

හප්පා.. ඒක හරි ලස්සනයි අප්පා.......!

GNS said...

අපිටත් නැද්ද? :(

Anonymous said...

ලංකාවේ ඔව්ව නෑනේ... :(

Chanaka Aruna Munasinghe said...


@ All

ලංකාවෙත් තියෙනවා. ලංකාවෙ විශ්ව විද්‍යාල වලට දීපු එක තමයි "තාරුණ්‍යයට හෙටක්" එකේ අයියල ගත්තෙ.
------------------------------

@ malee_msg

කෝ කෝ මොකක්ද ලස්සන , කැස්පර්ස්කි අංකල්ගෙ හිනාවද ?
------------------------------
@ Anonymous

These were free
------------------------------

පැතා said...

අපට කොයින්දෝ රංවන් රං ඔන්චිල්ලා......

Janelle S said...

Great readingg

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D