Thursday, September 2, 2010

18+ සහ අමුඩය ගැසීම



මේ දවස් වල හැමෝම වගේ කතා වෙන්නෙ 18+ ගැන. එහෙමත් නැත්තන් 18 වෙනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. සමහරු මේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම සම්මත කර ගත යුතු දෙයක් යැයි කියද්දී තවත් සමහරු කතා කරන්නේ මේකට විරුද්ධව. මේ කතාබහ දැක්කම මට මතක් වුනේ ජනප්‍රවාදයේ සුප්‍රකට අමුඩය ගැසීම් දෙකක් ගැන.

ජනාධිපති උන්නැහේගේ දෙවෙනි ධුර කාලය තවම පටන් ගත්තෙත් නැතුව ලබන නොවැම්බර් මාසෙ ඉඳන් අවුරුදු 7ක්ම ගෙඩි පිටින් දෙවෙනි ධුර කාලයක් තියෙද්දි තුන්වෙනි ධුර කාලයක් වෙනුවෙන් 18+ ව්‍යවස්ථාව සංශෝධනය ඉක්මනින් සම්මත කරගන්න හදන එක හරියට අර මුහුද හත්ගවුවක් තියෙද්දි අමුඩය ගැහිල්ල වගේ. 1/3 ක් නැතුව 18+ ට විරුද්ධව කෑ ගහිල්ල හරියට අර අතීසාරයට අමුඩය ගැහිල්ල වගේ.

ඔන්න මමනම් 18+ ට පස්සත් නෑ විපස්සත් නෑ. GSP+ අහිමි වෙලා ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටිලා තියෙන මෙ වෙලාවෙ අතීසාර වලටයි මුහුදු යන්නයි පාවිච්චියට දේශීය අමුඩ කර්මාන්තයක්වත් පටන් ගනිච්චාවෙ .

[ 02 - Sep - 2010 ]

18 comments:

මද්දු said...

18+ කිව්වාම බයත් වුනා...
අපි පස්ස වුනත් විපස්ස වුනත් වැඩක් නෑනෙ..අපි අපේ සර්වජන චන්ද බලය පාවිච්චිකොරල 2/3ක්ම දීලනෙ තියෙන්නෙ...මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ බදින්නේ නැතුව හැම දේ ගැනම උපේක්ශාවෙන් බලා ඉමු නෙ?

Anonymous said...

"Politicians are like diapers; they need to be changed often and for the same reason"..කෑදර කම මිස වෙන මොකක්ද....මොකෝ වෙන ප්‍රශ්න නැතුවයෙ මේ රටේ විසඳන්න......නොදෙකින් පෙරේතයෝ...අපෙ උනුත් ඉතින් හුරේ දමාවි ඉතින්...ගොන් රැලක වාගෙ....(Loki's Joint).....

෴ හසියා ෴ said...

18+ කිව්වම මාත් බය වුනා....මමත් හොරෙන් හොරෙන් වගේ ආවේ....
දේශපාලනය පිළිබද හසියාට ඇත්තාවු අති විශාල ඥානය සහ හසියාට දේශපාලනය තරම් දිරවන වෙනත් දෙයක් මේ ලෝකේ නැති නිසා පිළිතුරු දීමෙන් වැලකීසිටිමි.
ස්තූතියි.....

තීර්ථ යාත්‍රිකයා said...

+1

ස්වප්නා said...

බල ලෝභීත්වය විතරයි දැන් දේශපාලනයේ තියෙන්නෙ.. බඩ සංවර්ධනය මිස රට සංවර්ධනය නෙවි.

වන්නි said...

අනේ යකෝ... 18+ කියලා දැක්කාම, මම ඕපන් කරෙත් නෑ. බොරුවක් කියලා වටේ හිටපු උන් තුන් දෙනා එහාට යැව්වා. හික් හික්... අන්තිමේ මදෑ, පට්ට පොලිටික්ස් ටෝක්ස් නෙව :)
මටත් කියන්න තියෙන්නේ "බලා ඉමු" කියලා තමා...

මාරයාගේ හෝරාව said...

උපවාසයක්වත් කොරමුද..?

Buddhi said...

උඔ ඔහෙ ඉදං ඔවා කිව්වට, මෙහෙ ඉන්න අපි නං ඕවට හූමිටි තියනවා ඈරෙන්න වෙන මුකුත් කරන්න කියන්න යන්නැ හොදේ!

priyantha said...

මම හිතුවේ 18+ කිව්වම අර ලංකා බැංකුවේ එකව්න්ට් එක කියල. මදැයි අපිටත් වෙන දේවල්.

Anonymous said...

හපෝයි.......දෑන්නම් මකරා ජිවිතේ අවසාන කලේ ගත කරන්වා වගෙ.......මට නම් මේවට comments දන්නත් බයයි වගේ....අපි වත් සුදුවෑන් වලින් ගෙනියයිද මන්ද.......

Jeew said...

අපි - අත සොලවා කට සොලවමු
උන් - කට සොලවා කට සොලවයි

Anonymous said...
This comment has been removed by the author.
Chanaka Aruna Munasinghe said...

@ මද්දු

මෙන්නෝ 18+ වලට ආසයි බයයි කෙනෙක්. සර්වජන චන්දයෙන් හරි වෙන ජිල්මාට් වලින් හරි 2/3 ක් පස්ස හින්දා අපි ඔන්න ඔහේ බලං ඉමු. හැබැයි දැන්මම අමුඩෙ ගහගත්ත කල් වැඩි හින්දා මුහුදට කිට්ටු වෙනකොට මහ මුදලි වගේ වෙයිද දන්නෙත් නෑ. එහෙම වුනොත් ඇස් පියා ගම්මු
====================
@ Anonymous

ඔබේ අදහසට පස්සත් නෑ. විපස්සත් නෑ
===================
@ ෴ හසියා ෴

මෙන්නෝ 18+ හොරෙන් හොරෙන් වගේ බලන තවත් කෙනෙක් මාට්ටූ. පිළිතුරු නොදී සිටීම ගැන ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ තීර්ථ යාත්‍රිකයා

+1 == ++ (In some programming languages)

================
@ ස්වප්නා

ඔබේ අදහසට පස්සත් නෑ. විපස්සත් නෑ
================
@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

මෙන්නෝ අහල පහල අය රවට්ටල 18+ හොරෙන් බලන තවත් කෙනෙක් මාට්ටූඌ. බලා ඉමු. බලා ඉමු. හැබැයි අර @මද්දුට කිවුවා වගේ ඇස් පියා ගන්නත් ලෑස්ති පිට

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

මේ ජාතියේ එකක්ද ??
http://status-chanaka.blogspot.com/2010/07/blog-post.html

=================
@ බුද්ධි

අපි දන්නවා. ඔය රොබින්හුඩා මහ බය ගුල්ලා. කමක් නෑ හූ නොතියා හූ මිටිනෙ තියෙන්නෙ
=================
@ priyantha.ඒබී

ලංකා බැංකුවෙ එහෙම එවුවත් තියෙනවද ? ඒත් ඉතින් බැංකු වලට අමුඩ කොහෙන්ද සම්බන්ධ වෙන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මාරයත් ඔන්න ඔහොම කතාවක් කිවුවා. පමා නොවී පින් කර ගන්න කිවුවා. ඒක නෙවෙයි අර පහු ගිය දවස් වල වාහන මිල අඩු කළේ සුදු වෑන් වලට විතරද ?
===================
@ Jeew

වත්ත බද්දට දී ඇස්සට දත නියවමු
===================
@ wath

මෙන්න මෙයා බබා වෙන්න හදනෝ.

අමුඩ කියන්නෙ දේශීය දෙයක්. අතීසාරෙ කියන්නෙ දේශීය ලෙඩක්. ඒකට අමුඩෙ ගහන එක දේශීය ප්‍රතිකර්මයක්. මේක යොමු කරන්න ඕනෙ කියුබාවත් එක්ක ගණුදෙණු කරන සෞඛ්‍ය අමාත්‍යාංශෙට නෙවෙයි. මේක යොමු කරන්න ඕනෙ දේශීය වෛද්‍ය අමාත්‍යාංශෙට ( එහෙම අමාත්‍යංශයක් ඇති නේද ? නැති වෙන්න බෑනෙ )

පැන්ඩා said...

මාතෘකාවෙ බලපැමක් මේ ලිපියටත් තිබී ඇති බව පෙනී යයි

Chanaka Aruna Munasinghe said...

@ පැන්da

ඔව් ඔව්, හොරෙන් හොරෙන් 18+ බලපු කට්ටිය ඔය අතටම අහු වෙලා තියෙන්නෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D