Wednesday, February 23, 2011

නයි බලපු හැටි



ඔන්න එකමත් එක අවුරුද්දක පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ වෛද්‍ය පීඨයෙන් ප්‍රදර්ශනයක් සංවිධානය කරල තිබ්බා. අපි යාළුවො තුන් හතර දෙනෙකුත් ගියා ඔය ප්‍රදර්ශනේ බලන්න.

ඉංජිනේරු ප්‍රදර්ශන වලනම් එක එක අමුතු අමුතු වැඩ කරන යන්ත්‍ර සූත්‍ර තිබුණට වෛද්‍ය ප්‍රදර්ශනයෙනම් එහෙම නෑ. එකම එක තැනක බැලුම් බෝල යොදාගෙන පෙණහැලි වල ක්‍රියාකාරීත්වය පෙන්වන උපකරණයක් තිබ්බා. ඒ ඇරෙන්න හැම තැනම වගේ තිබ්බේ කපා කොටාපු මිනිස් ශරීර , ඇටසැකිලි වගේ දේවල්. ඉතින් ඔය ප්‍රදර්ශන භාණ්ඩ අපිට වැඩිය හිතට ඇල්ලුවෙ නෑ.

ඔය අතරේ අපිට ආරංචියක් ආවා පණපිටින් නයෝ, ගැරඬියෝ එහෙම ඉන්න සර්ප විමානයක් ප්‍රදර්ශනේට තියල තියෙනව කියල. ඔන්න තියෙනවා බලන්න වටින දෙයක්. අපිත් ඉතින් පාරවල් හොයාගෙන ගියා සර්ප විමානෙ තියෙන පැත්තට.

බුදු අම්මෝ මෙන්න සර්ප විමානෙ බලන්න නයෙක් වගේ දිග  පෝලිමක්. විෂ සහිත ජීවී අකෘති තියෙන හින්දා සර්ප විමානෙ බලන්න එක පාරකට ඇතුල් කර ගන්නෙත් සීමිත පිරිසක් විතරයි.  පෝලිමත් පැයක් දෙකක් විතර දිග පෝලිමක්. ඉතින් එච්චර දිග පෝලිම ඉඳල බලන්න තරම් වටින දෙයක් තියෙනවද කියල විපරම් කරල බලන්න අපි කට්ටිය පෝලිමට පිටින් ගිහින්  සර්ප විමානෙ දොර කිට්ටුවට ගියා.  බලලා ඉවර වෙලා එන කෙනෙක්ගෙන් විස්තර අහන්න කියලා හිතාගෙන සර්ප විමානෙන් පිටවෙන දොර ගාවට තමයි ගියේ. සර්ප විමානෙන් පිට වෙන දොර ගාව මුරට හිටියෙ වෛද්‍යවරියන් වෙන්න ඉන්න නංගිලා කට්ටියක්.

අපේ එක යාලුවෙක් එක පාරටම කිවුවා 

"නංගි , මේ අපේ යාලුවෙක් ඇතුලෙ ඉන්නවා. පොඩ්ඩක් ඇතුලට යන්න පුළුවන්ද"

"හා හා එන්න එන්න"

ඔන්න අපි පිටිපස්සෙ දොරෙන් සර්ප විමානෙ ඇතුලට ගියා. 

"කෝ කවුද යාළුවා ?"

"නෑ නෑ නංගි  , මේ නයෙක්"

"නයෙක් ??"

අර නංගි කටත් බාගෙට ඇරගෙන නළලත් රැළි කරගෙන අපි දිහායි සර්පයො දිහායි මාරුවෙන් මාරුවට බලනවා. 

"නෑ නෑ, මේ නයෙක් කිවුවෙ නයෙක් ,  මේ මේ පොඩි නයෙක්, මේ මේ ..... පොඩි බොරුවක් " අපේ යාලුවා පැටලි පැටලි කිවුවා.

ඔන්න එතකොට තමයි අපිටත් තේරුණේ. අපිත් හිතුවෙ කවුරු හරි අරයගෙ යාළුවෙක් ඇත්තටම ඇතුලෙ ඇති කියලා.

"දැන් ඇතුලට ආපු එකේ සර්පයෝ ටික බලලම යන්නං නේද ?"

අර නංගි ඉනට අත් දෙක තියාගෙන අපි දිහා රවල බලාගෙන "හා හා හ්ම්" කිවුවා.

ඔන්න ඔහොමයි යාලු නයෙක්ගෙ මාර්ගයෙන් අපි නයි බැලුවෙ.

"ඇතුලෙ යාලුවෙක් ඉන්නව කියපු ගමන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අපිව ඇතුලට එක්කරගෙන යයි කියලා මම හිතුවෙ නෑ. මටත් හිතා ගන්න බැරිවුණා මොකද කරන්නෙ කියල."'

නයාගෙ යාලුවා අපිට පස්සෙ කිවුවා.

ප.ලි
=====
  1.  නයි අරිනවා කියන එක ගැලපෙන්නෙ මේ වගේ පොඩි බොරුවලට නෙවෙයි. මෙන්න මේ වගේ ඒවට. රංගගේ  නයි ඇරිල්ල 
  2.  සර්පයෝ ගැන විස්තරාත්මකව දැනගන්න .  ප්‍රියන්තගේ සර්ප ලිපි පෙළ
[ 23 - Feb - 2011 ]

15 comments:

Podi Kumarihami said...

අනේ පව්. පොඩි නයි ඇරිල්ලක් හන්දා ඉතින් කමක් නෑ. ඔය කියපු ලිපි මාත් කියෙව්වා. අප්පේ එහෙම නයි ඇරිල්ලක්. කට්ටිය මොනවට මෙහෙම නයි අරිනවද මන්දා.

පූසා said...

නයෙක් ඇරලා නයි බලලා ආවා.... එහමද ඈ

මාරයාගේ හෝරාව said...

ඔන්න මකරෙක් ප්‍රදර්ශනය කරනවා කිව්වොත්නං මාත් පිටිපස්සේ දොරෙන් තමයි යන්නේ...
ඇයි ඉතිං ලොබ නැතිව කිව්වැකිනේ යාළුවෙක් බලන්න යනවා කියලා...

(හැබෑටම වෙන්න දොස්තර නෝනලා ඔහොම පැනලා ඇදගන්නවද?
හරි ෂෝයි)

හා පැටික්කි (MS) said...

අපිත් රුහුණු යුනියේ ඔහොම එකකට ගිහින් පෝළිම දිග වැඩි නිසා එළියෙන් එබිලා ඉස්සර දැකපු උරගයෝමයි කියලා ආවා......
හික්ස්.....

තාරක Dilsh@n said...

හි හි හී. . . .

කතන්දර Kathandara said...

1. අපි නං ඒ දවස්වල ගිහින් බැලුවේ මෙඩිකල් ෆැකල්ටියේ ගිණි කිකිළියන්වයි.

2. මෙඩ්ඩෝ යන්නේ නයා ගේ පෙනේ යාන්තං කළිසං සාක්කුවෙන් එලියට එන්න දාගෙනයි.

priyantha said...

මමත් ඔය ප්‍රදර්ශනේ බලන්න ගිය දවසේ බැලුවේ ඔය සර්පයෝ තමා. මීනී බලනවට වඩා ඒක ලේසියි. හැබෑට ඔය කොයි කාලේ තිබුන එකද?

Deeps said...

හප්පා ඔය ප්‍රදර්ශනේට ගිහින් ඇවිත් මාසයක් විටර වෙනකන් මම කරෝල කෑවේ නැහැ

Hasitha Gunasinghe said...

මේ කතාව නයෙක් නෙමෙයි නේද :))

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ඒක ඉතින් නයෙක්ගෙන්ම තමයි අහන්න ඕනෙ. ප්‍රියන්තගෙන් ඇහුවත් කියයි සමහර විට
=================
@ පූසා

එහෙමයි එහෙමයි
=================
@ මාරයාගේ හෝරාව

වෙන්ඩ දොස්තර නෝනල ඔහොම වුණාට වුණු දොස්තර නෝනල එහෙම නෑ. මට ආරංචියි මාරය ලැයිසමට මෙඩිකල් එක ගන්න ගිහින් වෙච්ච දේ.

Chanaka Aruna Munasinghe said...

@ හා පැටික්කි (MS)

සර්පයෝ විතරක් නෙවෙයි ඩයිනසෝරයෝ, ඉබ්බෝ , කැස්බෑවො, ඉත්තෑවො එහෙමත් අයිති වෙන්නෙ උරග පවුලටම තමයි
================
@ තාරක Dilsh@n

:D
================
@ Kathandara

1. කසූට වැරදිලා මෙඩිකල් ෆැකල්ටියෙ නෙවෙයි , ඇග්‍රි ෆැකල්ටියෙ තමයි කුකුල් ගොවිපොළ තියෙන්නෙ. බෙහෙත් ගන්න එන කුකුල්ලු කිකිළියො එහෙමනම් වෙට් ෆැකල්ටිය පැත්තෙත් යනවා

2. ඒ මෙඩ්ඩො නෙවෙයි නයි නටවන්නෝ

Chanaka Aruna Munasinghe said...

@ priyantha.ඒබී

2004 දො 2005 දො කොහොදො, හරියටම මතක නෑ. අවුරුදු 5කට සැරයක්නෙ ඔය ප්‍රදර්ශනයක් තියෙන්නෙ
===============
@ deeps

ඒ දවස් වල දීප්ගෙ පූස්ලටත් කරවල නැල්ලු. පවූඌඌඌ
===============
@ Hasitha

කතාවත් නයෙක් තමයි ටිකක් විතර

සංකල්ප said...

මාරම නයි ඇරිල්ලක් තමයි කරල තියෙන්නේ

Buddhi said...

නයි අරිනවා කියන කතාන හැදිලා තියෙන්නෙ, අර ගේ පුරා තියෙන බඩු මුට්ටු උඩින් නයාව අරින කතාව හින්ද වෙන්ඩැති නේද?

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

හිතා මතා කරපු දෙයක් නෙවෙයි.
====
@ බුද්ධි

ඔවු ඔවු, ඒක තමා නයාගෙ අතීත කතාව. සිංහල පාඩම් පොතක තිබ්බා මතකයි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D