Tuesday, April 26, 2011

වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ?



මම පහුගිය දවසක බාබර් සාප්පුවට ගිහින් කොණ්ඩෙ තට්ටෙ ගාන පොරොත්තු ලැයිස්තුවෙ  (Waiting List) ඉන්න අතරෙ එතන තිබ්බ සඟරා වගයක් බල බල හිටියා. එක ලිපියක් තිබුණා ලෝකෙ අකාර්යක්ෂමම දේවල් 10යෙ ලැයිස්තුවක්. මේ දේවල් අකාර්යක්ෂමයි කියන්නෙ මේවායින් බලාපොරොත්තු වෙන කාර්යය ඉටු වෙන්නෙ නැති හින්දයි. සමහර ඒවායින් ඉටුවෙන්නෙ බලාපොරොත්තු වෙන දේවල් වලට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දේවල්.

ලැයිස්තුවෙ 10 වෙනියට තිබ්බේ පොදු වැසිකිළි කරාමය. මේ කරාමයෙන් බලාපොරොත්තු වෙන්නෙ වැසිකිළි යාමෙන් පසු අත් සෝදා පිරිසිදු කර ගැනීම. ඒ වුණාට අත් සෝදන්න කලින් අපිරිසිදු අත් වලින් කරාමය අරින්න සිද්ධ වෙනවා. අත් සෝදා ගත්තට පස්සෙ කරාමය වහද්දි  ආපහු අත් අපිරිසිදු වෙලා. 

ලැයිස්තුවෙ ඊලඟට තිබ්බෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ තමයි ජාතීන් අතර සහයෝගීතාවය ඇති කර ලෝක සාමය රැකීම. ඒ වුණත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ 1945දි  එක්සත් ජාතීන්ගෙ සංවිධානය පිහිටුවා ගත්තායින් පස්සෙත් ලෝකෙ පුරා රටවල් අතර යුද්ධ රාශියකුත් ඊට වඩා වැඩි ගණනක් අභ්‍යන්තර අරගලත් ඇති වෙලා තියෙනවා. (ගණන් හිලවු මතක නෑ )  . නිෂේධ බලය පිළිබඳ ප්‍රශ්න හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාර්ථකව මැදිහත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේවායින් ඉතාම අතළොස්සකට විතරයි .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අකාර්යක්ෂමතාවය පෙන්වන අලුත්ම සාක්ෂිය තමයි ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව යුධ අපරාධ වාර්තාව. ඒක  ඉදිරිපත් කරන්න ක්‍රිකට් ලෝක කුසලානය ඉවර වෙනතුරුම බලන් හිටපු එකෙන්ම පේනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය පොදු වැසිකිළි කරාමයකටත් වඩා අකාර්යක්ෂම බව.

[ 26 - Apr - 2011 ]

23 comments:

හරී - පිණිපළස said...

කෝ ඉතුරු අට?

නදී said...

අනිත් ටිකත් ලිවවනම්නෙ හොද අපිටත් දෑනගන්න.

Hasitha Gunasinghe said...

අනේ මකර මහත්තයාත් කියවන් එව්වා. කිව්වත් වගේ අනිත් 8 ත් කිව්වා නම් පංකාදු :))

Anonymous said...

ඇත්ත කතාව...

සංකල්ප said...

කෝ මකරෝ ඉතුරු ටික. ඒ ටිකත් දැම්මනම් ඉවරයි නේ.කතා දෙකම ඇත්ත.නියමයි

අලුත් කොල්ලා | The New Guy said...

ඉතාම ලොල්ය...........

කතන්දර Kathandara said...

1. කෝ තට්ටේ ෆොටෝ එකක්?

2. අත හේදීම හොඳට කිරීමට, පලමුව අත හෝදන්න, දෙවනුව කරාමය හෝදන්න, නැවත අත සෝදන්න.

3. එක්සත් ජාතීන් වැසිකිළියක බේසමකට වතුර එන කරාමයක් නං, "එක්සත් ජාතිය" වැසිකිලි වල වගේ යැයි සිතේ. ගූ ගොඩ, වල ඇතුලේය.

priyantha said...

කෝ තට්ටේ ගාපු ෆොටෝ එක. තාම මකරා තට්ටේ ගාන්න Waiting List එකේ ඉන්නවද දන්නේ නෑ.

jhothishalanka said...

සහතික ඇත්ත කතාව කරාමෙ කතාවට වඩා එක්සත් ජාතීන්ගේ වැඩේ ගැන මම කිව්වෙ.හැබෑට ඔයා තට්ටෙ ගෑවද? ලැයිස්තුවෙ අනිත් ඒව ගැනත් ලියන්න.

Buddhi said...

නිෂේධ බල කාරයොත් එක්ක මූන්ලා 9 යෙවත් ඉන්න එක ලොකු දෙයක් කියලා මටනං හිතෙන්නෙ.

උඔ මේවා සිංහලෙන් විතරයි නේද ලියන්නෙ.

Buratino said...

නිෂේධ බලය කියන එකේ හොදක් ඇත්තේම නැද්ද..?? ගමක ඉන්න චණ්ඩියෙක් ආණ්ඩු මට්ටු කරන්න තවත් චණ්ඩියෙකුට මිසක් සමථ මණ්ඩලේට බෑ නේද..??

පිටස්තරයා said...

මකරො ඔන්න ලැයිස්තුවෙ ලින්ක් එකක් එහෙම නැත්ද?

Buddhi said...

බුරුතේ,

ඒකත් ඇත්ත.
ලෝක චන්ඩි ටිකටනේ නිෂෙධ බලේ තියෙන්නෙත්.

Anonymous said...

මෙහෙ අළුතින් හදන මහජන වැසිකිළි වල අත ළං කරාම යාන්තමට උණු වෙච්ච වතුර ඉබේම එනවා. අත ළං කරාම සබන් වැටෙනවා. අත ළං කරමා සුළං හමා විත් අත පිහිදනවා. එහෙම නැති තැනක දී අත් හෝදගන්න අපි අත් හෝදන සාන්ද්‍රණ අරගෙන යන්නෙ.

එක්සත් ජාතීන්ට ඇමෙරිකාවෙන් පිටත් වෙලා යන පාර පෙන්නලා ගුඩ් බායි කියන්න ඉදිරිපත් වෙච්ච එදා ඇමෙරිකන් ජනාධිපති රේගන්ට බැන වැදුන ලෝකයා අද එක්සත් ජාතීන්ට බනිනවා අහලා හිනා!!! සම්පූර්ණ බලය පුද්ගලයා සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරයි යන්න සංවිධාන වලටත් අදාලයි වගෙ!!!!

මකුළුවා..... said...

ඉතුරු සැට් එක කෝ?

එක්සත් ජාතිය ඉතින් .......... අහන්න දෙයැක්යැ.

දුමී said...

හරි හරි... දැන් තමයි මට තේරුනේ.... සුද්දෝ මොකද පස්ස පැත්ත හෝදන්නෙ නැත්තෙ කියලා. කාර්‍යක්ෂමතාවය රැකගන්න නේද ?

එහෙම බැළුවහම ලංකාවෙ අපි අකාර්යක්ශම වෙලා තියෙන්නෙ කක්ක දාලා පස්ස පැත්ත හෝදන නිසා.....!

ඕව මූන්ලට තේරෙන්නෙ නෑ....!

Observer said...

මකරත් ඉතුරු අට දාන්න ඉන්නෙ කතන්දර, මාරයා එහෙම වගේ කොටස් වශයෙන් වෙන්නැති.

Podi Kumarihami said...

ඔයා කොහොමද අත් හෝදන්නේ කියලා කලින් විස්තර කරලා ඉන්නකෝ. ඊලඟට තට්ටෙත් එක්ක පින්තූරයක්. ඊට පස්සේ අනික් කොටස කියවලා බලන්නම්.

Chanaka Aruna Munasinghe said...

@ හරී - පිණිපළස , නදී... , Hasitha , මධුරංග ,JHOTHISHALANKA , මකුළුවා...... , Observer ,

ඉතුරු අට කියවන්න වුණේ නෑ. ඉතුරු ටික කියවන්න හදනකොටම මාව අල්ලගෙන කොණ්ඩෙ කපාගෙන කපාගෙන ගියා

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

නැතුව නැතුව. අපි බොරු කියන්නෙ නෑනෙ
=================
@ අළුත් කොල්ලා

හී හී ය
=================
@ Kathandara

1. තට්ටෙ දැන් වැවිලා . ආයෙ තට්ටෙ ගාපුවම ෆොටෝ එකක් දාන්නම්
2. තුන් ගුණයක් ජලය නාස්ති වෙන වැඩක්නෙ ඒක
3. අපිත් එක්සත් ජාතීන්ගේ සාමාජිකයෝ තමයි

Chanaka Aruna Munasinghe said...

@ priyantha

හෆෝ තට්ටයක් දැකල නැද්ද. ඊලඟ පාර තට්ටෙ ගෑවම ෆොටෝ එකක් ගන්න කියන්නම් බාබර් අංකල්ට
===================
@ බුද්ධි

මෙවුවා ඉතින් තේරෙන භාෂාවකින් ලියන්න එපැයි
===================
@ Buratheno

මෙතන ප්‍රශ්නෙ ඒක නෙවෙයි. එක චණ්ඩියෙක් හරි අකමැති වුණොත් ඉතිරි චණ්ඩි 4 දෙනාම කැමති දෙයක් වුණත් කරන්න බෑ. හරියට අපේ ආණ්ඩු පක්ෂෙයි විපක්ෂෙයි වගේ හැම වෙලේම එක චණ්ඩියෙක් හරි විරුද්ධ වෙනවා. ඒ චණ්ඩියා පස්සෙ වෙලාවක ඒකම වෙන විදිහකට කිවුවම කලින් යෝජනාව දාපු චණ්ඩියා විරුද්ධ වෙනවා

Chanaka Aruna Munasinghe said...

@ පිටස්තරයා

කොහොමද බොලේ කඩදාසි පිටු වලට ලිංක් දාන්නෙ. අපිටත් කියල දෙන්නකො
===============
@ බුද්ධි

හැම චණ්ඩියටම නිශේධ බලේ නෑ. උදා : ශ්‍රී ලංකාව
===============
@ arunishapiro

සෙන්සර්ස් තියෙන වැසිකිළි ලංකාවෙත් තියෙනෝ. ඒ වුණාට බහුතරයක් තවම මැනුවල්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යවස්ථාවත් ගෙ 78 ව්‍යවස්ථාව වගේ එකක්. කවුරුත් හොඳක් කියන්නෙත් නෑ. ඒ වුණාට වෙනස් කරන එකත් ලේසි නෑ

Chanaka Aruna Munasinghe said...

@ දුමී

හෆොයි මේක අපේ ඇමති කෙනෙක්වත් දැක්කොත් හෝදන එක තහනම් කරයිද මන්දා
================
@ Podi Kumarihami

ඇඟිලි තුඩු වල සිට වැලමිට දක්වා සබන් ගා අත් සෝදමි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D