Thursday, September 8, 2011

චැනල් ටූ || channel 2



ඊයෙ රෑ නිදිමතේ ඉන්න වෙලේ රේඩියෝ එකේ චැනල් කරකව කරකව හිටියා.ඒ වෙලාවෙ අහු වුණේ චැනල් දෙකයි. එක චැනල් එකකනම් ප්‍රවෘත්තිද කොහෙදො ගියේ. අනිකේ මනමේ නාඩගම වෙන්න ඕනේ. සැරින් සැරේ ඇහැරිච්ච වෙලාවල් වල ඇහිච්ච ඒවයින් මතක එවුවා.
=============

"ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා 10ක් ශ්‍රී ලංකා ගුවන් කලාපය උල්ලංඝනය කරයි . ඉවත්ව යන ලෙස දැන්වීමෙන් පසු පිටව යයි"

ගියා වැද්දෝ...
නොම විද්දෝ...
ඉඩ ලද්දෝ...
අපි මෙවරා...

"ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්. ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අගමැති ආචාර‍්ය මනමෝහන් සිංට පිළිතුරු දෙයි" 

මුළු දඹදිවටම තොප මහ රජ වුව
මගෙ විජිතය මෙම, මම වෙමි අගරජ

"යුධ අපරාධ සිදුවී ඇති බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් නඟන චෝදනා පදනම් විරහිතයි, ආරක්ෂක ලේකම්වරයා පවසයි"

ඔබ ප්‍රිය කළ හිමි මාව මරන්නට
තැත්කල හින්දා ... තැත්කල හින්දා ...
සිය පණ ගලවා ගන්නට මැරුවෙමි
නෑ මගෙ දෝසා .... නෑ මගෙ දෝසා ...

[ 08 - Sep - 2011 ]

34 comments:

ශානි said...

හිකිස්

අරුණ හෙට්ටිආරච්චි said...

මකරා තාමත් නිදිද කොහෙද?

Unknown said...

චැනල් දෙකේම එව්වා එලටම මික්ස් වෙලා තියෙනවා ;)

jhothishalanka said...

චැනල් දෙක සැරින් සැරේට ඇහිලා තියෙන්නේ නියම විදියට.දෙපාරක් කියෙව්වාම තමයි කතාවෙ රසය වින්දේ.

priyantha said...

මටත් අහුවෙන්නේ නෑනේ ඔහොම චැනල්...

Podi Kumarihami said...

නිදිමත නම් නිදාගන්නේ නැතුව මොකටද රේඩියෝ කරකවන්ට ගියේ.....:D

Chanaka Aruna Munasinghe said...

@ ශානු

හකිස්
=====
@ අම්බලම

නෑ නෑ අවදියෙන්
=====
@ ChammA

ඔවු ඔවු වයර් මාරු වෙලා
======
@ JHOTHISHALANKA

චැනල් 2ක් හින්දා දෙපාරකට තමා කියවන්න ඕනෙ
======
@ ප්‍රියන්ත

බස් රේඩියෝව කකරවමු
======
@ Podi Kumarihami

අපිව ඔලුව අත ගාල දොයි කරවන්න කවූඌඌඌරුත් නෑ. ඒකයි

හරී - පිණිපළස said...

මනමේ නාඩගම ගිය සිංගප්පූරු චැනල් එක මොකක්ද හැබෑට??

දුමී said...

මකරා ඩුවල් චැනල් මකරෙක්ද...? චැනල් දෙකක් එකපාර ටියුන් වෙන්නේ එහෙමත් මකරෙකුට තමයි....!

ජීවිතේ මල් said...

මාර මික්ස්චර් එක :) මොලෙ කොලොස්පන් උනෙ නෑද්ද?

charmi said...

මකර හීන

රතු මුහුද said...

දැකල තියෙන හීනෙත් නරකම නැ...

බස්සා said...

මංඤ්ඤං වෙලා ගියා නේ.....හැබැයි ටිකක් හිතන්නත් දෙයක් තියනවා වගේ...

හිස් අහස said...

සිනා බෝමයි ..ඒක කියෝලා

Dinesh said...

ඔය හොදට මික්ස් කරලා තියෙන්නේ..

නදුන් උයන said...

අනේ කාලේ.. වනේ වාසේ කිව්වලු....

The Lion said...

ඕක හරියටම උනේ කවදද මකරයියේ ............?

Bindi said...

දොයි දොයි දොයි දොයි මකරෝ ..

මකර අම්ම එහෙම කියල දොයි කරන්නේ නැද්ද

සරත් ලංකාප්‍රිය said...

හ්ම්.. ඔක්කොම ඉතින් නාට්‍ය වල නාඩගම් ගීත වගේ නම් තමයි.. අහලම ඇතිවෙලා දැන්..

Unknown said...

නියමෙට මැච් වෙනවා ප්‍රවෘත්තියි, නාට්‍ය ගීතයි...

Chanaka Aruna Munasinghe said...

@ හරී - පිණිපළස

මොකක්ද බොලේ හැබෑවටම. මම නිදිමතේනෙ හිටියෙ. චැනල් මොනවද කියල මතක තියා ගත්තෙ නෑ. අෆරාදෙ
=========
@ දුමී

නයිකෑම් මකරෙක් :)
=========
@ ජීවිතේ මල්

එහෙම වුණාද මන්දා? එහෙම වෙන්න ඇති
=========
@ charmi

මකර හීන පාට පාටයි

Chanaka Aruna Munasinghe said...

@ රතු මුහුද

:) ඔයිට වඩා ශෝයි හීනත් දැකල තියෙනවා
=========
@ බස්සා

ඇහ් බස්සොන්ටත් මංඤ්ඤං වෙනවද ? හ්ම් හ්ම් හ්ම් ගගා හිතමු ටික ටික
=========
@ හිස් අහස

සිනා බෝ වේවා
=========
@ Dinesh

මික්ස් කළේ නැ වෙලා.

Chanaka Aruna Munasinghe said...

@ නදුන් උයන

අනේ කාලේ වාසය කරන්න වනාන්තර ඉතුරු වෙලා තියෙයිද ?
=======
@ The Lion

දවස් දෙකකට විතර කලින්
=======
@ Bindi

අනේ , එහෙම නැලෙවුවෙ පැටා කාලෙනෙ. ඉහි ඉහි
=======
@ සරත් ලංකාප්‍රිය

නාඩගම් අහල ඇති වෙලානම් බණක්වත් අහමු
=======
@ නිසුපා

අහම්බෙන් මැච් වෙලා

BLOG ගඩොල් said...

හික් හික්!! අති විශිෂ්ටයි මකරෝ...

සංකල්ප said...

මකරයියටත් පුදුම දේවල් තමයි හිතෙන්නේ.
ඔය වෙනස් විදිහට හිතන ක්‍රමේ නිසයි මම් මකරයියගේ ලිපි වලට ආස.

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

ස්තූතියි පූෂ්
========
@ මධුරංග

අපි හැමෝම හිතන්නෙ එකිනෙකට වෙනස් ක්‍රම වලට
හැමෝටම පුදුම දේවල් හිතේ

Hasitha Gunasinghe said...

උපරිමයි උපරිමයි

"ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ" කිව්වලු :)

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ස්තූතියි ස්තූතියි.

'හිතුවෙ කඩුව ඔබෙ අතටම දෙන්ටා' කියලත් කීවලුනෙ

ඉන්දික උපශාන්ත said...

මකරු පරණ දේටම වගේ කැමති. නැත්තං කරකවන රේඩ්යෝ තාම තියා ගනීවිය.
මේ මකර ලෝකෙ රේඩ්යෝ වල මනමේ ගියාට මෙහෙ තාම දෙන්නෙ නෑ. අර කිසා ගෝතමි උත්තමී කීයක් හරි හොයා ගන්නෙ කොහොමෙයි එතකොට!

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික

මෙන්න මනමේ අහන්න පුලුවනි සිංහල ජූක් බොක්සුවෙන්
http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?searchstring=maname+part&action=Search&compose=1&ignorecase=1

ඉන්දික උපශාන්ත said...

මකර,

බොහොම ස්තූතියි ලින්ක් එකට.

යකා මහත්තයා said...

ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

ජයවේවා!!
www.yakagethithpola.blogspot.com

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

WelCome
==============
@ යකා මහත්තයා

ජය වේවා

Pra Jay said...

+++++++++

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D