Saturday, January 18, 2014

කන කැස්බෑවා

මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ ආන්දෝලනයට ලක්වෙච්ච සුදු කැස්බෑවා ගැන නෙවෙයි. මේ ලිපිය ඇවිල්ලා කන කැස්බෑවො ගැන. කන කැස්බෑවො කිවුවෙ අර හොරෙන් හොරෙන් මසට මරන් කන කැස්බෑවො ගැන නෙවෙයි. අර විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවා ගැනත් නෙවෙයි. ( ඒ කැස්බෑවට තියෙන්නෙ මුර්දජ "ණ" යන්නක් නෙ  ). මේ ඇවිල්ලා හපා කන කැස්බෑවො වර්ගයක් ගැන.

ලෝකෙ ඉන්න භයානකම කැස්බෑවො වර්ගයක් තමයි කිඹුල් කැස්බෑවා (Alligator snapping turtle) . මෙයාගෙ භයානක කම වචනෙන් විස්තර කරනවට වඩා පින්තූරයකින් පෙන්නන එක ලේසියි. මේ ඉන්නෙ සතා.


පේනව නේද යක්ෂ පෙනුම. මේ කැස්බෑවගෙ සපාකෑම සත්ව ලෝකයේ ප්‍රබලම සපාකෑම් වලින් එකක්ලු.  මිනිහෙක්ගෙ ඇටකටු කුඩු වෙන්න හපාකන්න පුලුවන්ලු මෙයාට.


 හපා කන්නම ඕනෙ නෑ. කොහොමද මෙයින් එක්කෙනෙක්ව පෑගුණොත් ? පේනව නේද පිටේ තියෙන උල් උල්.


පේනව නේද කටේ ලොකු ?


භයංකාර නියපොතු


පැටිය කාලෙනම් චූටිම චූටියි
හරි හුරතල්
චූටි නැස්ටකුත් Have


ලොකු වෙද්දි සද්ධන්ත වෙනවා


ශුඩු ඛිඹුල් කැෂ්භෑවොත් ඉන්නෝ

මෙයාල ජීවත් වෙන්නෙ මුහුදෙ නෙවෙයි. මෙයාල ඇවිල්ලා මිරිදිය කැස්බෑවො වර්ගයක්. වාසනාවකට වගේ ලංකාවෙ මේ වර්ගෙ කැස්බෑවො නෑ. හැබැයි දකුණු ඇමරිකාවෙ සංචාරයක යනවනම් මිරිදිය ජලාශ වලට, දියපාරවල් වලට එහෙම බහින්නෙ පරිස්සමින්.

මෙයාලගෙ තව පින්තූර බලන්න ඕනෙනම් "Alligator snapping turtle" කියල  Google Image Search එකක් කරන්න Youtube වල මෙයාල හපා කන හැටි පෙන්නන වීඩියෝත් තියෙනෝ.

ප.ලි.
===

සිංගප්පූරුව පැත්තෙ යනවනම් බලන්න Chinese Garden එකේ කැස්බෑ එකතුවෙ මෙයාලගෙන් එක්කෙනෙක් හිටියා. ( 2011 දි. දැන්නම් ඉන්නවද දන්නෙ නෑ ).

[ 18 - Jan - 2014 ]

24 comments:

හරී - පිණිපළස said...

පින්තූරෙ දක්කම බය හිතෙනවනෙ. අර චිත්‍රපටිවල ඉන්න ඩ්‍රැකියුලාගෙ මල්ලි කෙනෙක් වගේ. සූටි කාලෙනම් හරි හුරතල් පාටයි ( මකර පැට්ටා වගේම )

නදී said...

අර ශූටි එකා නම් මරු .
…මෙහෙ උන් මරල තිබ්බෙ කන්න
…මෙයාලගෙන් ටිකක් බො කරල දාන්න තියෙන්නෙ මෙහෙත්
…මරන් කන හැටි බලන්න මෙව්ව ජාතික අපරාද අම්මප

Chanaka Aruna Munasinghe said...

@හරී - පිණිපළස,
@නදී

ශූටි පැට්ටෙක්ව හොය ගම්මුද හුරතලේට ඇති කරන්න.


මෙයාලව අල්ලන ක්‍රමයක් තියෙනෝ හපා කන්න බැරි වෙන්න. වීඩියෝ වල බලන්නකො. ඒක නිසා මෙහේ ඇති කරල හරි යන්නෙ නෑ


නදී said...

අපෙ අප්පො එපා. මෙවුන් ඇති කරල කා ගන්න බෑ

Chanaka Aruna Munasinghe said...

@නදී

බවුවෙක් වෙනුවට ගෙදර ආරක්ෂාවට ඇති කරන්න

Bunny said...

මූ කෝටි කියක් විතර වටීද?

ඉන්දික උපශාන්ත said...

කන කැස්බෑවයි, කණ කැස්බෑවයි අතරෙ තීන වෙනස කණ කැස්බෑව කණ සහ නොකන එක විතරක්ම නෙමෙයි බලන් ගියාම!

Chanaka Aruna Munasinghe said...

@Bunny

කෝටි දායයි
=========
@ ඉන්දික උපශාන්ත

ඒකනෙ. අපිම ඉන්න ඕනෙ මෙව්ව එළිදරවු කරන්න

සසීන්ද්‍ර වීරසිංහ said...

සූටි කාලෙනම් හරි හුරතල්.... කන්න හිතෙනව :D

සංකල්ප said...

චූටි කාලේ කොයි සතාත් හුරතල් නෙව...
සෝයි කැශ්භෑවෙක්... මටත් ඔයින් එකෙක් ඕන.. මම දන්න අක්කා කෙනෙක්ගේ ගේ ගාවට දාන්ඩ... :)

Buru Babe said...

අම්මෝ ඔයා හදන්නේ අපිව බය කරන්නනේ. මම කැස්බෑවෝ බලන්න කොස්ගොඩ ගිහින් කැස්බෑවෙක් ඇල්ලුවෙ පැයක් විතර බලාගෙන ඉඳලා. ඒත් තත්පරයයි.

මහේෂ් said...

සොබා දහමේ තවත් අපුර්ව නිර්මාණයක් ගැන දැන ගන්නට ලැබුණා , ස්තුතියි ඔබට ...

දේශකයා said...

කැස්බෑවෝ ගැන දැනගන්න එක හරි වටිනවා දැං කාලේ.. කීයද ගාන...

හරී - පිණිපළස said...

රංගි අක්කා තත්පරේකට පස්සෙ කැස්බෑවව අතෑරියද දොයියපතන් වෙන්නම

jhothishalanka said...

මෙයින් කැසබෑවො ටිකක් ගෙනල්ල රෑට තාප්පෙ උඩ දාරෙ නිදා ගන්න පුරුදු කරල ගත්තනම් හරි..

ItalyDilan said...

මේකගේ ඇලි එකෙක් ගෙනල්ලා අපේ රටේ දේශපාලකයෙක්ගේ නම ලියලා ආයේ නිදහස් කරමුකෝ මකරෝ

Amila Chathuranga said...

අපේ ගමාසන්නේ තියෙන රැකව කියන මුහුදු තීරයේ කැස්බැවියො බිත්තර දානවා..ඒ කැස්බෑවියො බිත්තර දාන විදිය බලාන්ට සුදු කැස්බෑවියො රටවලින් එනවා..
ඒ සුද්දියො බලන්න අපි යනවා..කැස්බැවිය බිත්තර දාන්න ගත්තම ඌට වෙන දෙයක සිහික් නැහැ.මැසින් එක වගේ දානවා..ඒව බලන්න ගත්තම සුද්දියන්ටත් වෙන සිහියක් නැහැ..නැවිල පෙරලිල පුක පස්සට දාං කැස්බි බිත්තර දාන දිහා බලනවා..අපි කැස්බිගේ බිත්තර බලන ගමන් සුද්දියොත් බිත්තර දාල තියෙද කියල හෙම බැලෙනවා..

Dinesh said...

ගෙදර ආරක්ෂාවට මෙයින් එකෙක් ඇති කරන්න බැරිද දන්නේ නෑ.. නිතියෙන් තහනම්ද?

Chanaka Aruna Munasinghe said...

@ සසීන්ද්‍ර වීරසිංහ

කන්න නෙවෙයි, කව්වා ගන්න තමයි වෙන්නෙ
-----------
@ මධුරංග

දෙන්නෙක්වම හොයා ගම්මු. මම දන්න අක්ක කෙනෙක්ගේ ගේ ගාවටත් දාන්න ඕනෙ මේකෙක්ව
---------------
@ Il mondo di una povera pazza

හෆෝ බය ගුල්ලි
----------------
@ Mahesh Nishantha

ඔව්, සොබාදහම හරි පුදුමාකාරයි

Chanaka Aruna Munasinghe said...

@ දේශක යා

කෝටි පාකට දෙන්නම් ඔයාට හන්දා
----------------------
@ හරී - පිණිපළස

හී හී, මෙයා කැස්බෑවව වඩාගෙන නෑ. යන්තම් ඇඟිල්ලක් ගාවල විතරයි කැස්බෑවගෙ පිටේ
-----------------------
@ jhothisha lanka

එතකොට උන්ට දවල්ට පවරන රාජකාරිය මොකක්ද ?

Chanaka Aruna Munasinghe said...

@ ItalyDilan

ඒ හූනියම් ක්‍රමේ දන්න මන්තරකාරයො ඉන්නෙ මාලදිවයිනේනෙ
-------------------------
@ amila chathuranga

ඉතින් සුද්දියො බිත්තර දාලා තිබ්බද ? :-p
-------------------------
@ Dinesh

පුලුවන් පුලුවන්, නීතියෙන් තහනමක් නෑ

කුරුළු නිස්කලංක said...

නොදන්න දෙයක් දැනගත්ත - රහයි !

Anonymous said...

meyalawa dekkahamath baya hithenawane....

Anonymous said...

aluth yamak

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D