Wednesday, July 15, 2009

සෑම ගෙදරකම සිටිය යුතු සත්තු දෙන්නෙක්


මතකද ගිය පාර ජනාධිපතිවරණයේදි එක්තරා අපේක්ෂකයෙක් පොරොන්දුවක් දුන්නා එතුමා ජනාධිපති වුනොත් සෑම ගෙදරකටම එළදෙනක් දෙනවා කියලා. ඔන්න මීලඟ ජනාධිපතිවරණයටත් ඒ වගේ සත්ත්ව පොරොන්දුවක් දෙන්න අවස්ථාවක් පෑදිලා.

පොරොන්දුව:

සෑම ගෙදරකටම ගෙම්බෙක් සහ පූසෙක් !!!





ගෙම්බාව දෙන්නෙ මදුරුවො මර්ධනය කරන්න. අපිට මොකටද කියුබානු බැක්ටීරියාවො. අපි අපේම ක්‍රමයකට මදුරුවො මර්දනය කරමු!. ඉදිරියේදී මී උණ සහ මහාමාරිය වසංගතය පැතිර යාමේ අවධානමක් තියෙන බවට අනතුරු ඇඟවීම් ඇවිල්ලා තියෙනවා. පූසාව දෙන්නෙ ඒ ප්‍රශ්නෙට පිළියමක් විදිහට.

හැබැයි ඉතින් කොයිකටත් කියලා ගෙම්බාටයි පූසාටයි, අත් දිග කමීසෙකුයි කකුල් දිග කලිසමකුයි අන්දවල තියන්න නම් වෙයි.

ඉස්සර සුද්දන්ගෙ රජ කාලෙ බලු බද්දක් තිබ්බලුනෙ. ඒ වගේ ගෙඹි සහ පූස් බද්දක් දාලා මහා භාණ්ඩාගාරයේ දෑත් ශක්තිමත් කර ගන්නත් පුළුවන් වෙයි.

කොහොමද ටිකිරි මොළේ !!


[ 15 - JULY - 2009 ]

12 comments:

rane said...

සිම්පල් ප්ලෑන් එකක්

අනූ said...

ඔය පූසා ගෙම්බව කන එකක් නෑ නේද?

said...

එළ එළ

Narada said...

බි පෙ සි!

malee_msg said...

මෙවා වන් ඇන් ඔන්ලි මකර අයිඩියාස් නේ?? මරු මරු..!

Deeps said...

එළ එළ මකරෝ...... අපිත් උඩින් සපෝට්!!!

Sam said...

සුද්දාගේ කාලේ නෙමෙයී මලේ, බලු බද්ද තවමත් තියනවා. ඔන්න මට මතක හැටියට අවුරුදු තුන හතරකට ඉස්සෙල්ල අලුත් කලේ.

දුකා said...

NIYAMA ADHAHASAK . . . !

Chanaka Aruna Munasinghe said...


@ රන්දීර වීරකෝන්

Ya,සිම්පල් ප්ලෑන් එකක්.
ඔයත් මාරු වෙලා බලන්න.
-------------------
@ අනූ

අනේ නැහැ.
බලන්නකො කරට අත දාගෙන ඉන්න අපූරුව.
------------------
@ ම, -බිNku- , malee_msg , දුකා

ස්තුතියි
------------------
@ deeps

සපෝට් එකට ස්තූතියි.
ඔයාව පූසන්ගේ සම්බන්ධීකරණ නිළධාරිණිය කොරනවා.
------------------
@ Sam

බලු බද්දක් ? දැන් ?
ඔය කියන්නෙ බල්ලන්ට අවුරුද්දකට පාරක් බෙහෙත් විදින එකද ?

අපෙ ගෙදරත් බල්ලෙක් ඉන්නවනෙ .
අපිනම් බදු ගෙවන්නෙ නැහැ. ෂ්... ෂ්...
-------------------

Anonymous said...

නියම අදහස.........ඉස් ගෙඩි තවාන් දලා නව රෑකියා අවස්ථා බිහි කරන්න පුලුවන්......

Chanaka Aruna Munasinghe said...

@ Ayomi

ඉස්ගෙඩි නියාමක තනතුරු දෙන්නත් පුළුවන්

සංකල්ප said...

නියම ප්ලෑන් එකක්. ගෙම්බන්ට පුලුවන්ද මදුරුවෝ අල්ලන්න.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D