Friday, August 7, 2009

මැර ප්‍රහාර හෙළා දකිමි ( මු )

ට්වීටරේට සහ මූණු පොතට එල්ල වූ පිළිකුල් සහගත බියගුළු DDoS ප්‍රහාරය තරයේ හෙළාදකිමි [ I Condemn the recent DDoS Attack against Facebook and Twitter ]

ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න බැරි නැහැලුනෙ .
බ්ලොගර් (Google Blogger) වලටත් ප්‍රහාරයක් එල්ලවෙනවාදෝ කියාල සැකයි.
මේ පෝස්ට් එක ලියන වෙලාවෙ බ්ලොගර් වල ගොඩාක් දේවල් වැඩ නැහැ.

උදා: Text Formatting, Photo Uploading , Saving as Draft etc වැඩ නැහැ.

මේ බලන්නකෝ වැඩේ බරපතලයි වගේ :(

කැඩෙන ප්‍රවෘත්ති
===========
බ්ලොගර් ගැන පහුගිය පැය 24 ඇතුලත අන්තර්ජාලයට එකතු වෙච්ච සටහන් සමහරක්
Breaking news -- Some Web Search results for Last 24 Hrs about Blogger .

1. http://forums.digitalpoint.com/showthread.php?t=1446891
2. http://www.google.com/support/forum/p/blogger/thread?tid=7d3de5a32b6f0e6b&hl=en

ආ ආ මේක දැන් හම්බ වුනේ. අනේ අපේ බ්ලොගර්ටත් වැඩේ දීල වගේ :'(

http://www.webpronews.com/topnews/2009/08/06/twitter-facebook-google-team-up-after-attacks

[ 07 - Aug - 2009 ]

12 comments:

ශාකුන්තල | Shaakunthala said...

ඔය නිව්ස් සයිට් වලටත් කෙළලද මන්ද... මාර හෙමින් නෙ ලෝඩ් වෙන්නෙ.

said...

හැබෑට මේ DDoS වලදි මොකද්ද වෙන්නේ?

Narada said...

මහරජගේ වැඩක්ද දන්නේ නෑ?

කාලිංග said...

@ම

DoS කියනේ යම්කිසි service එකකට, HTTP කියමුකෝ, දාරාග්න බැරි තරම් request එවීම, ඕනෑම Web/email වගේ සවර් වල තියනවා එක්තරා වේලවකදී සේවය ලබාදෙන්න පුලුවන් ප්‍රමාණයක්, එක ඉක්මවා යන විදියට request එවීම DoS වෙනවා.

Dynamic DoS කියන එක තමයි DDoS වෙන්නේ.

malee_msg said...

මමත් අර මුලින් කිව්ව සයිට් දෙක භාවිතා කරන්නේ නෑ.. හැබැයි ළගදි ඉදන් මගෙත් බ්ලොග් එකෙත් අනම් මනං ප්‍රශ්ණ.. ඒත් හේතු ගැන වැඩි දැණුමකුත් මට නෑ

said...

පැහැදිලි කිරීමට ස්තූතියි!!!
ඕක අපිට අපේ සයිට් එකකට කරගෙන බලන්න විදිහක් නැද්ද?
මන් කියන්නේ ලෝඩ් එක ටෙස්ට් කරගන්න

කාලිංග said...

@ම

තමන්ගෙම සවර් තියනවනම්, හොද ලින්ක්ල් එකක් තියනවානම් පුලුවන්, හැබැයි shard hosting වල කරොත්නම් පන්නයි :)

ටෙස්ට් කරන server එකට වඩා හොද ලින්ක් එකක් හෝ කීපයක් උවමනා වෙනවා.

Chanaka Aruna Munasinghe said...


@කාලිංග & All

DDoS කියන්නෙ Distributed Denial of Service Attack .ඒක වෙන්නෙ

1. ලෝකෙ පුරා ගොඩාක් පරිගණක වලට DDoS Clients infect කරනවා. එහෙම Infect වෙච්ච Computer එකකට කියන්නෙ Zombie එකක් කියල.

2. Zombie Clients ලා ගොඩාක් හැදෙන්න කාලයක් ඇරලා ඊට පස්සෙ Attackert ට ඕනෙ වෙලාවක Zombie Clients ල ඔක්කොගෙම පාලනය අරගෙන DoS Attack එකක් කරන්න පුළුවන්

DDoS වලදි ලෝකෙ පුරා හැම තැනකින්ම Attack එක එන හින්දා ඒක නවත්තන්නවත් Trace Back කරන්නවත් අමාරුයි. සාමන්‍ය DoS Attack එකකදිත් වෙන්නෙ ඒ වගේම වැඩක් . හැබැයි ගොඩක් වෙලාවට එකම Network එකේ පරිගණක හරහා කරන්නෙ. ඒක නිසා DoS Attack එකක්, නවත්තන්න සහ Trace කරන්න ලේසියි

උදා: Hacker කෙනෙක් විශ්ව විද්‍යාලයක වගේ Network එකක පාලනය අතට අරගෙන.

වැදගත් :
අපේ පරිගණකයේ ආරක්ෂක තත්වය හොඳ නැත්තන් අපිත් නොදැනුවත්වම එකක කොටස්කරුවෙක් වෙන්න පුලුවන්

Anonymous said...

මැරයින් සිල්වාගේ වැඩක් ඔකත්

budhajeewa said...

@Chanaka Aruna Munasinghe:
Linux භාවිතා වෙන පරිගණකයකුත් zombie එකක් කරන්න පුළුවන්ද ?

Anonymous said...

http://www.pcworld.com/article/168353/uk_not_north_korea_source_of_ddos_attacks_researcher_says.html

Chanaka Aruna Munasinghe said...


@ Supun Budhajeewa

Linux භාවිතා වෙන පරිගණකයක් වුනත් Zombie එකක් කර ගන්න පුළුවන්. Linux/ UNIX වලට Malware තර්ජන නැහැ කියන එක මිථ්‍යාවක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D