Monday, September 21, 2009

ජනාධිපති සීයා


:: ජනාධිපති සීයා ::

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ මම චූටිම චූටි කාලෙ . ඒ කිවුවෙ 1988 දි . එතකොට මට වයස අවුරුදු 4යි. ඉතින් මේ කියන දේ වුනා කියලා මටනම් මතක නැහැ. හැබැයි අපේ ගෙදර අය මේ කතාව රස කර කර කියනවා සමහර වෙලාවට.

දැන් අපිට ඉන්නෙ රජ මාමා කෙනෙක් වුනාට, ඒ දවස් වල හිටියෙ ජනාධිපති සීයා කෙනෙක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට මම ඒ දවස් වල කියලා තියෙන්නෙ ජනාධිපති සීයා කියලලු.  ජනාධිපති සීයට මම ගොඩාක් ආදරෙයිත්ලු. ජනාධිපති සීයට කවුරු හරි මොනව හරි කිවුවොත් මට හොඳටම තරහත් යනවලු. මම කුරුටු බලි ඇඳලා ජනාධිපති සීයට යවපු ලියුමකට  ස්තුති කරලා  එතුමාගේ අත්සන සහිතව එවපු කාඩ් එකකුත් අපේ ගෙදර තියෙනවා.

ඉතින් එදා අපේ ගෙදර අයට මගෙන් බේරිලා වෙන මොකක් හරි වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙන්න ඇති , මට සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම් බඩු ටිකකුත් ලඟට දීලා අහ අහා ඉන්න කියලා රේඩියෝ එකත් දාල දීල මාව කාමරේක තියල තිබ්බලු. 

මෙන්න ටික වෙලාවකින් මම අඬාගෙන ආවලු එලියට "ජනාධිපති සීයා මැරිලාආආආ... " කියාගෙන. කවුද පුතාට කිවුවෙ කියලා අහපුවම අඬ අඬා කිවුවලු "රේඩියෝ එකේ කිවුවා ,ජනාධිපති සීයා ප්ලේන් එකේ යද්දි බෝම්බ ගහල මැරිලා" කියලා . ඉතින් මම අඬපු ඇඬිල්ලෙ හැටියට ගෙදර අයට හිතිලා තියෙනවා මේකනම් බොරුවක්නම් වෙන්න බෑ කියලා. ඉතින් කට්ටිය කර කර හිටපු වැඩෙත් නවත්තලා රේඩියෝ එක වටේට වට වෙලා මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න.

බලනකොට කතාව ඇත්තලු. පකිස්ථාන ජනාධිපති ජනරාල් සියා උල් හක් (Zia-Ul-Haq) ගමන් කරපු ගුවන් යානයේ බෝම්බයක් පුපුරලා. රේඩියෝ එකේ ප්‍රවෘත්ති සිරස්තල වලට කියල තියෙන්නෙ "ගුවන් යානා බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති සියා මරණයට පත් වෙයි" කියලා. ඉතින් මම පොඩි එකාට සෙල්ලම් කර කර ඉන්න අතරෙ ඕක ඇහිලා තියෙන්නෙ ජනාධිපති සීයා කියලා. මම සීයා සීයා කියලා කිවුවට රේඩියෝ එකේ ප්‍රවෘත්ති වලදිත් ජනාධිපති තුමාට ජනාධිපති සීයා කියල කියන්නෙ නැහැයි කියලා මට තේරුමක් තියෙන්නත් නැතුව ඇති .

 :: ජනාධිපති සියා ::
             
කොහොමින් කොහොමින් හරි අන්තිමට, මැරිල තියෙන්නෙ ලංකාවෙ ජනාධිපති සීයා නෙවෙයි වෙන රටක ජනාධිපති සීයා කෙනෙක් කියල කියල තමයි මාව නලවගෙන තියෙන්නෙ .

[ 22 - Sep - 2009 ]


13 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

බලිගෙන යන කොට ඔයත් මාර බුවෙක් නේ
ජනාධිපති සීය කෙනෙක්ට ආදරේ කරපු එකම මකර වෙන්න ඇති

Unknown said...

nayek adenawa ...shooos

Chanaka Aruna Munasinghe said...

@ ushan

හික් හික්. සමහර විට එහෙම වෙන්න ඇති. පොඩ්ඩක් අනිත් මකරුන්ගෙනුත් අහල බැලුවනම් ?
--------------------------
@ Rohan

ෂ් ෂ් ෂ් . මෙන්න නයෝ දෙන්නෙක්ම ඉන්නවා.
http://status-chanaka.blogspot.com/2009/05/x2.html

දුකා said...

ea seeyata uba tama adareda. . . ?

said...

ඉතින් හැබෑටම සීයා මළාම උඹ ඇඬුවද බන්?

Chanaka Aruna Munasinghe said...

@ දුකා

දැන් සීයලට වඩා අය ඉන්නවනෙ.
--------------------------
@ ම

සීයා ඇත්තටම මැරෙනකොට මම ලොකුයිනෙ. එතකොට ඇඬුවෙ නෑ.
හැබැයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මැරිච්ච වෙලාවෙනම් ඇඬුවා

SIDATH said...

මටත් පොඩිකාලෙ මතක් වුනා.
මම පොඩිකාලෙ( අවු: 3 දි විතර ) ප්‍රේමදාස ජනධිපතිතුමාට කිව්වේ ජනාධිපති අත්තා කියලා.

Chanaka Aruna Munasinghe said...

@ ත'ර්ඩ් මෑන්

ආ ඒ කියන්නෙ කොලුවා මට වඩා පොඩියි වගේ. ප්‍රෙමදාස ජනාධිපති තුමාගෙ කාලෙ මම ඉස්කෝලෙ යනවනෙ

ඉන්දික උපශාන්ත said...

කොළපාට සමාජය.

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

හරිත සමාජය

Anonymous said...

හිහි හිහි මාර වැඩේ තමයි... :D

මකුළු පැංචි (මංචි) said...

හික් හික්..කොහොමින් කොහොමින් හරි අහු වුණා මකරගෙ වයස..මකරා මකුළු පැංචිට වඩා අවුරුදු4ක්ම වැඩිමල් නොවැ...:D

Chanaka Aruna Munasinghe said...

@ හිම කුමාරි

හී හී. මටමමමමමයි වෙන්නෙ
=============
@ මකුළු පැංචි

අනේ පවු. සෑහෙන අමාරුවෙන් වයස හොයාගෙන. මම දැන් අවුරුදු 3ක් තිස්සෙ උපන්දිනේට කේක් දෙනවනෙ . එන්න මෙතනින් ඇවිත් කන්න මේ අවුරුද්දෙ කේක් එකේ ඉතුරු වෙල තියෙන කුඩු ටික

http://status-chanaka.blogspot.com/2011/05/blog-post_20.html

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D