Thursday, September 22, 2011

අසම සම , ප්‍රති නිර්මාණය


මහාචාර්ය විස්කම් කැන්ටිමේ පැත්තක වාඩි වෙලා ලොකු කල්පනාවක. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මට හිතුණා ගිහින් කතා කළොත් හොඳයි කියලා. මට සර්ව හම්බ වෙන්න පොඩි ඕනෙ කමකුත් තිබ්බා.

"සර් , බිසීද , සර්ව හම්බ වෙන්න පොඩි උවමනාවකුත් තියෙනවා

"හ්ම්

සර් අහක බලාගෙන ආයෙත් කල්පනා කරන්න පටන් ගත්තා. සර්ට තරහ ගියාවත්ද ? විස්කම් සර් එහෙම තරහ යන කෙනෙක්නම් නෙවෙයි. අපි එක්ක හොඳට කතා බහ කරන කෙනෙක්. පොඩ්ඩක් වෙලා බලන් ඉඳලා සර්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා මම ආපහු යන්න කියලා හැරුණා.

"පොඩ්ඩක් ඔහොම වාඩි වෙන්න, චාණකට පුලුවන්ද මට පොඩි උදවුවක් කරන්න  ? පොඩි නෙවෙයි ලොකු උදවුවක් ?

"ඇයි සර් , සර්ට මොකක්වත් කරදරයක්වත්ද ? පහුගිය සතියෙම සර්ව දැක්කෙත් නෑ ? " මම ඇහුවා.

"නෑ නෑ මට කරදරයක් නෙවෙයි. ඒක මෙහෙම කතා කරන්න බෑ, ඒක ප්ලේන්ටි පහක් විතර බොන ගමන් කියන්න ඕනෙ ලොකු කතාවක්, යමුද අපේ ගෙදර ?"

=======

කාර් එකේ යන තුරුම සර් එක වචනයක්වත් කතා කළේ නෑ. මොකක්ද සර් මගෙන් ඉල්ලන්න යන උදවුව ? විස්කම් සර්ගෙ පරීක්ෂණ ව්‍යාපෘති කීපයකටම සම්බන්ධ වෙලා හිටියත් මීට කලින් මම සර්ගෙ ගෙදරට ගිහින් තිබ්බෙ නෑ. සර්ගෙ නිල නිවාසය තියෙන්නෙත් වැඩිය කවුරුත්  නොයන පාලු පැත්තක.
කාර් එක නැවැත්තුවත් සර් කාර් එකෙන් බැස්සෙ නැහැ. සර් බහිනකම් කියා මමත් වාඩි වෙලා බලන් හිටියා.

"චාණකට පුලුවන්ද රහසක් ආරක්ෂා කර ගන්න, මේක ලොකු රහසක්"  සර් කියපු විදිහට මට බයත් හිතුණා. 

"ඒ කිවුවෙ සර් ? මොන වගේ රහසක්ද ?"

"නෑ නෑ , බය වෙන්න දෙයක් නෑ. මේක මම කරන පරීක්ෂණයක රහස්. සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවනෙ පරීක්ෂණයක් ඉවර කරනතුරු ඒවායේ විස්තර පිටට නොදෙන"

"ඔව් සර්, මීට කලින් කරපු පරීක්ෂණ වලත් එහෙමනෙ" මම කීවා.

"මීට කලින් ඒවා වගේ පොඩි පොඩි පරීක්ෂණ නෙවෙයි, මේක ලොකුම ලොකු වැදගත්ම එකක්, මම සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙච්ච, අපි යමු"

ඒක සාමාන්‍ය ගෙයක් නෙවෙයි. ගේ ඇතුල එහෙම පිටින්ම විද්‍යාගාරයක් වගේ. පැත්තක පොඩි ඉඩක ඇඳකුයි පුටු හතර පහකුයි තිබ්බා. මට පුටුවක වාඩි වෙන්න කියපු සර් ඉඳ ගත්තෙ ඇඳේ. 

"චාණක දන්නව ඇතිනෙ පෘතුවියේ ජීවය ඇති වෙච්ච හැටි, පරිණාමය වෙච්ච හැටි ගැන විවිධ මත තියෙනවා, ඒත් ඒ හැම එකක්ම  මතවාද විතරයි . සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරන්න බෑ.  මම කාලයක් තිස්සේ උත්සාහ කළේ ජීවය ගැන නිරීක්ෂණාත්මක ආකෘතියක් හදන්න

සර්ගෙ ප්ලේන්ටි පහක් විතර දිග ලොකු විස්තරය පටන් ගත්තෙ එහෙමයි.

=======

සර්ගෙ පරීක්ෂණය විශ්වාස කරන්නත් අමාරු , කවුරුවත්ම නොහිතන විදිහෙ අපූරු එකක් . විස්කම් සර් පෘතුවියක් ප්‍රති නිර්මාණය කරලා . පුංචිම පුංචි පෘතුවියක්. ඇහැට පේන්නෙත් නැති පුංචි පෘතුවියක්.

විකිරණශීලී පරමාණුවක න්‍යාෂ්ටිය තමයි මේ පුංචි පෘතුවියේ සූර්යයා. ඒ පරමාණුව වටේට කරකැවෙන ඉලෙක්ට්‍රෝනයක් උඩ පෘතුවියේ භෞතික තත්ව සියල්ලම ප්‍රතිනිර්මාණය කරලා හිතාගන්නත් අමාරු සෑහෙන සියුම් විදිහට.  ජීවයේ මූලික අවස්ථා ඒ ඉලෙක්ට්‍රෝනය උඩ ඇති වෙලා තියෙන හැටි අපි ප්‍රබල අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කළා. සර්ට මගේ උදවු උවමනා වෙලා තිබ්බේ ඒ පෘතුවි ආකෘතිය මත ජීවය පරිණාමය වන හැටි දිගින් දිගටම නිරීක්ෂණය කරන්න උදවු කාරයෙක් විදිහට.

එදා රෑම සර්ගෙ පරීක්ෂණාගාරයේ නතර වෙන්නම් කියා පොරොන්දු වෙලා ආවත් නොහිතපු විදිහට මට තද උණක් හැදුණා.

"කමක් නෑ , සනීප වුණාම එන්න. කොහොමටත් මම දිගටම මේක බලනවා, මම නැති පොඩි පොඩි වෙලාවල් වලට බලා ගන්න කෙනෙකුයි ඕනෙ වෙලා තිබ්බේ" සර් කීවා.

=======

මට උණ හොඳ වෙලා විස්කම් සර්ව හම්බ වෙන්න පුලුවන් වුණේ දවස් 10කට පස්සෙ. සර්ගෙ පරීක්ෂණේ විස්තර දැන ගන්න මම සෑහෙන නොඉවසිල්ලෙන් හිටියෙ.

"පරීක්ෂණය සෑහෙන සාර්ථකයි, මම හිතුවට වඩා බොහොම ඉක්මනට බුද්ධිමත් කියල කියන්න පුලුවන් ජීවීන් හැදුනා, අපි දැනට පිළිගන්න සිද්ධාන්ත ගොඩක් වැරදි බව පෙන්වන්නත් පුලුවන්

"එතකොට දැන් ඒකෙ මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් ඉන්නවද ?" මම පුදුමෙන් ඇහුවා.

"සමහර විට මිනිස්සුන්ටත් වඩා බුද්ධිමත්. මිනිස්සුන්ට වඩා හැඩයෙන්නම් වෙනස්. ඒ අය ඉලෙක්ට්‍රෝනය මත ගොඩනැගිලි වගේ දේවල් පවා හැදුවා. ඒත් දැන් ඒ අය නෑ."

"ඇහ්

"ඒ අයගෙ ක්‍රියාකාරකම් හින්දා  පද්ධතියේ  සමතුලිත බව වෙනස් වෙන්න ගත්තා මට පාලනය කර ගන්න අමාරු මට්ටමටම . සෑහෙන ඉක්මනින් ඒ අය ඉලෙක්ට්‍රෝනය වෙනස් කළා. තව ටිකක් වෙලා ගියානම් න්‍යාෂ්ටික පිපිරීමක් වෙන්නත් ඉඩ තිබ්බා  ඒ හින්දා .මට ඒ ආකෘතිය විනාශ කරන්න වුණා. ආයෙ අක්කෘතියක් හදනකොට ඒ හැනත් හිතන්න ඕන"

=======

එදා රෑ මම නිදා ගන්නෙත් නැතුව කල්පනා කළේ විස්කම් සර්ගෙ පරීක්ෂණේ ගැන . දවස් 10කින් ඇති වෙලා විනාශ වෙච්ච බුද්ධිමත් ජීවීන් කොයි වගේ වෙන්න ඇත්ද ? අපේ දවස් 10ක් ඒ අයට කොච්චර කාලයක් වෙන්න ඇත්ද ?

යාන්තමින් නින්ද යාගෙන එද්දිම මම හීනෙන්  ඔය පල්ලෙහා තියෙන රූප සටහන දැක්කා
 



ඒ අපි ස්ව-සමානතාව (Self - Similarity) ගැන ඉගෙන ගනිද්දි අපිට පෙන්නපු උදාහරණයක්. එක සමාන කුඩා කුඩා ආකෘති විශාල ගණනක් එක් වෙලා ඒ කුඩා ආකෘති වලටම සමාන විශාල ආකෘති නිර්මාණය වෙන එකටයි ස්ව සමානතාව කියන්නෙ.  

පුංචි පුංචි පරමාණු එකතු වෙලයි අපි ජීවත් වෙන පෘතුවිය , සූර්ය ග්‍රහ මණ්ඩලය , විශ්වය හැදිලා තියෙන්නෙ.

දෙවියනේ එතකොට අපි ඉන්නෙත් කවුරු හරි කෙනෙක් නිර්මාණය කරපු ආකෘතියක වෙන්න බැරිද ?  පරමාණුවේ න්‍යාෂ්ටිය සූර්යයා. පෘතුවිය සහ අනිත් ග්‍රහලෝක ඉලෙක්ට්‍රෝන.

 ඒක එහෙමනම් ? ඒ ආකෘතිය හදපු කෙනාටත් ඒක විනාශ කරන්න සිද්ධ වෙයිද ?

[ 22 - Sep - 2011 ]

31 comments:

Podi Kumarihami said...

ඔයා ඔය කීවේ ඇත්ත කතාවක්ද නැත්නම් නිර්මානයක්ද?

ඔය විදියට බලපුවාම අපේ ලෝකය කවුරු හරි නිර්මානය කලා නම්, එයාට ඇති උනු දවසක එයා මේක විනාශ කරාවි. ඉතින් ඒක ඇත්ත කියලා ඔයා පිලිගන්නවද?

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේ එකක් ලියන්න දරපු අහිංසක උත්සාහයක් :)

Podi Kumarihami said...

උත්සාහය අතිශයින් සාර්ථකයි. දැන් ඉතින් පොත පටන් ගමු...:D

Anonymous said...

fractals ??

Anonymous said...

http://en.wikipedia.org/wiki/Horton_Hears_a_Who!

Horton Hears a Who!
මේ කතන්දරයත්, එයින් නිමැවුණු චිත්‍රපටයත් ඔය වගේ සංකල්පයක් මත බිහිවුණු එකක්.. නමුත් එහි ලෝක කවුරුත් බිහි කරපු දේවල් නෙවෙයි.

Rasika Kariyawasam said...

අගේ ඇති ප්‍රබන්දයක් !!

Unknown said...

ඕකනම් මටත් සෑහෙන්න හිතෙනවා..අපිට උඩ පනින්න හමබ වෙන්නෙ එතකං විතරයි ඈ...මරු කතාව :D

සංකල්ප said...

නියම නිර්මාණයක් අයියා.
අතිශයින්ම සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක්.

priyantha said...

අපුරුයි.....

ජීවිතේ මල් said...

සුපිරි....

හිතන්න අපෙ මේ පෘථිවිය අඩංගු වෙලා තියන විශ්වය කියන්නේ තව කෙනෙක්ගෙ ආකෘතියක් අස්සෙ කැරකවෙන පොඩි සෙටප් එකක් නම් ???

horton hears a who කියන කාටුන් ෆිල්ම් එක හදල තියෙන්නේ ඒ වගෙ සංකල්පයකින් නේද?

හිතනකොටත් දැනෙන්නේ අපූරු බවක්... නේද?

නියමම සහ අපූරු සරල බවකින් පිරිපුන් වචන වලින් කල මැවීමක් !!!ජය!

Unknown said...

අති සාර්තක ප්‍රබන්දයක්. මේක යවන්නකෝ ලක්බිම පත්තරේට. එයාලා හැම සතියකම පාඨකයො එවන ප්‍රබන්දයක් පල කරනවා.

Beetle said...

නියමයි... ගොඩක් රස වින්දා... මම විද්‍යා ප්‍රබන්ධ කියවන්න කම්මැලි කෙනෙක්... හැබැයි මේක නම් ආසාවෙන් කියෙව්වා...

තව ටිකක් විස්තර ඇතුව ලිව්ව නම් තව ලස්සන වේවි... සියුම් ඉලෙක්ට්‍රෝනේ ඇතුලේ සීමා බෙදාගන්න බැරුව සටන් කරන බුද්ධිමත් ජීවින් අන්තිමට ඉලෙක්ට්‍රෝනේ වෙනස් කරන්න ගන්න උත්සාහයක් වගේ දෙයක්...

Observer said...

මල කෙලියය් මහරජ........මං හිතුව ඕනයගෙ ගෙවල් ගාව ඉස්පිටිතාලෙන් මෙහා නවතින්න බැරි වෙය් කියල

BLOG ගඩොල් said...

රස වින්දෙමි

ඉන්දික උපශාන්ත said...

අදේවවාදී අපිට බොරු උනාට දේව වාදී හැමෝටම ඔය කතාව ඇත්තනෙ.

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ස්තූතියි. පොත ? ??
==============
@ dawkinssdodo

Yes Fractals is similar idea in curves.
==============
@ විසිතුරු | visituru

ස්තූතියි. Horton Hears a Who කතන්දරය කලින් දැනන් හිටියෙ නෑ.

Chanaka Aruna Munasinghe said...

@ රසික

ස්තූතියො
========
@ මදුශාන්

සැහෙන්න හිත හිතා උඩ පනින්න ඕනෙ ප්‍රශ්නයක්
========
@ මධුරංග

ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ priyantha

ඤපූරුයි එහෙම නෙවෙයි නේද ?
========
@ ජීවිතේ මල්

horton hears a who කාටුන් එක බලල නෑ. ආයෙ පොඩි එකෙක් වෙච්ච දවසක බලන්න කියා හිතන් ඉන්න ලැයිස්තුවට ඒකත් දා ගත්තා

ලිලිපුට්ටන්ගේ රටේදි යෝධයෙක් වෙන ගලිවර් තවත් කොහේදො යෝධයන්ගෙ රටකදි අඟුටුමිට්ටෙක් වෙනවා. මතකද ?
============
@ නිසුපා

බැරිද මේක ප්‍රින්ට් කරලා, මුද්දරයක් අලවලා ලක්බිමට යවන්න. මම ලංකාවට ආපුවම මුද්දර ගාස්තුව දෙඤ්ඤං

Chanaka Aruna Munasinghe said...

@ Beetle

ස්තූතියො. තව දිගට ලියන්නත් එක එක එවුවා හිතුණා. ඒත් දිගට ලියන්න කම්මැලි හිතුණා. බ්ලොග් පෝස්ට් එකකට දිග වැඩි වෙයි කියාත් හිතුණා
===========
@ Observer

ඇයි ඒ නවතින්න බැරි වෙයි කියල හිතුනේ. බ්‍රේක් අස්පට් වුණාද ?
==========
@ BLOG ගඩොල්

ස්තූතියො, පුර් පුර්
==========
@ ඉන්දික උපශාන්ත

මේක පට්ටපල් ඇත්තක්

පොත් ගුල්ලා said...

හොඳ සංකල්පනාවක්!

ශ්‍රී said...

"අපි ඉන්නෙත් කවුරු හරි කෙනෙක් නිර්මාණය කරපු ආකෘතියක වෙන්න බැරිද ?"

ඔන්න ඔය වගේ හිතුවිලි වෙලාවකට මගේ හිතටත් එනවා... සමහරවෙලාවට, මේ හැමදෙයක්ම නිකං සිතුවිලි ගොන්නක් විතරද, භෞතික ලෝකයක් කියලා දෙයක් නැද්ද කියලත් හිතෙනවා...

මොනව වුනත් හොඳ ප්‍රබන්ධයක්!

හිස් අහස said...

ලස්සන ප්‍රභන්ධයක් මකරෝ .. නියමයි මම මේ ව්ගේ කතා වලට පට්ට ලයික් .

මේක කවුරුහරි නිමවාපු ආකෘතියක් කියලා හිතෙනකොට මට මහා බරක් දැනෙනවා හිතට ..

පොත් ගුල්ලා said...

@චානක අරුණ මුණසිංහ
ඔයා දැනගන්ඩ ඕනැයි කියපු සෙනසුරා නරියට පැරදිච්ච කතාව මෙතනින් බලන්ඩකෝ
http://malmakaranda.blogspot.com/2011/09/blog-post.html

The Lion said...

එළ එළ මකරයියේ නියම විද්‍යා ප්‍රබන්ධයක් ...........:D

හරී - පිණිපළස said...

අපූරු කථාව ,,,,,!!!

සයුරි said...

මේක හොඳයි ෆිල්ම් එකක් හදන්න...තව දිගට ලියන්නනේ තිබුනේ..අපුරු කතාවක්.

Chanaka Aruna Munasinghe said...

@ පොත් ගුල්ලා

ස්තූතියි. සෙනසුරාගෙ කතාවටත් ස්තූතියි
============
@ ගීතක - ඇත්ත කතා...!!!

ගීතිකටත් එහෙම හිතෙනවනම් ඒක ඇත්ත වෙන්නෙ ඕනෙ. මොකද ගීතික ලියන්නෙ ඇත්ත කතානෙ.
============
@ හිස් අහස

ස්තූතියි. කවුරු නිර්මාණය කළත් කමක් නෑ. ආකෘතිය අපි ඕනෙ විදිහට හදා ගමු.

Chanaka Aruna Munasinghe said...

@ The Lion

ස්තූතියි, සිංහ පැට්ටෝ
==========
@ හරී - පිණිපළස

ස්තූතියෝ.
==========
@ Sayuri

හෆුච්චෙ, ෆිල්ම් එකකට දිගට දිගට පැය 2ක් ලියන්න එපැයි. :) . ස්තූතියි

Anandawardhana said...

අනර්ඝයි! අදයි මේ බ්ලොග් එක මුලින් ම කියවන්න ලැබුනෙ. බොහොම රසවත්. ඉතුරු ඒවා කියවන්න ආයෙමත් එනවා. ජය වේවා.

Chanaka Aruna Munasinghe said...

@ Anandawardhana

හා හා ආයෙ වෙලාවක මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකො තේකක් හෙම බීල යන්න

Hasitha Gunasinghe said...

ටිකක් බය හිතෙන කතාවක් වගේ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D