Wednesday, December 5, 2012

ජෛව පාලනය





 1-ජවනිකාව

A\: මේකනං හැබෑම පුදුමයක්.

B\: ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.

C\: නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.

D\: මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.

A\: මෝල් ගහක දලු ඇවිල්ලලු.

D\: කෝ කෝ යමු බලන්න.

B\: එහෙම ආවට ගියාට බලන්න බැරිලු.

C\: කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.

A\:  දහදාහයිලු ටිකට්.

D\: කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.

2-ජවනිකාව

X\: අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.

D\: එහෙම කොහොමද ?

A\: අපි ටිකටුත් අරන් ආවෙ.

X\: මේකනෙ මහත්තයො, පොඩි ප්‍රශ්නයක් වෙලා, ඒ මෝල්ගහ පිඹුරෙක් ගිලලා.

C\: කෝ එතකොට පිඹුරා.

X\: නාසා එකේ මහත්තුරු ඇවිල්ලා පිඹුරව අරන් ගියා හඳට යවන්න කියලා, "හඳේ ඉන්න හාවන්ව ජෛව පාලනයක්ද මොකක්දෝ කරන්න ඕනෙලු".

B\: මේක ඇවිල්ලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කූඨ කුමන්ත්‍රණයක්!


ප.ලි
====
1.
මේක ඇවිල්ලා කාලෙකට කලින් ONE | ZERO | ZERO අඩවියට මම යවපු එකක්. මගේ බ්ලොගෙත් දා ගන්න ඕනෙ කියල හිතුනා.

2.
හඳේ ඉන්න හාවට නැස්ටක් නැත්තෙ ඇයි කියල දන්නෙ නැති අය මේක බලන්න.

3.
ආකිමිඩිස්ට හඳ උඩ පොල්ලක් තියල පොළොව හොල්ලන්න පුලුවන්ද


[ 05 - Dec - 2012 ]

9 comments:

Aruni Shapiro said...

අනිවාර්යෙන් ම බටහිර කුමන්ත්‍රණයක් වෙන්නැති. ඔන්න දැන් ඊජිපත්තුවේ මෝර්සිත් බටහිර කුමන්ත්‍රණකරුවන් ඉන්නා නිසා තමන්ගෙ බලතල වැඩි කරගන්න ඕනෑ යැයි කියනවා!!!!

සිරාගෙ කාමරේ said...

බොලේ අපි නොදන්නවා උනාට මේ ලෝකෙ වෙන දේවල් හැබෑටම..

SilentSahan said...

superb machan...

දුමී said...

හෆොයි, සම්බෝලයක් හරි කොටා ගන්න තිබුනේ ඔය මෝල් ගහ විතරයි...!

priyantha said...

කුමන්ත්‍රණයක් නේනනම්...:D

Bindi said...

මකරටත් හිතෙන ලස්සන දේවල්

දුමි ..අර ගෙනියන්වයි කිව්වා වංගෙඩිය ගෙනිච්චේ නැද්ද .

Bindi said...

දුමි මට වැරදුනා ..මිරිස්ගල

සංකල්ප said...

අයියෝ සල්ලි !

yasiru said...

ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D