Monday, December 1, 2008

රාක්ෂ දෙයියන්ගෙ බලේ


ඉස්සර හිටපු රජවරුන්ට අමුතු අමුතු නම් තිබ්බනෙ. වට්ඨ ගාමිණී අභය කියන එක කෙටි කරල වළගම්බා කරගත්තලු. හැබැයි දුට්ඨ ගාමිණී අභය කියන එක කෙටි කරල තියෙන්නෙ දුටු ගැමුණු කියල. ඒක දුටුගම්බා කියල කෙටි කර ගත්තෙ නැත්තෙ ඇයි කියල දෙයියො තමයි දන්නෙ.


දෙයියො ගැන කියනකොට රාසිංහ දෙයියන්ව මතක් වුනා.පරණ කවියකුත් තියෙනවනෙ,

මලේ මලේ තැඹිලිය වැන්න පොල්...........මලේ
රැලේ රැලේ මුහුදින් දමන දිය...................රැලේ
බලේ බලේ රාසිංහ දෙයියන්ගෙ................බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා...............මලේ


කන්ද උඩරට දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො ගැනයි ඔය කවියෙ කියන්නෙ. රාජසිංහ කියන නමේ "ජ" අකුර ලොප් කරල තමයි "රාසිංහ" කියන්නෙ. ඒ කාලෙ ඔය නම ඇහුවම මිනිස්සු බයේ වෙවුලනවලු.

දැන් අපිට රජ කෙනෙක් නැහැනෙ. ඉන්නෙ රාජපක්ෂ ජනාධිපති. ඉතින් මට හිතුනා අපේ ජනාධිපති තුමාටත් ගරු ගාම්භීර, බය හිතෙන නමක් දාන්න ඕනෙ කියල.

රාජසිංහ කියන නමේ "ජ" අකුර ලොප් කලා වගේ රාජපක්ෂ නමේ "ජ" අකුර ලොප් කරල බැලුවා. ම්හ් ... .එතකොට එන්නෙ "රාපක්ෂ" කියල. ඒක කැතයි. නිකම් රා(Toddy) වල කැමතියි කියනව වගේ තෙරුමක් එන්නෙ. මතට තිතත් තිබ්බ කෙනෙකුට ඒ වගේ නමක් ගැලපෙන්නෙ නැහැ. මොකෝ කරන්නෙ ? "ජ"යන්න ගාව තියෙන "ප"යන්නත් අයින් කරල බැලුවා. නිකන් තියෙන "ප"යන්නනෙ. ආ ඔය ආවෙ හොඳ බය හිතෙන නමක්. "රාක්ෂ දෙයියො". අපූරුවට ගැලපෙනවා.

රාක්ෂ දෙයියො

ඉතින් මට හිතුනා නිකා ඉන්න එකේ අපේ "රාක්ෂ දෙයියො" ගැන කවියක් හදන්න ඕනෙ කියල. ඔන්න මම හදපු කවිය.බලන්න හොඳද කියලා?

මලේ මලේ ගෝඨාභය චූටි..................මලේ
කැලේ කැලේ කොටියාගේ වන්නි........කැලේ
බලේ බලේ රාක්ෂ දෙයියන්ගේ.............බලේ
ත්‍රස්ත බලය බින්දයි කිළිනොච්චි...........කැලේ


මේ කවියෙ අන්තර්ගතයනම් වැරදි තමයි. ඒ වුනාට crazy කවි සංකල්පනා වලට ඒ තර්ක valid නැහැ.

මේ කවියෙ "කොටියාගේ වන්නි කැලේ" කිවුවට ඒක කොටින්ගෙ නෙවයි. ඒක ශ්‍රී ලාංකික අපි හැමෝගෙම."ත්‍රස්ත බලය බින්දයි" කිවුවට තවම කිළිනොච්චියෙ තියෙන්නෙ ත්‍රස්ත බලය. ඒ වගේම "කිළිනොච්චි කැලේ" කිව්වට කිළිනොච්චිය නම් තොප්පිගල වගේ කැලයක්නම් නෙවෙයිලු.ලොකු ටවුන් එකක්ලු. දැකලනම් නැහැ. කවදහරි ගිහින් බලන්නම ඕනෙ.

[ 01 - Dec -2008 ]




10 comments:

සරත් ගුණතුංග said...

කොයි එකටත් පාර බලාගෙන ඉන්න. සුදු වෑන් එක ආවොත්?

නිලන්ත පියසිරි said...

සුදු වෑන් නොවැ ගොඩක් තියෙන්නේ. ඒ නිසා හැම වෑන් එකටම දුවන්න වෙයි.

Chanaka Aruna Munasinghe said...

යකෝ මම නරක දෙයක් කිවුවයැයි.
හොඳනෙ කියල තියෙන්නෙ .
අහවල් දෙයක් කරාටද මගේ පිටිපස්සෙන් සුදු වෑන් එවන්නෙ.

නාලක said...

හික් හික් හික් :D (බි.පෙ.සි)

Chanaka Aruna Munasinghe said...

(බි.පෙ.සි) කියන්නෙ මොකක්ද ?

තරිඳු said...

හිකිස්... අයියට මාර අදහස්නෙ එන්නේ....

"රාසිංහ" ද "රාසිං" ද?

බිපෙසි කියන එකට තේරුම් කීපයක්ම තියෙනවා...
කැමති එකක් තෝරගන්ඩ :D

බිය පෙනෙද්දී සිනාසීම
බිම පෙරලෙමින් සිනාසීම
බියෙන් පෙරලෙමින් සින්දුකීම (කවුරු හරි ගහයි කියලා).

බිපෙසි

Chanaka Aruna Munasinghe said...


රාසිං වුනොත් වැඩේ අවුල් නේද මල්ලි.

රාජසිංහ කියන එකේ "ජ"යන්නයි අන්තිම අකුරයි අයින් කලා වගේ රාජපක්ෂ කියන එකෙත් "ජ"යන්නයි අන්තිම අකුරයි අයින් කලොත් එහෙම සුදු වෑන් නෙවෙයි සුදු හෙලිකොප්ටරේකම යන්න පුලුවන් වෙයි.

බිපෙසි

චතුර වික්‍රමරත්න said...

නියමයි. . . මරු අදහස. . . බි. පෙ. සි. =D

Anonymous said...

මාර අදහසක්. මේ වගේ ලස්සන කවි කියවපුවාම මගේ හිත සින්හල ඉගෙන ගන්න මතම බල කරනවා.

කසුන් - ජපානය

තරිඳු said...

මම ගියා යාපනේ. කිලිනොච්චි පහුකරන් ගියේ. බස් එකේ යනකොට දැකපු හැටියටනම් චුට්ටිත්තං ටවුන් එකක්. කොටින්ම කිව්වොත් මැදවච්චියට වඩා පොඩියි කිලිනොච්චිය. හැබැයි එක ගොඩනැගිල්ලක් වත් ඉතුරු නොවෙන්න වැඩේ දීල

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D