Monday, December 22, 2008

වලිගය නැති ගොනා.


අපේ ජනාධිපති තුමාගේ බලසම්පන්න කම ගැන කියන්න මම ලියපු " රාක්ෂ දෙයියන්ගේ බලේ " බ්ලොග් පෝස්ට් එක කියවන්න ඇතිනෙ.( කියෙවුවෙ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න ) .

හැබැයි මහින්ද මාමා පහුගිය දවසක හරිම දුක හිතෙන කතාවක් කියල තිබ්බා. කෙරවලපිටියේ තාප විදුලි බලාගාරය විවෘත කරන උත්සවයේදී එතුමා එතුමාට මේ කතාව කියනකොට ඇඬුනලු. එතුමා කියන විදිහට එතුමාට මහේස්ත්‍රාත්වරයෙකුට තරම් වත් බලයක් නැතිලු. පවු නේද ?

එතුමාට දුක හිතුනට මටනම් ඒ කතාව අහල මටනම් සතුටු හිතුනා. එතුමා මේ නොකියා කිවුවෙ අධිකරණය විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වලිගයක් විදිහට කටයුතු කරන්නෙ නැතුව ස්වාධීනව කටයුතු කරනවා කියන එකනෙ. රජයෙන් කළ යුතු දෙය නොකෙරෙන විට ඒවා කරවා ගැනීමට අධිකරණයේ පිහිට පැතීම හැර වෙන විකල්පයක් අපි වගේ සාමාන්‍ය ජනතාවට නැහැ. ඉතින් ස්වාධීන අධිකරණයක් තියෙන එක ගැන මටනම් සතුටුයි.

මේ සති අන්තයේ පුවත්පත්වල වැඩ්යෙන්ම කතාබහට ලක් වෙලා තිබ්බෙ ඉන්ධන මිල අඩු කිරීමට දීපු ශ්‍රේෂ්ඨාධිකර්ණ තීන්දුව ගැන. ඉතින් මේ දේවල් ගැන කියවනකොට මට පරණ කවියක් මතක් වුනා. මම ඒ කවිය අදට ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කලා.


ගොන් රෑනක් මේ සිරිලක කකා....................උනී
අසරණ ගොනුන් වලිගය නැතුව වැනි............වැනී
නායක ගොනුට අධිකරණය බැටය.................දුනී
ජනපති තුමා වලිගය නැති ගොනා............... වැනී

රට කන ගොනුන් වැනි දේශපාලකයන්ගේ වලිගයක් නොවීම ගැන අධිකරණයට මගේ උපහාරය!!!

[ 21 - Dec - 2008 ]

9 comments:

malee_msg said...

හික් හික්.. ඔයාට තිබ්බේ මාධ්‍ය කෙෂත්‍රයේ රැකියාවක් තෝර ගන්න...

Pahan said...

එලම එල කවිය

Buddy --බඩී said...

නුබනම් නියම කොල්ලෙක්...

Anonymous said...

හික් හී... නියමයි නියමයි.. අපි හැමෝම වලිගය නැති ගොන්නු නේද මචෝ...

Chanaka Aruna Munasinghe said...


මම නම් මකරෙක්.
මට හොඳවයින් වලිගයක් තියෙනවා.

තුෂාර ජයරත්න. said...

වලිගෙනම් නැහැයි කියමුකෝ...... ඒත් කඩුවකුත් එක්ක දුටුගැමුණු ඉන්නවනේ.....

තව ප්‍රශ්නයක් ගොනාගේ ලේ බොන්න තරම් හපන් මැස්සෝ කව්ද? කවියකින්ම උත්තර බලාපොරොත්තු වෙමි.

නිලන්‍ත said...

අනේ මංද මචං උඹ මොන ජාතියෙ මකරෙක්ද කියල හිතාගන්න බෑ. ගිණි පිඹින එකෙක්ද නැත්තං නිකම්ම එකෙක්ද

Chanaka Aruna Munasinghe said...


ගින්දර පිඹින නිකංම නිකං මකරෙක් නෙවෙයි මම.
මම තමයි මකර අධිරාජයා.

නිලන්‍ත said...

ම්...........හරිම අමුතු තත්වයක්. ඒ ගමන මකර අධිරාජ්‍යයෙක්. ඔහොම එකක් ඇහුවමයි.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D