Monday, December 22, 2008

අපේ පර්ස් (PURSE) එක


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන වැදගත් කටයුත්තක් පහුගිය 18 වෙනිදට යෙදිල තිබ්බා.ඒක තමයි Peradeniya University Research Sessions 2008 (PURSE - පර්ස්). ගිය අවුරුද්දෙ පර්ස් එක (PURSE 2007) සංවිධානය කලේ අපි. බුදු අම්මෝ අපි ගිය පාර ඒකට කාපු කට්ට මතක් වෙනකොට කටට කෙළත් උනනවා.


පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මේ පාර ප්‍රධාන සංවිධානය දන්ත වෛද්‍ය පීඨය මගින්. දත කට පූට්ටු කර ගන්න ඇති. කොහොම හරි පර්ස් එක හොඳට සංවිධානය කරල තිබ්බා. එහෙම නොකියා බැහැ මොකද මාත් සංවිධායක කමිටුවක හිටියා :-) . අවසාන උත්සවයේ ආරධිතයො වුනේ ලංකාවේ දකුණු කොරියානු තානාපති තුමා සහ ජනාධිපති උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල මහතා. ධනපාල මහත්තයා ඉතාම හොඳ කතාවක් කරා. එතුමාගේ අදහස් සෑහෙන වටින ඒවා. එතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වෙන්න බැරි වුනේ අපරාදෙ.

මම සම්බන්ධ වෙච්ච පර්යේෂණ පත්‍රිකා 4 කුත් එදා ඉදිරිපත් කලා. මෙන්න ඒවයේ විස්තර.


==================================================

1. C.A Munasinghe and M. Sandirigama, "Security Analysis of SAS 3 - v1 Strong Password Authentication Protocol", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 183-185, December 2008.

2. D.M.A.B. Mailewa, S.P.J. Perera, C.A. Munasinghe and T.D.B. Weerasinghe, "Types and Modes Combined Algorithm for Data Encryption and Decryption", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 181-182, December 2008.

3. C.A Munasinghe and S.W. Buthpitiya, "Enhancing the Security of Authentication in Unix/Linux Systems with PAM", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 186-188, December 2008.

4. S.W. Buthpitiya and C.A. Munasinghe, "Real-Time Ray-Tracing with Refraction", in Proceedings of the Peradeniya University Research Sessions (PURSE) 2008, Sri Lanka, Vol. 13, pp 165-168, December 2008.

====================================================


ඔන්න ඉතින් මේ අවුරුද්දේ පර්ස් එකනම් ඉවරයි.

[ 21 - Dec - 2008 ]

2 comments:

Sasith said...

Do you have any soft copies of PURSE 2008 Proceedings ? If so pls let me know

aluthwattha@gmail.com

Thanks

Chanaka Aruna Munasinghe said...

Sorry, I dont have soft copies of 2008.
It was organized by Dental Faculty.
You may contact Dr. M.A.M. Sitheeque.
He was the chairperson

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D