Sunday, August 28, 2011

ටෑන් ටෑන් ටෑන් ටෑන් || Tan Tan Tan Tan




අද උදේ පාන්දර සිංගාරප්පුවට අලුත් ජනාධිපති කෙනෙක් ලැබුණා. ඒ තමයි ආචාර්ය ටෝනි ටෑන් .  ඒ ඊයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව.  

සිංගප්පූරුවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණේ සෑහෙන කාලෙකට පස්සෙලු. මීට පෙර හිටපු ජනාධිපතිවරයා සෙල්ලප්පන් රාමනාදන් 1999 සහ 2005 දෙවාරයකදීම නිතරඟයෙනුයි ජනාධිපති ධුරයට පත් වෙලා තියෙන්නෙ. 

කාලෙකට පස්සෙ මෙවර පවත්වපු ජනාධිපතිවරණයට අපේක්ෂකයො 4 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ හතර දෙනාම ටෑන්ලා. ඒ අය තමයි ..

1. ආචාර්ය ටෝනි ටෑන්
2. වෛද්‍ය ටෑන් චෙන්
3. ටෑන් ජී
4. ටෑන් කින්

හිටපු උප අගමැතිවරයෙක් වන ආචාර්ය ටෝනි ටෑන් මීට මාස 2කට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරද්දි ඔහුට නිතරඟ ජයක් හෝ පහසු ජයක් ලැබෙයි කියා අපේක්ෂා කළත් අනිත් ටෑන්ලාගේ ඉදිරිපත් වීම සමඟ ඒක එහෙම වුණේ නෑ. අන්තිමට තරඟය කොච්චර තියුණු වෙලාද කියනවනම් ඊයෙ රෑ චන්ද දෙවෙනි වරටත් ගණන් කරන්න වෙලා. ආචාර්ය ටෝනි ටෑන් සහ වෛද්‍ය ටෑන් චෙන් දෙදෙනාම 35% ට ආසන්න චන්ද ප්‍රතිශත බැගින් ලබාගෙන.  අනිත් ටෑන්ලා දෙන්නාගේ එකතුවත් 30% කට ආසන්නයි. ආචාර්ය ටෑන් වෛද්‍ය ටෑන්ට වඩා අරගෙන තියෙන්නෙ චන්ද 7,269 ක්. ඒ ලක්ෂ 21ක් පමණ වූ චන්ද සංඛ්‍යාවකින්.

පසුගිය මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයනම් තනි අශ්වයාගේ රේස් එකක් වගෙ තිබ්බෙ. ඒකෙදි පාලක පක්ෂය 90% කට වැඩි පාර්ලිමේන්තු බලයයක් ලබා ගත්තා.  ( 90% කට වඩා ගත්තට ඒක 1965 න් පස්සෙ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුවලු ) මේ තියෙන්නෙ මහ මැතිවරණය ගැන ලියපුවා 


ජනාධිපති තනතුර ස්වාධීන එකක් ලෙස පැවතිය යුතු නිසා දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරණයකදී සක්‍රීයව දායක වෙන්න බෑ. අපේක්ෂකයන් ඉදිරිපත් විය යුත්තේ තනි පුද්ගලයන් විදිහට. දේශපාලන පක්ෂ වල සාමාජිකත්වය දරන අයට ජනාධිපති තනතුරට ඉදිරිපත් වෙන්න බෑ. ආචාර්ය ටෝනි ටෑන් පහුගිය ජුනි මාසයේ මහජන ක්‍රියාකාරී පක්ෂයේ තනතුරු වලින් ඉවත් වෙලා ඊට පස්සෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව නිවේදනය කළේ.

ජනාධිපති තනතුර බොහෝ දුරට උත්සව අවස්ථා සඳහා සංකේතාත්මක එකක් වුණත් ජනාධිපතිවරයාටත් යම් යම් පරිපාලන සහ මුදල් බලතල හිමි වෙලා තියෙනවා.   අග්‍ර විනිශ්චයකාරවරයා, හමුදා ප්‍රධානීන් වැනි ඉහළ තනතුරු පත් කිරීමේදී ජනාධිපතිවරයාට නිෂේධ බලය හිමියි. ඒ වගේම රටේ විදේශ සංචිත භාවිතා කිරීමේ සීමා නියම කිරීම ජනාධිපති වරයාගේ පාලනය යටතේයි සිදු වෙන්නෙ. ( වැඩි විස්තර මෙතනින් බලන්න )

අලුත් ජනාධිපතිවරයාට මකර අධිරාජයාගේ උණුසුම් සුභපැතුම් !!!

[ 28 - Aug - 2011 ]

19 comments:

Test Profile said...

මමත් සුභ පතුවා කියපං මචං...

Chanaka Aruna Munasinghe said...

@ Prasanna

හා හා කියන්නම්. ජනාධිපති තුමා දැකුම් පඬුරු එහෙම අරන් මකර අධිරාජයා බලන්න ඒවි. එතකොට කියන්නම්

කතන්දර Kathandara said...

ඉතිං අපිට මොකෝ?

Chanaka Aruna Munasinghe said...

@ කතන්දර Kathandara

මොකෝ පෙම්බර මධු වගේ ඉච්ඡාභංගත්වයට පත් වුණාද ?

Praසන්ன said...

ටෑන් ල හතරදෙනෙක් කියන්නෙ එකම පවුලෙ සෙට් එකක් වෙන්න ඇති.

Chanaka Aruna Munasinghe said...

@ ඵ්‍රසන්ன

මෙහේ චීන සම්භවයක් තියෙන අයගෙන් 75% කට විතරම නමේ ටෑන් (Tan) කෑල්ලක් තියෙනවලු .

BLOG ගඩොල් said...

ඇයි මකරෝ සයින්ලා කොස්ලා එහෙම හිටියෙ නැතෙයි? :)

Deeps said...

අපෝ ඒ රටේ නම් නැද්ද වෙන?? එන්න කියන්නකෝ මේ පැත්තට අපි නම් දෙන්නම්!

සංකල්ප said...

සයින් කොස් ටැන් !!!!!
මෙකාද දන්නේ නෑ එක හොයා ගත්තේ. හික්ස් :)

Podi Kumarihami said...

කෙහෙල්කොටුවේ මේ දවස්වල තියන ජන්දෙ අහලකින්වත් තියන්ට පුලුවන්ද ඔය ජන්දේ......:D:D:D

The Lion said...

මකරයියේ ඕං සිංහයත් සුභ පැතුවා කියන්න ..........:D

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

සයින්, කොස් වල සීමාව 1 සහ -1 අතරනෙ. ටෑන් එහෙම නෑ. අනන්ත දෙකටම යනෝ
=======
@ deeps

කිටී, පැටී වගේ නම් නේද ?
පූස්ල සනීපෙන්ද ?
=======
@ මධුරංග

වෘත්තයක් ආස්‍රයෙන් ත්‍රිකෝණමිතික අනුපාත ගැන මුලින්ම සඳහන් වෙලා තියෙන්නෙ ඊජිප්තුවේලු. පිරමීඩ වල මමී තැන්පත් කරන නිශ්චිත තැන් 4ක් තිබේ.
======
@ Podi Kumarihami

ආන් පූසා දිනන්න යනෝ
=======
@ The ළිඔන්

කණට කරල කියන්නම්

Bindi said...

චන්දය දාද්දි පැටලුනේ නැද්ද දන්නේ නැහැ . අපිත් සුබ පැතුවා කියන්නකෝ . දිගටම අපිට විසා නැතුව යන්න දෙන්න කියන්න .

හිස් අහස said...

ජය වේවා !!

හිස් අහස said...

අම්මට සිරි මූන දැක්කේ දැන් .. ! බංකි මූනාගේ කපාපු පලුව !!

මකුළු පැංචි (මංචි) said...

අයියෝ...ටෑන්ල නං මොනවද...?? ඒකට වසීලීස්සගෙ රටේ...ඉන්නෙම එලීනා,නතාලිය,මරියා,ඉරීනා,අන්නා,ආන්‍යා,වික්ටෝරියාල විතරයි..හිකිස්.. :D

Observer said...

හා...හා...එතකොට මුස්ලිම් කෂ්ටියට "මොහමඩ්" වගේ චව්වන්ට "ටෑන්".

ඇත්තද මන්ද මං අහල තියෙනව, චීන බබෙක් ඉපදුනාම, ටකරං වහලෙකට බෙලෙක්කක් විසි කොරල, එක රෝල් වෙන සද්දෙ, බබාට නම හැටියට දානව කියල. සිංගප්පුරුවේ පදිංචි ඇත්තො දන්නව නැතෑ.

ඉන්දික උපශාන්ත said...

ඔහේ මැකෝ ට ආතතිය එහෙම් හැදෙන්නෙ නැද්ද?

Chanaka Aruna Munasinghe said...

@ Bindi

කියඤ්ඤං කියඤ්ඤං
==========
@ හිස් අහස

මූන්ගෙ මූණත් මේ වගේද ?? ම් ම් ??
==========
@ මකුළු පැංචි

වසිලිස්සගෙ රටේ වසිලිස්සලා නැද්ද ?
==========
@ Observer

සිංගප්පූරු චීන අයට විතරයි. ඔය බෙලෙක්ක කතාව කියන්න ඕනෙ කෂ්ටියට
=========
@ ඉන්දික උපශාන්ත

දෙවෙනි පාර ගණං කරන්න වෙද්දි ආතතිය හැදෙන්න ඇති.
පළවෙනි පාර ප්‍රතිපලේට වඩා දෙවෙනි පාර ප්‍රතිපලේ වෙනස් වුණානම් ලොකු කේස් එකක්. එහෙම වුණානම් තුන් වෙනි පාරකටත් ගණන් කරන්න වෙනවලු

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D