Saturday, November 19, 2011

හොර පූසෙක් කස තැලුම් කකා ..


හොර පූසෙක්, කස තැලුම් කකා
දංගෙඩියට ගෙන යන ගමනේ
තඩි මීයෙක් දැක, මස් රස සිහි කර
පුරු පුරු පුරු ගෑවාලු //


අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
සත්තුනි ලැබේද ඉන් සැනසීමක්


වහු පැටවෙක් පිඹ..ගෙන ආවෝතින්
දෙන්නට වේ යැයි සැක සිතලා
පිදුරු ගොඩේ හිඳ , තඩි බලු දණ්ඩෙක්
බුක් බුක් බුක් ගෑවාලූ  //


අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
සත්තුනි ලැබේද ඉන් සැනසීමක්


ගල් ඉබ්බෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
අහසින් ගිය ඉබි , පුවතක් සිහි කොට
හිකි හිකි හිකි ගෑවාලු  //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
සත්තුනි ලැබේද ඉන් සැනසීමක්





සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "සොර දෙටුවෙක් කස තැලුම් කකා" ගීතය අසමින් සිටිනා අතර සිතේ මතුවූ විකාර සංකල්පනාවකි.

[ 19 - Nov - 2011 ]

32 comments:

priyantha said...

අපේ පූසා නෙවෙයිනේ.....:DDDD

පූසා said...

නෑ නෑ ප්‍රියායියේ ඔය වෙන පූසෙක්! :D
ප්‍රියායියා මේ දවස් වල මාව දංගෙඩියේ තියෙන්නමයි කල්පනාව නේද? ඉන්න මං කියන්න පොඩ්ඩි අක්කට :D

Chanaka Aruna Munasinghe said...

@ priyantha , පූසා

නෑ නෑ. වෙන පූසෙක්. ඔන්න ලින්ක් එක දැම්මා :)
පවූඌඌඌඌඋ සුදු පූවා. ඉන්නකො මාත් පොඩ්ඩි අක්කට කේලම කියනවා :)

priyantha said...

සික්
මදැයි මං ආවේ පූවා බේරගන්න.....:DDD
අපෝයි දැන් මාව බේරගන්නේ කවුද?
පොඩ්ඩි සැරයිද.....:DDDD

Buddhi said...

මකර ර‍ජෙක් සුර පුරයෙන් විසිවී,
අහවල් දේසෙට ගිය ගමනේ.....
ඉගෙන ගන්න ඇති දේවල් වැඩිවී,
අනේ අපොයි කීවාලූ, දැං මඤ්ඤං කීවාලූ...

(ඉතිරිය උඔට පුරවන්න තිබ්බා.)

Buru Babe said...

මට නම් හිතට ඇල්ලුවේ අර උපාසක පූසාගේ කතාව. මටත් පූසෙක් වෙන්න හිතුනා ඒක බලලා...

සංකල්ප said...

මරු නේ !!
විකාර සිතුවිල්ලක් නෙමෙයි. මම් මේ ගීය ගායනා කරනවා සත්තුන්ට අධිපති මකර අධිරාජයාට ගරු කිරීමක් හැටියට !!

කතන්දර Kathandara said...

@ Maduranga
සත්තුන්ට අධිපති දොස්තර හොඳහිත, මකරා නොවේ!

හිස් අහස said...

අනේ මෙහෙම රජ දහනක් !!

චෞර බිළාල කතාවත් එලය .. අදනේ සැඟවීගත් මෙවුවා දැක්කේ

Hasitha Gunasinghe said...

අනේ මෙහෙම මකර රජෙක් අනේ මෙහෙම මකර රජෙක්
කෙලෙසයි මේ ගී ලිව්වේ

chessraja said...

matath wada makarek wenna yanawanee me makara

The තරුවා said...

පට්ට ටෝක බං....

Test Profile said...

මරු ඈ....

සයුරි said...

මරු නේ :)

Unknown said...

හැක හැක......:)))))))))))))))))))))))))))))))

පැන්ඩා said...

අනේ මන්ද ආචාර්ය මහාචාර්ය වෙලා යනකොට පොඩ්ඩක් අවුට් යනව කියල කියනව තමා..ඒත් අපේ මකර අයියට මෙච්චර ඉක්මණට...
අනේ මන්ද ..හැබැයි ඔලුවට ආපු විකාර අදහස අකුරු කරල තියෙන විදිය අපුරුයි හොදේ...

දිල් said...

අනේ මෙහෙම හොර පූසෙක්
අනේ මෙහෙම මකර යකෙක්..

ලොකු පුතා said...

මකරට මොකක්ද මේ පුසොත් එක්ක තියෙන රාජකාරිය...?

Dinesh said...

මකරට මොකද මේ හදිස්සියේ පූසා මතක් වෙලා..

Podi Kumarihami said...

හොර පූසොයි, බලු දණ්ඩයොයි, ගල් ඉබ්බොයි ගැනම තමා කල්පනාව නේද?

මේ පොඩ්ඩි හරිම හරි සැරලු. හරියට හයිඩ්‍රජන් බැලුම් බෝලයක් වගේ කියලා තමයි කියන්නේ. ඒ හන්දා බලාගන...:D

හරී - පිණිපළස said...

අනේ මෙහෙම පූස් මකරෙක් :D :D

වින්චැට් කිරිල්ලි. said...

අනේ දෙවියනේ මකරා කවදාද සත්තුවත්තෙන් එලියට එන්නේ???

උකුස්සා said...

අපිට නෑ ඔය ප්‍රශ්න. අපි උකුස්සෝනේ...:D

Podi Kumarihami said...

මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

jhothishalanka said...

මකරට මේව කොහොම ඔළුවට එනවද මන්ද?

සරත් ලංකාප්‍රිය said...

මේ ලියවිල්ලට විරුද්ධව සත්තු එක්රැස් වෙලා ඔබට දඬුවම් කරාවි.. ඒ මොකද ඔය කියන ලක්ශනේ අයිති මිනිස්සුන්ටයි..

Chanaka Aruna Munasinghe said...

@ priyantha

ආ පූවා බේරන්නද ආවෙ. එහෙනම් කේලම කියන්නෙ නෑ :)
පොඩ්ඩි සැරම සැරයි :)
===========
@ බුද්ධි

කෝ පුරවන්න දෙයක් ඉතුරු කරල නෑනෙ.
පද හතරම කියා තියෙන්නෙ
===========
@ Il mondo di una povera pazza)

පූසෙක් වෙන්න ඕනෙ නෑ උපාසකම්මෙක් වෙන්න :
මිනිස්සුන්ට පූසන්ට තරම් ලේසිනම් නෑ තමා .
==========
@ මධුරංග

හා හා ගායන කරල බස් රේඩියෝවෙ විකාශය කරමු

Chanaka Aruna Munasinghe said...

@ කතන්දර Kathandara

දෙස්තර හොඳ හිත සත්තුන්ගෙ අයිති කාරයා මිස අධිපතියා නෙවේ
==============
@ හිස් අහස

චෞර බිළාල කතාව ලියන කාලෙ සඳරු බ්ලොග් ලියන්න පටන් අරන් නෑ මම හිතන්නෙ :)
==============
@ Hasitha

ඉබේ ලියවුණා

Chanaka Aruna Munasinghe said...

@ chessraja

:)
============
@ ~~තරූගේ ලෝකය~~ , ගෝල්ඩ් ෆිෂ් ,සයුරි

ස්තූතියි
============
@ නිසුපා

හෆෝ තරුණ ගෑණු ළමයි ඔහොම හැක හැක ගාල හිනා වෙන්න හොඳ නෑ :)

Chanaka Aruna Munasinghe said...

@ පැන්ඩා

හෆොයි ආචාර්ය මහාචාර්ය කමක් අහල පහලකවත් නැතෝ
=============
@ දිල්

මකරු යක්කු නෙවේ. මකරු ඇවිල්ල දෙවිවරු
ලංකාවතාර සූත්‍රයේ ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා කියල කියවෙනවාලු :)

http://seuslsla.blogspot.com/2011/11/lankawatara-sutra-king-rawana.html

Chanaka Aruna Munasinghe said...

@ ලොකු පුතා , Dinesh , හරී - පිණිපළස

පූසො විතරක් නෙවේනෙ, තව සත්තු කී දෙනක් ගැන කියා තියෙනවද ? ඇයි මේ පූසොම පේන්නෙ
===========
@ Podi Kumarihami

පොඩ්ඩි සැරයි කියා නරි මොටයි අත්තම්මයි දෙන්නම කීවා මට :)
===========
@ වින්චැට් කිරිල්ලී.

එළියට එන්න තව කල් තියෙනවා. තව අවුරුදු 50ක් විතර :)
===========
@ උකුස්සා

උකුස්සන්ට ප්‍රශ්න ඇත්තෙම නැද්ද හැබෑට ?

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

හැබෑවට කොහෙන් එනවද දන්නෙ නෑ?
ඔලුවට ආවා ලිවුවා
===========
@ සරත් ලංකාප්‍රිය

සත්තු මට දඬුවම් කරන්නෙ කොහොමද?
මම මකර අධිරාජයනෙ. මට අධිරාජ මුක්තිය තියෙනවා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D