Tuesday, May 5, 2009

ගහින් වැටුණු මිනිසාට ඌරා ඇනීම


ලෝක ආර්ථික අර්බුධය නිසා ගහින් වැටුණු තත්වයට පත් වෙලා ඉන්න මිනිස් සතාට ඔන්න ඌරත් ඇනලා. මෑතකදී මතු වෙච්ච උරු උණ භයානක වසංගත තත්වයකට පත් වීමේ හැකියාවක් තියෙන බවයි කියන්නෙ.




මීට කලින් කුරුල්ලොත් මිනිස්සුන්ට කෙටුවනෙ (කුරුලු උණ ) . හැබැයි මේ කියන ඌරු උණ කුරුලු උණට ව්ඩා සෑහෙන්න භයානකයිලු. මේ රෝගය පළවෙනියටම මෙක්සිකෝවෙන් වාර්තා වුනේ අපි අලුත් අවුරුද්ද සමරපු පහුගිය අප්‍රේල්13 වෙනිදා.එදා ඉඳන් තවම මාසයක්වත් ගිහිල්ල නැහැනෙ. ඒ වුනාට මේ ටික කාලෙට ඌරු උණ හින්දා මිනිස්සු 200කට වැඩි ගණනක් මිය ගිහින් කියලයි කියන්නෙ. බෝ වීමේ සීඝ්‍රතාවයත් කුරුලු උණත් එක්ක සංසන්දනය කරාම ඉතාමත් වැඩිලු. මේ වෙනකොටත් රටවල් ගනනාවක පැතිරිලා.

ඌරු මස් කෑවට මේ ලෙඩේ හැදෙන්නෙ නැහැ කියල WHO එකෙන් කියල තිබ්බා. ඌරො ඇති කරන එකලු අවදානම්. කන එක නෙවෙයිලු. කන්න නෙවෙයිනම් ඌරො ඇති කරන්නෙ හුරතලේටද මන්දා.

[ 05 - MAY - 2009 ]

12 comments:

Anonymous said...

බලාගෙන යනකොට මින්ස්සුන්ට හැදෙනව හැම ජාතියකම සත්තුංගෙ ලෙඩ නේද?

Supun Sudaraka said...

සිරාවට ලියලා තියෙනවා. මාතෘකාවත්... උපරිමයි! :)
ඇත්ත තමයි... ලංකාවට ආවොත් කොහෙන් කෙලවර වෙයිද මංදා...

Chanaka Aruna Munasinghe said...

@ech
සත්තුන්ගෙ ලෙඩ විතරක් නෙවෙයි. ඇයි දෙයියන්ගෙ ලෙඩත් හැදෙනවනෙ.

----------------------------------
@Supun Sudaraka

ස්තුතියි. ලංකාවට එන එකක් නැහැ කියල හිතමු. ආවත් දැන්ම එන එකක් නැහැ කියල හිතමු. මුහුදු හත්ගවුවක් එහානෙ තවම ඒ ලෙඩේ තියෙන්නෙ
----------------------------------

Sam said...

ඌරන්ගේ ලෙඩයී කියලා කීවට, ඔය උණ හැදිච්ච එකම ඌරෙක්වත් තාම හම්බුවෙලා නෑයී කියන්නේ.

said...

මේ ඌරු උණක් නිසා කන්න උරූමස් ටිකක් හොයා ගන්න නැහැ කිසිම කඩේක.

malee_msg said...

ඌරන්ට පීනන්න බැරි නම් ‍මෙහේ එන එකක් නැහැ ...

Chanaka Aruna Munasinghe said...

@Sam

මේක ඌරන්ට හැදෙන ලෙඩේම නෙවෙයි.
ඌරන්ට හැදෙන වයිරස් එකේ ප්‍රෝටීන් විකෘති වෙලා හැදෙන අලුත්ම වයිරස් එකකින් තමයි මිනිහට උණ ගන්නන්නෙ.
-----------------------------
@ම

ඔව් ඔව් ඌරො ලෙඩ නිවාඩු දාල. ඒකයි හේතුව.
------------------------------
@malee_msg

මේ ලෙඩේ ඌරන්ගෙන් මිනිස්සුන්ට නෙවෙයි බෝ වෙන්නෙ.
මේක මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ටයි බෝ වෙන්නෙ. ඒකයි මේකෙ තියෙන භයානක කම. කුරුලු උණට වඩා ඌරු උණේ පැතිර යාමේ සීඝ්‍රතාවය වැඩි මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන හින්දයි.

කුරුලු උණ මිනිහෙක්ගෙන් තව මිනිහෙකුට බෝ වෙන්නෙ නැහැ.
අපේ දූපත් රටට එන සංචාරක කුරුල්ලන්ගෙ උණ චෙක් කරලනෙ රට ඇතුලට ගත්තෙ. ඒකයි අපේ රටට කුරුලු උණ ආවෙ නැත්තෙ. ( ඇත්තටමනම් උණ හැදුනු කුරුල්ලෙකුට ඇත්තටම ගොඩක් දුර පියාඹලා වෙන රටකට සංක්‍රමණය වීමේ හැකියාව අඩුයිලු -ඒකයි හේතුව )
---------------------------------

Anonymous said...

මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ටත් බෝ වෙනවා නම් එයා(ර්)පො(ර්)ට් එකේදිම මිනිස්සුන්ව චෙක් කරලා ඇතුලට ගන්න වෙනවා. ඒ උනාට කොහොමද ඌරන්ට ඔය ලෙඩේ හැදිලා තියෙන්නෙ?

Chanaka Aruna Munasinghe said...

@ChuttaFX

ඌරන්ට හැදිල තියෙන්නෙ කුරුල්ලන්ගෙන්ලු
කුරුල්ලන්ට දෙයියන්ගෙන්ලු ( අහසෙ පියාඹනකොට )
-------------------------------

Gayan Tharaka said...

දෙයියොන්ට හැදුනෙ කොහෙන්ද දන්නෑ නේද මකරෝ

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

දෙවියො ඒක මවා ගත්තලු. පස්සෙ පවු කියල අනිත් අයටත් චුට්ට චුට්ට බෝ කරාලු

Anonymous said...

මේ දිරිය කාන්තාවකගේ කතාවක්
http://narilatha-fantacy.blogspot.com/

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D