Friday, May 15, 2009

විදෙස් පුවත් වාරණය කරනු !!!


මතකද එක කාලයක් පත්තර වල පිටු පුරා "බලධාරියා විසින් කපන ලදී" කිය කියා තිබ්බා. රජයේ සහ ආරක්ෂක හමුදා වල චිත්ත ධෛර්යයට හානිකර පුවත් තමයි ඒ බලධාරියා කැපුවෙ.
මට හිතෙන්නෙ දැන් ආපහු ප්‍රවෘත්ති වලට නිසි බලධාරියෙක් පත් කරන්න වෙයි වගේ. හැබැයි දේශීය ප්‍රවෘත්ති වලට නෙවෙයි විදෙස් ප්‍රවෘත්ති වලට. බලන්නකො මේ වගේ ප්‍රවෘත්ති රජයේ චිත්ත ධෛර්යයට කොච්චර හානිකරද කියලා.

1. IMF loan for Sri Lanka not appropriate now: Clinton

2. Sri Lanka warned on 'war crimes'

අපේ දේශීය මාධ්‍ය වලට මේ වගේ ප්‍රවෘත්ති දෙන්නෙ CNN,BBC වගේ විදෙස් ප්‍රවෘත්ති සේවා වලින්නෙ. ඒ රටවල් වල සුදු වෑන් නැතුව ඇති. ඒකනෙ ඒවට කිසිම මාධ්‍ය සදාචාරයක් නැත්තෙ.

මේ CNN,BBC වගේ ඒවා අපේ ජාතික රූපවාහිනිය දිහා බලලවත් හැදෙන්නෙ නැති හැටි :(





[ 15 - MAY - 2009 ]

8 comments:

Thameera said...

ඇත්ත, සමහර ලංකාවෙ මාධ්යට විදෙස් පුවත් අමුඅමුවේම බෙදනවා. ගුවන් විදුලියෙ යන BBC ලෝක සේවෙ ගැනත් හොඳක් කියන්න බෑ. ඒක නවත්වන්න තාම කටයුතු යොදල නැති එක පුදුමයි.

Chamitha said...

BBCය නම් කොහොමත් කුණු කූඩෙට ගිහින්නෙ තියෙන්නෙ අයියා. CNNඑකටත් ළඟදිම ඒ ටික තමයි. කොහොම වුණත් මේ වගේ පර සුද්දන්ගෙ කතා වලින් අපේ චිත්ත ධෛර්යය හානි කරගන්නෙ නැතුව ඉස්සරහට යන එක තමයි වැදගත්...

Narada said...
This comment has been removed by the author.
Unknown said...

ඇයි පිටරට මධ්‍ය විතරද? මේක ඇතුලේත් ඒ වගේ ආයතන සහ පුද්ගලයෝ ඉන්නවනේ.

Sankha said...

සටන් නොකර නිදහස ලැබුව උඩින් නිදහස ගත් හිතින් නිදහස නොලබපු වහල්ලුන්ට නිදහස කියන්නේ නොගැලපෙන දෙයක්. උන්ගේ ආතල් එක තියෙන්නේ තමන්ව හිරකරගෙන, තලාගෙන‍ ‍පෙලාගෙන් ඉන්නකං. ඉතිං මේ පරිණාමය නොවුණු ‍වහල්ලු ටික කෑගහනවා අපිට නිදහස එපා, එපා කියලා.මොකද උන්ට නිදහස ලැබුණට කරන්න දෙයක් නැහැ.කරන්න දේවල් දන්නෙත් නැ. ඒත් වහල් නිදහස කියන්නේ කොච්චර අමාරුවෙන් සටන්කරලා ගත්ත දෙයක් කියන එක මේ අය දන්නේ නෑ.

Sasika Nanayakkara said...

අයියෝ ඔවනම් මොනාද?ඔවා විතරක් නොව ලංකාවේ පලවන සමහර පුවත්පත්ද මෙ අයුරින්ම ක්‍රියාකරයි.නිකන් රාවය එහෙම අරන් බැළුවොත් එය මනාව පැහැදිලි වෙවි.ඒ එක්කම මේ අය කැ ගහනවනේ මධ්‍ය නිදහස නැහැ කියලා ඉතින් ඔය පත්තරයක් බැළුවට පස්සේ හිතෙනවා තව මොනා කියන්නද මේ මාධ්‍ය නිදහස නැත්තේ කියලා.
ඔය ඔක්කොම කඩේ ගිය එවුන් බව සැබැව.හැබැයි තව පැය කිහිපයකින් මුන් ඔක්කොගෙම කෙරැවාව ඉවර වෙනවා.මොකද යුද්දෙනේ මුන් වවාගෙන කැවේ.දැන් එක ඉවර වුනාම මුනට යන එන මන් නැතිව පාරවල් ගානේ ඔහේ චාටර් කනවා දැකිය හැකිවනු ඇත.

Chanaka Aruna Munasinghe said...

@ All

අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
හැමෝටම වෙන වෙනම උත්තර ලියන්න මට මේ වෙලාවෙ කාල වෙලාව මදි .
--------------------

Narada said...

විදේස් පුවත්?

එතකොට අප්පා ලංකාවේ ඉන්න අයට පුවත් බලන්න බැරි වෙන්න වාරණ කරන්න කියලාද? නැත්තං? ඒ සේවා ලංකාවේ ඉඳන් බලන්න බැරි වෙන්න වැඩ කොරන්න කියලාද?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D