Wednesday, August 17, 2011

ඕං ග්‍රීං කට්ටු කට්ටු - ග්‍රීස් යකා මට්ටු මට්ටු



දෙවිවරු සිටිනවානම් යක්ෂයන්ද සිටිය යුතුමය. ආසනික් දෙවියන්ගෙන් පසුව අලුත්ම ප්‍රවණතාවය ග්‍රීස් යක්කුය. ග්‍රීස් යක්කු මිස ග්‍රීස් යකින්නියන් නැත. මෙය ග්‍රීස් යක්කු ඕපපාතික බවට හොඳම සාක්ෂියකි.

ග්‍රීස් යක්කු එන්නේ යකාගේ කම්මලේ සිටය. ඒ අය යක්ෂ කම්මලේ බර වැඩ කර ජීවිකාව කර ගන්න අහිංසක යක්කුය.  කම්මල් වැඩ මුරය ඉවර කර ග්‍රීස් ගෑවුනු ඇඳුම් පිටින් ගඟට යන යක්කුන්ට මිනිස්සු බය වෙනවාය. 

සමහර අයනම් කියන්නේ ග්‍රීස් යකුන් මිනිස්සු හිතෙන් මවා ගත් දේවල් කියාය. ඒත් යකාගේ කම්මල වනාහි කලබල වූ සිත බව දන්නෝ දනිති. නොදන්නෝ දැන ගනිත්වා !

[ 17 - Aug - 2011 ]

20 comments:

Podi Kumarihami said...

ග්‍රීස් යක්කු කවුරු හරි දැකලා තියනවාද?...:)

හිස් අහස said...

මජං කිට් එක ගහගෙන එන්නේ ග්‍රීස් යක්කුද එතකොට ?

priyantha said...

@ මකරා
පොඩි කතාවක් උනත් කියන්න තියනදේ උපරිමයෙන් කියලා. ඔය කියන අය තමා ග්‍රීස් යක්කු...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

යම්ක් කෙටියෙන් පැවසීම ඉතාම අසීරුයි. නමුත් මෙවැනි මතයක් මම නම් හිතන්නේ පිටු ගනනාවක් ලිවිය යුතුයි. නමුත් ඔබ ඉතාම සංකීර්ණ කථාවක් පේලි කීපයකින් කියා ඇති අපූරුව ඉතා මනරම්. ජය!!

සංකල්ප said...

මම නම් ඔය කියන ග්‍රීස් යක්කු දැකලා නෑ. මම් නාන්න ගඟට යන්නේ නෑනේ.හික්ස් :)

Buddhi said...

නිර්වස්තරයක් ඇඳගෙන මුලු ඇඟේම ග්‍රීස් ගාගෙන ඉන්න හින්දා ග්‍රීස් යකාව කොහොමත් අතට අහුවෙන්නැ ලිස්සලා යනවා.

මීට කාලෙකට ඉස්සර 2006 විතර අපේ අපේ යාලුවෙක් ඉන්න ස්කීම් එකේ බාත්රූම්වලට එබිකම් කරන ග්‍රීස් යකෙක්ව අල්ලගත්තෙ අසල්වැසියො දුරකතන මාර්ගයෙන් සාඛච්ඡා කරලා යකාගෙ බෙල්ලට තොන්ඩුවක් දාලා....

කතන්දර Kathandara said...

මකරාත් කලකට පෙර කම්මලක හිටි බව නං මං දන්නවා!

සංකල්ප said...

කම්මලේ ගුරෙක් වෙලා හිටියා කියලත් මං දන්නවා !!!

Unknown said...

෴ හ්ම්ම් ෴

Observer said...

"ග්‍රීස් යක්කු" අල්ලගෙන වැඩ ගන්න මන්තර ගුරුකම් එහෙමත් එයද දන් නැහැ ලඟදිම?

Anonymous said...

මට හිතෙන්නේ මකරා මේකට සම්බන්ධයි...!!!

Deeps said...

කල බල වූ සිත විතරක් නෙවේ කල බලු වූ මාද්‍ය ආයතනත් මේ යකාගේ උප්පත්ති කතාවට සම්බන්දයි මම හිතන්නේ

පැණි දොඩම් said...

බලපන් ග්‍රීස් යක්ෂණියෙක් නෑනෙ බේතකටවත්.

Anonymous said...

ඔව් ඔව් මකරත් සිංගප්පූරුවේ ග්‍රීස් යකෙක් ..............:D

malee_msg said...

sha..! මරු මරු නියම අදහස!

හරී - පිණිපළස said...

යකාගෙ කම්මලක් දැක්කෙ අද !!!

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ටී වි එකේ පෙන්නුවලු පහුගිය දවස් වල
============
@ හිස් අහස

ඔවු අන්න උන් තමයි. අහිංසක යක්කු. බලගතු යක්කු හොඳ වටින ඇඳුම් ඇඳල ඉන්නෙ
============
@ priyantha

ස්තූතියි
============
@ වෙද ගෙදර මහ වෙදනා

ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

ආරංචියි නාන්න යන්නෙම නෑ කියල. මෙන්න මේකක් හින්දා
=============
@ බුද්ධි

ඔය දන්නෙ හොඳට යක්කු ගැන
==============
@ කතන්දර Kathandara

කකාත් යකාගෙ කම්මලේ සිටි බව දනිමි
=============
@ මධුරංග

දෙකක් කඩතොලු හදා දීපු කම්මලේ ආචාරියා ගැන අහල ඇති නේද ? ඒ මම නෙවෙයි

Chanaka Aruna Munasinghe said...

@ රෙස්ලින්.lk

හ්ම්ම් ගන්නෙ බකමූණෝ
==========
@ Observer

මන්තර ගුරුකම් කරන සෝභිත වගේ අයමද දන්නෙ නෑ යක්කු නිෂ්පාදනය කරන්නෙත්
===========
@ prasanna86k

ෂ් ෂ් , කට කට
============
@ deeps

මාධ්‍ය නැත්තන් ඔය කතාව ඔච්චර පැතිරෙන්නෙ නෑනෙ

Chanaka Aruna Munasinghe said...

@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක]

ඒකනෙ. හිටියනම් අපිටත් බය වෙන්න තිබ්බා
=============
@ The Lion

ල‍යන් පොරවන් ඉන්න සිංහ හම ගලව ගන්න වගේ යන්නෙ
=============
@ malee_msg

මෙන්නෝ ග්‍රීස් යකින්නියෙක්.
=============
@ හරී - පිණිපළස

හැබෑටම ? වාහනේ රෙපයාර් කරල නැද්ද මීට කලින්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D