Friday, October 29, 2010

පූසා ගැන ආසා හිතෙන කතාවක් ?

 

මට පහුගිය දවසක තැපෑලෙන් පූසෙක්ව හම්බ වුණා. බූසියක් වගේ පූසෙක්. ඔය උඩ ඉන්නෙ ඒ පූසා තමයි.මේ පූසාව මට එවුවෙ නවෝදා. අර එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දුන්නෙ එයාට. ආයෙ තව දවසක කොටියෙක්ව පෙන්නුවෙත් එයාටම තමයි.

මගේ බ්ලොග් එකේ පූසල ගැන එක එක කතා ලියලා තියෙනවා දැකලා තමයි ඔය පූසාව එවල තියෙන්නෙ . එයා මට කියනවා ඒ පූසා ගැනත් කතාවක් ලියන්නලු. හෆොයි, මම කොහොමද මේ අඳුරන්නෙවත් නැති පූසලට එක එක කතා හදන්නෙ. ඉතින් මම කිවුවා එයාටම ඒ පූසා ගැන කතාවකුත් හදලා එවන්න, එතකොට මම ඒ කතාව බ්ලොග් එකේ දාන්නම් කියලා. එයත් හා කිවුවා.

මම අද දාන්නම් කියල හිතාගෙන හිටියෙ ඒ පූසගෙ කතාව. ඒ වුණාට ඒ කතාව තවම මඟ එනවා. ඒක නිසා

පූසා ගැන ආසා හිතෙන කතාව
අද පළ නොවේ !!!

අද ඒ වෙනුවට මම මීට කලින් වෙන වෙන පූසල ගැන ලියපු එක එක කතා ටික ඔක්කොම එකම වහලක් යටින් කියවන්න.

පූසලා සම්බන්ධ වෙච්ච ලිපි.
==================
  1.  මල් මල් පූසා
  2.  බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)
  3.  බිහිසුණු පූසෙක් ( මීයන්ට ) 
  4.  ඔබාමාගේ පූස් පොරොන්දුව
  5.  මගේ නිදහස් දින සිහිනය 
  6.  පවුල් ප්‍රශ්නයක්... 
  7.  කොපි කැට් 
  8.  උත්තමාචාරය !!! 
  9.  සෑම ගෙදරකම සිටිය යුතු සත්තු දෙන්නෙක් 
  10.  තුන්පත් රෑන් 
  11.  පනින්න පෙර සිතා බලනු !!!
  12.  කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි
  13.  ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? 
  14.  මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!
  15.  චෞර බිළාල
  16.  බබ්බුන්ගේ කතා 
  17.  භොරෙන් ෆොටෝ ගන්න ගිහින් ....
පූසලා ගැන විතරක් නෙවෙයි බවුවෝ , හාවෝ, නයෝ, කුරුල්ලෝ, මී හරකෝ, නරියෝ ඇතුළු විවිධ සත්තු ගැන ලියපු පරණ ලිපි ගොඩක් තියෙනවා. සත්තුන්ට කැමති කට්ටිය ඔය දකුණු පැත්තෙ තීරුවෙ මැද හරියෙ තියෙන ලිපි ගොනුව පොඩ්ඩක් අවුස්සලා බලන්නකො.

[ 29 - Oct - 2010 ]

35 comments:

Unknown said...

මේක සත්තු වත්තක් නෙ

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්

මේක ඇවිල්ලා මකර රජදහන නේ. මම මකර අධිරාජයා තමයි සියළු සතුන්ගේම දුක සැප හොයල බලන්නෙ.

හරී - පිණිපළස said...

මකර කියලා තමන්ම කියාගත්තාට, මේක බලන කාටත් තේරෙනවා මෙයත් පූසෙක්ම බව,,,,,,,,

Chanaka Aruna Munasinghe said...

@ හරී

ග් ර් ර් ර්. මම මකරා. පූසො ගැන විතරක් නෙවෙයි ලියල තියෙන්නෙ. වෙන සත්තු ගැනත් ලියල තියෙන්නෙ. ඔය දකුණු පැත්තෙ තියෙන ලිපි ගොනුව පොඩ්ඩක් අවුස්සල බලන්නකො

Unknown said...

හම්මෙ මූ ගොරවපු පාර දුම.. !!

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්

දකුණු පැත්තෙ තීරුවෙ මම ගිනි පිඹින පින්තූරෙකුත් තියෙනෝ

෴ හසියා ෴ said...

මෙතන අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් තියෙනවා....පුසෝ කොමද නැතිනම් මකරෝ එක්ක ෆිට් වෙන්නේ...
ඇත්ත කියපන් මකරෝ....නැත්නම් ගහනවා අර ලොකු ගිණි නිවන ටැංකියක් කටේ......ගිණි පිඹින්න බැරිම වෙන්න.....

Praසන්ன said...

මේක මකර පූසෙක්නෙ.

``` Outsider``` said...

මේ සත්තු වත්ත කියවන්න දවසක් නිවාඩු දාලම පටන් ගන්න වෙනව.
හැබැයි මකරු ගැන කතා නෑ වගේ..

priyantha said...

මකර රජදහන සත්ත්ව රජදහන වෙයිද?

sahan ළියනගෙරත්ගමයා said...

පූස් ආදර කතා එහෙම නැද්ද

Buddhi said...

මේවා මට මග ඈරිලානේ. ඔක්කොම කියෙව්වෙ අදැ! පුසන්ට ආසා මකරෙක් ගැන ජාතක පොතේවත්, කතන්දර සීයගෙ කතා වලවත්, සුරංගනා කතා වලවත් මං අහලා නෑ. හැබැයි මට මතක හැටියට.

පැන්ඩා said...

meow meow ... ඇරෙන්න වෙන මුකුත් ඔලුවට එන්නෙ නැනෙ කියන්න...

Hasitha Gunasinghe said...

බළල්වංශය :)

BLOG ගඩොල් said...

පූසන් ගැන ලිවීම ගැන මකරාට මල් මිටක්! :)

Chanaka Aruna Munasinghe said...

@ ෴ හසියා ෴

නෑ නෑ. කිසිම කුමන්ත්‍රණයක් නෑ. මකර අධිරාජයා පූසන්ගෙ විතරක් නෙවෙයි, බවුවෝ, හාවෝ ඇතුලු සියළු සතුන් ගැනම හොයා බලනවා. ලිපිගොනුව අවුස්සලා බැලුවොත් තේරෙයි
==============
@ Praසන්ன

නෑ නෑ , ඔය ෆෝටෝ එකෙ ඉන්නෙ සාමාන්‍ය පූසෙක්. මකර පූසෙක් නෙවෙයි. අනික මකර පූසො කියල ජාතියක් නෑ
==============
@ ``` Outsider```

හා හා, දවසක නිවාඩු දාලා අග ඉඳන් මුලටම බලන්නකො. මකරු ගැන කතානම් වැඩිය නෑ ඉතින්. මකරු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. හැමෝම දන්නවනෙ මකරු ගැන
==============
@ priyantha.ඒබී

මකර රජදහන සියළු සතුන් වෙනුවෙන්ම තමයි

Chanaka Aruna Munasinghe said...

@ ර ත් ග ම යා

අහා , ඔය තියෙන්නෙ අදහස්. නිවාඩු තියෙන වෙලාවක එහෙම එකකුත් ලියන්න ඕනෙ
==============
@ බුද්ධි

ඊජිප්තුවෙ පාරාවෝ වරු ගැන කතා කියවන්නකො. එතකොට හම්බ වෙයි පූසෙක්ගෙයි මකරෙක්ගෙයි කතාව
=============
@ පැන්da

පැන්ඩො මියව් මියව් ගාන්නෙ මොන ලෝකෙද? පැන්ඩො කෑ ගහන්නෙ කීචි බීචි ගාලා

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

මහා සිංහලයේ බළල් වංශ කතාව මෙතනින් කියවන්න.
http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html
================
@ blog gadol

මකර අධිරාජයාට මල් දෙන්නෙ නෑ. දෙන්න ඕනෙ චොකොලට්. ඇයි බලල නැද්ද ටීවි එකේ ගිය මකර රජදහන (Spell Binders Part -2)

ප්‍රාර්ථනා said...

හරිම ෂෝක්.. මමත් සත්තුන්ට හරි කැමති.. පූසොන්ට ලොකු වෙශේෂයක් නැතුව කැමති.. බල්ලන්ටනම් හරිමකැමති..

Anonymous said...

කෝ අර දානවා කියපු පුස් කතාව ???? තාම දාල නැත්තේ ඇයි ???

Chanaka Aruna Munasinghe said...

@ ප්‍රාර්ථනා

බවුවලත් ඉන්නවා. මේ ඉන්නෙ

1. තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ බලුටයි ...

2. උත්තමාචාරය !!!

3. නරයා සහ මිදි

4. පොඩි ලොකු භේදය

5. බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)

=============
@ madurangacreations

ඒක අද නෙවෙයි හෙට. ඒක තවම මඟ එනවා. කතුවරිය කවදා හරි එයාට හිතිච්ච දවසක ලිවුවොත් තමයි දාන්න වෙන්නෙ

ඉන්දික උපශාන්ත said...

මකර විතරක් නෙමෙයි හැම පිරිමි සතාම පූසටයි ගෑනු සතාම මීයටයි ආස වෙන එක අමුතු දෙයක් නෙමෙයිනෙ මකරො. ඔන්න මකර මීයො ගැන වැඩිය කැමැත්තක පෙන්නුවනං තමයි ඉතින් ටිකක් හිතන්න වෙන්නෙ....( උපකල්පනය - මකරා පිරිමි සතෙකි )

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

මීයන්ටත් වඩා මම කැමති හැම්ස්ටර්ලට. එයාල හරිම ශෝයි

Anonymous said...

මෙයා මකරෙක් කියල හිතන් හිටියට මෙය නියම බළල් තඩියෙක්... ලියන්නේ මකරු ගෑන නෙවෙයි .. බළලු ගෑන

ඉන්දික උපශාන්ත said...

Chinees ( Asian ) Hamsters? so you are!!!!!
But,I like persian Cats, they got ugly face and cute body.

සංකල්ප said...

අයියා ඔයා පුසොයි බල්ලොයි ගැන විතරනේ ලියන්නේ. හාවෝ ගැන එහෙම ලියන්නේ නැද්ද ??? මකර අධිරාජයා උනේ බල්ලන්ටයි පුසන්ටයි විතරද ???

Bunny said...

boශ් හාවන්ට මක්කැයි තියෙන වරප්‍රසාද ?

Ranga said...

හලෝ චානක, මැලෙශියන් ‍ටුවර් එක ගිහින් ඊට පස්සෙ තිබ්බ ඉන්ටර් යූ එකට පස්සෙ උඹව දැක්කෙ අදනෙ..දැන් මොකද කරන්නෙ..මම කලම්බො ටීම් එකේ රංග

Jeew said...

මකරා වැඩියෙන් කැමති කළු පූසන්ට ද..? සුදු පූසන්ට ද..?

Anonymous said...

අනේ මන්දා ...මෙයා හිතන් හිටියට මෙයා මකරෙක් කියලා මෙය නියම බළල් තඩියෙක්නේ

පිණිබිඳු... said...

මකරුයි පූසොයි යාලුද ඈ...

Hasitha Gunasinghe said...

ලොකු සර් මොකද නිහඬ ???

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

අනිත් සත්තු ගැනත් ලියනෝ
===========
@ ඉන්දික උපශාන්ත

Russian Hamsters
============
@ මධුරංග , Bunny !

මෙන්න හාවො ගැන ලියපුවා

1. හා හා හරි හාවෝ ! කැලේ මැදින් ආවෝ !

2. හාවෝ නයෝ සහ කුරුල්ලෝ

3. එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ

Chanaka Aruna Munasinghe said...

@ Ranga

හෆ්ෆා දැකපු කල්. දැන් මොනවද කරන්නෙ. 2003 GACC වලින් අවුරුදු 7කට පස්සෙ ගිය අවුරුද්දෙ මම ආපහු GACC සෙල්ලම් කළා. මෙන්න ෆොටෝ.

1. https://www.facebook.com/media/set/?set=a.10150115352907932.320796.685407931&l=c829e1288a

2. https://www.facebook.com/media/set/?set=a.10150115387607932.320827.685407931&l=018eca0256


===========
@ Jeew

පාට පාට පූවන්ට. මෙන්න මගේ පූවො එකතු

1. https://www.facebook.com/media/set/?set=a.10150242736067932.374695.685407931&l=e4b350cad0


2. https://www.facebook.com/media/set/?set=a.144869122931.140167.685407931&l=03a5019a84


=====
@ Anonymous

මම මකරෙක්. ග් ර් ර් ර්

Chanaka Aruna Munasinghe said...

@ පිණිබිඳු...

පූවො බවුවො හාවො විතරක් නෙවෙයි හැම සතා එක්කම මකරා යාලුයි
================
@ Hasitha

මාසයක් විභාග වලට, ඊලඟ මාසෙ චෙස් වලට. දැන් ආපහ් සද්දෙ දානවනෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D