Friday, November 11, 2011

ආචාර වෙඩිමුර 25

.

අද 2011 නොවැම්බර් 11. අද පෙරවරු 11.11 ට 11:11:11:11:11:11 වෙනවා. 

හැම අවුරුද්දෙම 11.11.11 (නොවැම්බර් 11 පෙරවරු 11.11 ට ) ට ගාලු මුවදොර පිටිය කිට්ටුව නැවක ඉඳන්  නාවික හමුදාව කාලතුවක්කු ආචර වෙඩිමුර 25ක් තියනවා.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයකදි තියන්නෙ කාලතුවක්කු වෙඩිමුර 21 යි ( 21 - Gun Salute ).  ඒත් 11.11.11 ට 25ක් තියනවා. ඒ කා වෙනුවෙන්ද දන්නවද ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුලු
සමස්ථ රට ජාතියම වෙනුවෙන් !!!

[ 11 - Nov - 2011 ]

35 comments:

සිහින said...

එල.. අදමයි දැනගත්තෙ.. තැන්කූ වේවා !!

සිතුවිලි නිහඬයි said...

අද තමා අයියා දැන ගත්තේ.....

The Lion said...

මමත් අද තමා දැන ගත්තේ.තැන්කූ මකරෝ අපිව දැනුවත් කලාට ........:D

නදී said...

ඇයි ඉතින් එහෙම කරන්නෙ එදාට මොකද්ද විශේශත්වට 1කේ ඉලක්කමද?

Chanaka Aruna Munasinghe said...

@ නදී

මැයි 22 ජාතික වීර දිනේ කියල දාගෙන ඉන්නවා.
මොකක්ද විශේෂත්වෙ 2 ද ?

මෙන්න මැයි 22 ලියපු පෝස්ටුව

http://status-chanaka.blogspot.com/2011/05/blog-post_22.html
.
.

priyantha said...

අදමයි දන්නේ. ස්තූතියි මකරෝ.....:DDD

නදී said...

හරි ඒ වෙඩි පත්තුකරනනෙ වීරදිනේ සමරන්නනේ.ඉතින් අද මොකද්ද සමරන්නෙ ?

Chanaka Aruna Munasinghe said...

@ නදී

මොකුත් සමරන්නෙ නෑ. ජාතියට උපහාර දක්වනවා
අද මියගිය රණවිරුවන්වත් සිහිකරන දවසක්

Test Profile said...

සද්දේ ඇහුනේ නෑනේ බං....

Chanaka Aruna Munasinghe said...

@ ගෝල්ඩ් ෆිෂ්

ඒ වෙඩිමුර ගොඩබිම ඉඳන් නෙවෙයි තියන්නෙ

Dedunu Dhananjaya said...

එල එල දැනගත්තේ දැන් ස්තුතියි යාලුවා

Podi Kumarihami said...

මාත් හොඳට අහගන හිටියා. ඒත් ඇහුනේ නෑ. ගොඩාක් ස්තූතියි මකර පැටියට අපිව දැනුවත් කලාට...:D

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ක්‍රැකටෝවා ගින්කඳු පිපිරීම වගේ සද්දෙට තියෙයි කියල හිතුවද ඕස්ට්‍රේලියාවටත් ඇහෙන්න තරමට .

Podi Kumarihami said...

එහෙම හිතුවේ නෑ. ඒත් අර දූෂමාන ආරංචි පතුරවන වේගෙට හැම තැනම පැතිරෙයි කියලා හිතුවා....මම කීවේ සද්දේ....:D

Unknown said...

අප්පේ... දැනගෙන හිටියෙ නෑනෙ ඔහොම එකක් තැන්කූ ඈහ්....

Dinesh said...

අදනේ මකරෝ මමත් මේ ගැන දන්නේ.. ස්තුතියි මේ ගැන කිවුවට..

Buratino said...

මකරො බොරු නොකියා හිටු.. ඔන්න නිදහස් දිනේ දවසට නං නේවි එකෙන් ආචාර වෙඩිමුර 25ක් තියනවා.. :)

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

නිදහස් දිනේටත් තියනවා. අදත් තියනවා. හිටපු ගමන් වෙන වැදගත් වෙලාවල් වල (යුද්ධෙ ඉවර වෙච්ච වෙලේ වගේ) මට කියන්න ඕනෙ වුනේ 25ක් තියන්නෙ සමස්ථ ජාතිය වෙනුවෙන්ම කියන එක. අනික 25 වෙඩිමුරය තියන්නෙ ආමි එකෙන් නෙවේ නේවි එකෙන් නැවක ඉඳන් මුහුදෙදි. ගොඩබිමදි ආමි කාලතුවක්කු වලින් 25 තියන්නෙ නෑ මම දන්න තරමින්

Bindi said...

අපි දැන හිටියේ නැහැනේ .කොයි කාලෙද ඕක පටන් ගත්තේ .

හිස් අහස said...

දැනගෙන හිටියේ නෑ නේ එහෙම දෙයක් ..

තෑන්ක්ස් මකරා ..

පැතුම් හර්ෂණ said...

දියවන්නාව පැත්තෙ ඉන්න 25 දෙනෙක් තෝරලා ඒගොල්ලන්ගෙ දිහාවට ඔය වෙඩි උණ්ඩ 25 තිබ්බනම් කට ඇරලා කියන්න පුළුවන් රට ජාතිය වෙනුවෙන්මයි! කියලා...

සයුරි said...

මමත් අදමයි දැනගත්තේ මෙහෙම දෙයක් ගැන...ස්තුතියි මකරා...

malmi said...

තැන්කූ වේවා දැනුවත් කලාට. අදමයි මමත් මේ ගැන දන්නේ. කොහේදෑ ඉතිං වෙලාවකට ඉන්නේ මොලේ උඩ නොවෑ. වෙඩි වදිනකම්ම දන්නෙ නැහැ තව ඩිංගිත්තෙන්.

Buratino said...

ඒක එහෙනං ඇත්තටම නොදැන සිටි දෙයක්.. තැන්කූ වේවා.!!

@පැතුම් හර්ෂණ,

ඒක ලොකු ප්‍රශ්නයක් නෙ ඒවුනාට.. ඔය දියවන්නාව පැත්තෙ ඉන්න 225 දෙනාගෙන් වෙඩිතියන්න 25ක් තෝරගන්නවා කියන්නෙ ලේසි වැඩක්ද..?? කාවද හලන්නෙ..?? :D

සංකල්ප said...

අඩේ ඒ වෙලාවේ මම් හිටියේ නුගේගොඩ. ඒත් සද්දේ ඇහුනේ නෑනේ.

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

ගොඩබිමට සද්දෙ ඇහෙන්නෙ නෑ මලේ. මේ වැඩේ කරන්නෙ නැවක ඉඳන් මුහුදෙදි

ඉන්දික උපශාන්ත said...

මේ වෙඩි තියන්නෙ පළ්වෙනි ලෝක යුද්ධෙ ඉඳන් මේ වෙනකල් මල සොල්දාදුවො සිහිපත් කරන්න "පොපි දිනය" සමරන්නයි.

ලොකු පුතා said...

ඔන්න මකරෝ මමත් මෙහාට ගොඩ උනා මුල්ම වතාවට.

ඇත්තටම මමනම් මෙහෙම දෙයක් දැනගෙන උන්නේ නැහැ නොවැ
ඉස්සර කාලේ මකරෝ දැනගෙන උන්නේ ගිනි පිඹින්න විතරයි, ඒත් දැන් කාලේ මකරෝ දන්නා දේවල් :)

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

ස්තූතියි. වෙඩි තියනවා කියා මිසක්ක හේතුව මොකක්ද කියානම් හරියටම දැනන් උන්නෙ නෑ. 25ක් තියන්නෙ සමස්ථ ජාතියම වෙනුවෙන් කියන එක විතරයි දැනන් හිටියෙ.
============
@ ලොකු පුතා

එහෙම තමා දැන් කාලෙ හැදෙන මකරු

Dude said...

ඔන්න මාත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මකරා මාර ආටිස්ට් කෙනෙක් බව අද උදේ සයිබර් යායෙන් තමයි දැන ගත්තෙ. කිට මරලා හෙම ඉන්න අපූරුව!!

henryblogwalker the Dude

Chanaka Aruna Munasinghe said...

@ Dude

හී හී කාටවත් ඇහෙන්න කියන්න එපා.
ඔන්න මම ඇඳපු චිත්‍රෙ ඕකෙ ඇති

http://cyberyaya.blogspot.com/2011/08/blog-post_25.html

===

හැබැයි කෑලි එකතු කරල චිත්‍ර වගේ එවුවා හදන්න බැරිමත් නෑ මේකෙ වගේ

http://status-chanaka.blogspot.com/2011/08/blog-post_30.html

පැන්ඩා said...

මකර ගිනි පිඹ පිඹ උදේ ලොකෙ වටේ පියාඹා ගෙන යනකොට ලු ඕක දැක්කෙ..ඇත්තමයි අදමයි දැනගත්තෙ..හොඳ වෙලාවට අද අප්‍රේල් 1 වෙනිදා නොවුනෙ

Chanaka Aruna Munasinghe said...

@ පැන්ඩා

අප්‍රේල් 1 වෙනිදාත් මම ඇත්ත කතාවක් දැම්මා

http://status-chanaka.blogspot.com/2011/04/blog-post.html

Hasitha Gunasinghe said...

හුඟා... පරක්කු වෙලා වුනත් කතාව දැනගත්තු එක වටිනවා

Anonymous said...

If you wish for to grow your knowledge only keep visiting this web site and be updated with the most recent gossip posted here.



Check out my webpage http://safedietplans.com

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D