Saturday, May 14, 2011

නොගැලපෙන සත්තු ඉවත් කරනු !!



ලෝක කුසලානෙ අන්තිම තරඟෙන් පැරදුනත් ලංකාව ඉන්දියාවට ක්‍රිකට් වලින් දෙවෙනි වෙන්න කැමති නෑ. ( එහෙම නැතුවත් බෑනෙ ආශ්චර්යය සඳහා යන ගමනෙදි ). ඒක හින්දා ඔන්න ඉන්දියාවෙ IPL එකට තරඟයක් විදිහට SLPL කියල එකක් පටන් ගන්න යනවා. 

පළාත් 6කින් කණ්ඩායම් හයක්ලු. ඒ ඒ පළාත් වල කණ්ඩායම් වලට සත්තුන්ගෙ නම් තමයි දාල තියෙන්නෙ. 
  • රුහුණ රයිනෝස් (Ruhuna Rhinos)
  • බස්නාහිර බෙයාර්ස් (Basnahira Bears)
  • කඳුරට කයිට්ස් (Kandurata Kites)
  • ඌව යුනිකෝන්ස් (Uva Unicorns)
  • වයඹ වුල්ව්ස් (Wayamba wolves)
  • උතුර ඔරික්සස් (Uthura Oryxes) 
  • නැගෙනහිර නාගස් (Nagenahira Nagas)

ඔන්න ඔතන පොඩි නොගැලපීමක් තියෙනවා. පළාත් වල නම් සිංහලෙන් කියල සතාගෙ නම ඉංග්‍රීසියෙන් කිවුවම ඒක මොකක්දො මොකක්දො වගේ. ඒක හින්දා ඒ ඒ පළාත් වලට ගැලපෙන විදිහට සත්තුන්ගෙ සිංහල නම් ටිකකුත් දැම්මනම්  මරේ මරු. වැඩේට ගැලපෙන නම් මේ තියෙන්නෙ.
  • කඳුරට කබරගොයිස්
  • නැගෙනහිර නරියෝස්
  • උතුර උලමෝස්
  • රුහුන රිලව්ස්
  • ඌව ඌරෝස්
  • වයඹ වවුලෝස්
  • බස්නාහිර බලු කුක්ස්.
තනි සිංහලෙන් නම් තිබ්බම සුද්දන්ට තේරෙන්නෙ නැහැනෙ . පවුනෙ. ඒක හින්දා එයාලට යාන්තමට තේරෙන්න අන්තිමට එස් අකුරක් විතරක් දාමු. SLPL වල දේශීයත්වය රැක ගනිමු !

මාධ්‍ය දායකත්වය - ලසිත් බෙනරගම



ප:ලි
==
බැන්කි මූන් එක්ක තරහක් තියෙනවනම් බස්නාහිර බකමූන්ස් කියල වුණත් දාන්න පුළුවන්


[ 14 - May - 2011 ]

31 comments:

පූසා said...

බස් එකේ තිබ්බ කතාව නේ :D ඔහොම කළානම් අපිටත් මතක තියාගන්න ලේසියි :D

Chanaka Aruna Munasinghe said...

බස් එකේ අයිතිකාරයාගෙන් අවසර අරන් පොඩ්ඩක් අතින් පයිනුත් දාල ලිවුවෙ.

මේ තියෙන්නෙ අදාල බස් එක
https://profiles.google.com/kirikatiya007/posts/46Uc6NKRa43

සසීන්ද්‍ර වීරසිංහ said...

එල තමයි මෙහෙම,

priyantha said...

එහෙනම් බස්නාහිර බකමූන්ස් කියලම දාමු...:D

jhothishalanka said...

මකරටත් මාර දේවල් තමයි හිතෙන්නේ.නියම නම් ටික.

Podi Kumarihami said...

'කයිට්ස්' කියන්නේ මොන වගේ සතෙක්ද?

සිංහල නම් දාලා තියන ලිස්ට් එක ලස්සනයි වගේ පේන්නේ. එක ටීම් එකකට 'මධ්‍යම පලාතෙන් මකරෝස්' කියලා දැම්මත් නරක නෑනේ.

නලිනි චන්දිමා said...

:D අන්න එහෙම දේශීයත්වය රැක ගන්න පෙරට එමු.

හිස් අහස said...

මම ඉන්න පලාතට ලැබුනු නායකත්වය ගැන මම කලකිරිලා ..මම එස් පී එල් වර්ජනය කරනවා

Anonymous said...

යකෝ අර දාලා තියෙන සත්තු අස්සේ දැනට ලංකාවේ ඉන්න එකෙක් කියපං. (සූ එකේ ඔට්ටු නෑ)

අනික බං...
* කඳුරට කූඩැල්ලාස්
* නැගෙනහිර කබරාස් (සඳරුවට උපහාර පිණිස)
* උතුර මයිනාස්
* රුහුන මකරාස් (මේක උඹේ පැත්තට දාගනින්)
* ඌව ඇට මැස්
* වයඹ ගෝලඩ් ෆිෂ්
* බස්නාහිර සුදු පූස්

වගේ නම් ටිකක් දැම්ම නම් කොයිතරම් තාත්විකද නේද බං...?

kombuwa said...

ෆට්ට බොලේ! :D

priyantha said...

@ පොඩ්ඩි
කයිට්ස් කියන්නේ
http://en.wikipedia.org/wiki/Kite_(bird)

ඉන්දික උපශාන්ත said...

අපේකම රෙද්ද පල්ලෙන් බේරෙන් අපේ ලොක්කොන්ට මේක ආරංචි උනොත් නොදම ඉන්න එකක් නෑ!

Hasitha Gunasinghe said...

අම්මපා මේකට ලංකාවේ ඉන්න ආවේණික සතෙක් හරි ඇත්තට ඉන්න සත්තු හරි දමාපිය. යුනිකෝන් කියලා සතෙක් දැන් නැහැ නොවැ........

එහෙම බලද්දී මේක ප්ලැන් කරපු අය ශ්‍රී ලංකන් බෆලෝස් තමා

Anonymous said...

මහාරජාගේයි එයගේ පුතාගේයි හීනමානය ඈර වෙන මොකද්ද? ඔවට වියදම් කරන්නෙ කවුද?

Buratino said...

නම් ටිකනං එල කොල්ලො.. මණ්ඩලේට දාලා බලහං, අනුමත වෙන්ටත් බැරි නෑ.. :)

@පොකු,
කයිට්ස් කියන්නෙ උකුස්සන්ටනෙ හලෝ..

Podi Kumarihami said...

@ බූරා,

මට ඉඳලා හිටලා මකරත් එක්ක වලියක් ඇදගන්ට හිතෙනවා හලෝ...

අලුත් කොල්ලා | The New Guy said...

පට්ටයි ආ.............

සංජු said...

හලේ කොටියම කාපිය මේ වගේ නිර්මාණශීලී මකරෙක් ව කවුද ගනන් නොගෙන ඉන්න???? ජනාධිපති උපදේශකයෙක් කරන්න වටින කොල්ලෙක් මේ නිකන් බ්ලොග් ලිය ලිය ඉන්නෙ

Anonymous said...

machan mehema seen akak thiynawa meka Lankawe unata meka karanne pitarata set akak, ethin machan oya wage nam damma thama katha bahata lak wenne (marketing)... akay oya nam dala thiynne..

menna mekath poddak balapan.. (meka dala thiynne elakiri ake akek)

http://www.elakiri.com/forum/showthread.php?t=1125508

Chanaka Aruna Munasinghe said...

@ සසීන්ද්‍ර වීරසිංහ

එළ හින්දා තමයි ළමයෝ මෙහෙම දාමු කියන්නෙ
============
@ priyantha

ප්‍රියන්තටනම් පොඩ්ඩක් දුකයි වගේ නැගෙනහිර නයෝලගෙ නම අයින් කරපු එක ගැන
===========
@ JHOTHISHALANKA

නම් ටිකනම් මුලින්ම හිතුනෙ මට නෙවෙයි. ඒත් අර ඉංග්‍රීසි සිංහල කවලම් නම් දැක්කම මොකක්දො මොකදො වගේනම් හිතුන මට. ඒ අතරෙ තමයි බස් එකේ මේ නම් ටික දැක්කෙ

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

කයිට්ස් කියන්නෙ සරුංගල් වලටනෙ. අපෝ ඕකවත් දන්නෙ නැද්ද. එක එක ජාතියෙ සත්තු සරුංගල් තියෙනෝ. සරුංගල් වලට කියන නම් අහල නැද්ද නයා සරුංගලේ, වවුලා සරුංගලේ, කූරියා සරුංගලේ etc.. etc
=================
@ නලිනි චන්දිමා

හා ඔයා පෙරට යන අයගෙ ඉස්සරහටම යන්නකො.
=================
@ හිස් අහස

ඔය අලියෙක් වගෙ කෙනෙක් නායකයා වෙලා ඉන්නෙ. මොකෝ කළකිරෙන්නෙ ඒ ගැන

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

වලස්සුයි , නයෝයි ලංකාවෙ ඉන්නවා ( සූ එකේ ඇරෙන්න ).
මකරාස් මධ්‍යම, රුහුණෙ නෙවෙයි
===============
@ kombuwa

Tnx බොලේ
==============
@ ඉන්දික උපශාන්ත

ඒ කට්ටියට ආරංචි වෙන්න කියල හිතාගෙන තමයි බ්ලොග් එකේ දැම්මෙ. බලමු ආරංචි වෙයිද කියල

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ආවේණික සත්තු දාන්න වුණත් ගැලපෙන නම් තියෙනවා. උදා : කඳුරට කරුණාරත්නගේ අංකටුස්
================
@ Anonymous

මේකට වියදම් කරන්නෙ ලෝක බැංකුවෙන් නොවැ
===============
@ Buratheno

මණ්ඩලේට දාන්න විදිහක් නැති හින්දයි බ්ලොගේ දැම්මෙ

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

මාත් එක්ක වලියට එන්න ඔයාගෙ බර පන්තිය ගැලපෙන්නෙ නෑ හලෝ
=============
@ අළුත් කොල්ලා

ඒක තමා
=============
@ සංජු

හෆොයි ජනාධිපති උපදේශකයෙක් වෙනවට වඩා කොටියා කන එක දාහෙන් සම්පතයි

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

එලකිරි ලිපියෙ මෙන්න මෙහෙම තියෙනවා
"ඔය ලාන්චන වලට ලැබෙන ප්‍රතිචාර අයිති කරුවන් පසු පස සිට බලාගෙන සිටී".

පවුනෙ අයිති කාරයො. බලාගෙන ඉන්නවනෙ ප්‍රතිචාර හම්බ වෙනකම් .ඒක හින්ද අපි මේ වගේ ප්‍රතිචාර දෙමු

ජයශ්‍රී said...

කදුරට - කලවැද්දාස් ?? කාළයක් ලංකාවේ ජනප්‍රියම සතා වෙලා හිටියෙ මතකද?

Chanaka Aruna Munasinghe said...

@ ජයශ්‍රී

අපොයි කලවැද්ස්ව දාගෙන බෑ. එතකොට SLPL දේශපාලනීකරණය වෙනවනෙ. අනික කලවැස්ද් මහ කෙළෙහි ගුණ නැති සතා. ඒක හින්දයි කළගුණදත් සංවේදී කබරගොයාස්ව කඳුරටට පත් කළේ

Anonymous said...

චානකට මොළේ පෑදිලා, කලවැද්දොත් එක්ක බෑ කියල,

budhajeewa said...

නම් ගැන සීන් එක නං චාටර් තමයි. ඒ උනාට මේ නම් සංවිධායකයින් විසින්ම නිර්මාණය කරලා දීපුවා. මම හිතන්නේ මේ නම් වල අයිතිය ඒ ඒ කණ්ඩායම් වලටම ලැබුනට පස්සේ, ඒ කණ්ඩායම්වල පරිපාලකයොන්ට පුළුවන් ‍වේවි තමන්ගෙ ප්‍රේක්‍ෂකයොන්ගෙ අදහසුත් අරගෙන නම් වෙනස් කරගන්න.

අනිත් එක සල්ලි සම්බන්ධ ප්‍රශ්නේ, මෙකට වියදම් කරන්නේ සිංගප්පූරුවෙ තියන Somerset Entertainment Ventures කියන ඉන්දියන් කොම්පැණිය. ඒ අය අවුරුදු පහක් සඳහා ගෙවීමක් කරලා ලංකාවෙ අන්තර්පළාත් T20 තරගාවලියෙ වාණිජ අයිතිය ලබාගැනීම තමයි කරල තියෙන්නේ. ඉතිං මේකෙං ලංකාවට කිසිම වියදමක් (වගේම රෑපවාහිණී අයිතිය ආදිය විකි‍ණීමෙන් ලැබෙන අමතර ලාබයක්) නැහැ.

අනිත් එක මේකෙ වෙනස් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි ලබන අවුරුද්දෙ ඉඳංවත් මේක RPICS වල විතරක් ගහන්නෙ නැතුව, Home - Away format එකකට ඒ ඒ පළාත් වල ක්‍රීඩාංගන වල ගහන එක. මේපාර තරගාවලියෙදි බස්නාහිර හැර අනෙක් පළාත් වල කණ්ඩායම් වලට තමන්ගේ පළාතේ ප්‍රේක්‍ෂකයන්ගේ සහය අහිමි වෙනවා.

සංකල්ප said...

නියමයි නියමයි. එතකොට අපේ පැත්තෙන් එන්නේ බල්ලෝස් ද ?

Chanaka Aruna Munasinghe said...

හෆොයි. මේක දින නියමයක් නැතුව කල් දැම්මනෙ . දැන් බල්ලොත් නෑ බෙයාර්ස්ලත් නෑ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D